ශ්‍රී ලංකාවේ කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රවේශයන්  සවිබල ගන්වමින්  Fems මෙරට ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කරයි

0

Hemas Consumer Brands හි සමාජීය වගකීම් සහිත කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමය වන Fems, ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා සඳහා තිබෙන මුළු ඉල්ලුමෙන් 92%ක ප්‍රමාණයක් සපුරාලනු ලබන මෙරට ප්‍රධාන සනීපාරක්ෂක තුවා නිෂ්පාදක සන්නාම ත්‍රිත්වයෙන් එකක් වේ. Fems සිය නවීනතම නිෂ්පාදනාගාරය පිහිටුවීම වෙනුවෙන් සැලකිය යුතු ආයෝජනයක් සිදුකර ඇති අතර නිෂ්පාදනවල ගුණාත්මක බව වෙනුවෙන් ආනයනය කරන ලද උසස් අමු ද්‍රව්‍ය යොදාගනියි. දේශීයව නිෂ්පාදනය කරනු ලබන සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු බර අවම වන අතර ඒ තුළින්  පහසුවෙන් මිලදී ගත හැකි දැරිය හැකි මිලකට  මෙරට කාන්තාවන් වෙනුවෙන් කාන්තා  සනීපාරක්ෂක නිෂ්පාදන පිරිනැමීමට Fems වෙත හැකියාව ලැබී ඇත. එමඟින්  යහපත් සනීපාරක්ෂාව සහ  මහජන සෞඛ්‍ය මැනවින් ප්‍රවර්ධනය කෙරේ.

ශ්‍රී ලංකාවේ පවුල්වලින් 50%කට ආසන්න ප්‍රමාණයක් ‘ ඔසප් දරිද්‍රතාවයෙන්’  පෙළෙන බව මෙන්ම වයස අවුරුදු 15-47 අතර කාන්තාවන්ගෙන් 50%ක් පමණ 2016 වසරේදී සනීපාරක්ෂක තුවා සඳහා මුදල් වියදම් කර නොමැති බව 2016 වසරේදී සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. Fems විසින් 2021 වසරෙහි ජූනි මාසයේදී අඩුම මිලකට උසස් තත්වයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයක් වන ‘Fems AYA’ නිෂ්පාදනය හඳුන්වාදෙන ලද්දේ මේ සඳහා විසඳුමක් ලෙසිනි.

සනීපාරක්ෂක තුවා  සඳහා පහසු ප්‍රවේශයක් නොමැති වීම ශ්‍රී ලංකාවේ කාලීන ගැටලුවක් වී ඇති බව අවබෝධ කරගනිමින් නිතිපතා සනීපාරක්ෂක තුවා භාවිතා නොකරන මෙරට කාන්තාවන්ගෙන් 70%ක් අතර චර්යාත්මක වෙනසක් ඇති කිරීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීමට Fems  දැවැන්ත උත්සහයක නිරත වී තිබේ. ඔසප් වීම සහ කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සඳහා Fems විසින් කටයුතු කර ඇති අතර මෙරට නිවාස 300,000කට වඩා අධික සංඛ්‍යාවක් වෙත කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන දැරිය හැකි පහසු මිලකට ලබාදෙමින්  ශ්‍රී ලාංකික කාන්තාවන් සහ ගැහැණු ළමුන් විශාල ප්‍රමාණයක්  Fems විසින් සවිබල ගන්වා ඇත.කුඩා වියේ පටන්ම සනීපාරක්ෂක තුවා භාවිතා කිරීමේ පුරුද්දක් මෙරට ගැහැණු ළමුන් තුළ ඇති කිරීම සඳහා සනීපාරක්ෂක තුවා බෙදාහරින ඒකක Fems විසින් උපාය මාර්ගිකව දිවයින පුරා පාසල්,කාර්යාල සහ ආපනශාලා ඇතුළු ස්ථාන 75ක ස්ථාපිත කර තිබේ.  මීට අමතරව, Fems විසින් දිවයින පුරා පාසල් 160කට අධික සංඛ්‍යාවක් ආවරණය කරමින් කාන්තා සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ  පවත්වා තිබෙන අතර කාන්තා  සනීපාරක්ෂාව පිළිබඳව කාන්තාවන් 250,000කට වැඩි පිරිසක් දැනුවත් කර ඇත.

යහපත් ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිළිබඳව පවතින අවම දැනුවත්භාවය ශ්‍රී ලංකාවේ කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ ඇති ප්‍රධාන ගැටලුවක් වන අතර ඒ කෙරෙහි ප්‍රධාන වශයෙන් සමාජයේ මුල් බැසගෙන ඇති විවිධ සෘණාත්මක මත හේතු වී තිබේ.Fems එම පැරණි සෘණාත්මක අදහස් බැහැර  කරමින් ඔසප් වීම පිළිබඳව කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන්   පිරිමි පාර්ශවය සතු භූමිකාව ඉස්මතු කර  විවෘත අදහසක් සමාජය තුළ ගොඩනගා තිබේ. සිය රූපවාහිනී වෙළෙඳ දැන්වීම් තුළදී ඔසප් රුධිරය රතු පැහැයෙන් දැක්වීමේ නිර්භීත පියවර ගත් පළමු සන්නාමය බවට පත්වෙමින් Fems  ඔසප් වීම පිළිබඳ දැනුවත් කිරීමට මෙන්ම මෙම  සංවාදය සාමාන්‍යකරණය කිරීමට නැවත නැවතත් උත්සාහ කර තිබේ.

ජීවිතයේ කුමන අංශයක දී වුවද කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දීමට හා නැගී සිටීමට සියලුම කාන්තාවන්ට සහය වීම, සවිබල ගැන්වීම හා හඳුනා ගැනීම අරමුණු කරගනිමින් Fems විසින් 2023 මැයි මාසයේ දී ‘H.E.R. පදනම” ස්ථාපිත කළ අතර එමඟින් කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ අධ්‍යාපනය සහ දැනුවත් කිරීම් ඉහළ නංවමින් කාන්තාවන් සවිබල ගැන්වීමත්, අනාගත කාන්තා සහ ගැහැනු ළමුන්ගේ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමටත් දිරි ගන්වයි. මෙම පදනම තුළින් දිගු කලක් පුරා පවතින ඔසප් දරිද්‍රතාවය මැඬලීමට  දායකත්වය සැපයීමටත්, කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ අවබෝධය  සහ දැනුවත්භාවය ඉහළ නැංවීම මඟින් අනාගත‍යේදී කාන්තාවන්  සහ ගැහැණු ළමයින් ඔවුන්ගේ පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට අභිප්‍රේරණය කිරීමටත් ප්‍රතිඥා දී ඇත. ඔසප් වීම පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමට සමගාමීව, මෙරට සියලුම කාන්තාවන් සහ ගැහැණු ළමයින්ට කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන දැරිය හැකි මිලකට පහසුවෙන්  මිලදී ගත හැකි අනාගතයක් නිර්මාණය කිරීම සඳහා Fems  සෞඛ්‍ය බලධාරීන් සමඟද  සමීපව කටයුතු කිරීමට  අපේක්ෂා කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *