ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ  අනාගතය සවිබල ගන්වන අදානි සමාගමේ මන්නාරම ව්‍යාපෘතිය

0

2050 වසර වන විට  ශ්‍රී  ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 100%ක් පුනර්ජනනීය බලශක්තිය හරහා සපුරාලීම පිළිබඳ වන අනාගත අභිලාෂයන්  සාක්ෂාත් කිරීම සඳහා දායකත්වය සැපයීමේ අපේක්ෂාවෙන් දියත් කරන අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ යෝජිත  මන්නාරම ව්‍යාපෘතිය මෙරට බලශක්ති ක්ෂේත්‍රය තුළ ධනාත්මක වෙනසක් සිදු කරනු ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේදී පාරිසරික තිරසාරභාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය විද්වත් උපදෙස් සහ දත්ත වාර්තාවන් අනුගමනය කිරීමට ද කටයුතු කර තිබේ.එහෙත් මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වැළක්වීමේ කිසියම්  පටු අවශ්‍යතාවක් මුල් කරගනිමින්  යෝජිත මෙගාවොට් 250ක මන්නාරම් සුළං ව්‍යාපෘතියට එරෙහිව ප්‍රචන්ඩකාරී ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතී. එබැවින් එම ප්‍රතිරෝධී බලවේගයන් විසින් ඉදිරිපත් කරන මතයන්හි නිරවද්‍යතාවය පිළිබඳ නැවත වරක් විමසා බැලීම ඉතා වැදගත් වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ස්ථානය තෝරා ගැනීමේදී  පක්ෂී සංක්‍රමණික මාර්ගයන් සහ අනෙකුත් පාරිසරික සංවේදි ස්ථාන වැනි තීරණාත්මක සාධක පිළිබඳ වඩාත් සුපරික්ෂාකාරීව අවධානය යොමු කර තිබේ. ඒ අනුව ටර්බයින ස්ථාපිත කිරීමේදී පරිසර හානිය අවම වන පරිදි එය සිදු කිරීමට පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘතිය පිළිබඳ තක්සේරු කිරීමේදී මෙවැනි ව්‍යාපෘති සඳහා ලොව ප්‍රචලිත නාමයක් දරන විද්වතෙකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා සහ පරිසර විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දේවක වීරකෝන් මහතාගේ නායකත්වය සහිතව පක්ෂීන් සහ වවුලන් අධ්‍යයනය ඇතුළු පාරිසරික බලපෑම් තක්සේරුව (EIA) ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) විසින් සිදු කර තිබේ. එමෙන්ම මෙහිදී  The Ceylon Bird Club (CBC), The Field Ornithology Group of Sri Lanka (FOGSL) සහ Ramsar විසින් වසරක් පුරා සිදුකරන ලද අධ්‍යයන සහ දත්ත පත්‍රිකා කෙරෙහි ද ප්‍රබල අවධානයක් යොමු කර ඇත . මෙම පාරිසරික බලපෑම් තක්සේරුව (EIA) පාරිසරික වශයෙන් සිදුවිය හැකි බලපෑම අවම කරගනිමින් සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා මඟ පෙන්වයි.

නවීන තාක්ෂණය අනුසාරයෙන් ව්‍යාපෘතියෙහි පාරිසරික බලපෑම අවම කිරීම සඳහා මෙන්ම ව්‍යාපෘතිය නිවැරැදි කාලයට හා අයවැයට අනුකූලව සිදු කිරීම වෙනුවෙන් ද අදානි  ග්‍රීන් එනර්ජි සමාගම විසින් සැලසුම් කර තිබේ . දිවයිනේ ප්‍රථම වරට 5.2 MW ප්‍රබල වෙරළ සුළං ටර්බයින උත්පාදක යන්ත්‍ර මේ සඳහා භාවිතා කර ඇති අතර එමඟින් අවම බලයකින් ඉහළ  ප්‍රතිඵලයක්  ළඟාකර දෙයි. එමෙන්ම AI තාක්ෂණයෙන් බලගැන්වෙන  රේඩාර් පද්ධතියක්ද මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන අතර එමඟින් පක්ෂී රංචු බහුලව පැමිණෙන කාල හඳුනාගනිමින් ටර්බයින ස්වයංක්‍රීයව වසා දමනු ලැබේ. එමෙන්ම පක්ෂීන් ගැටීමේ අවධානම තවදුරටත් අවම කිරීමේ අරමුණින් අඩු තල භ්‍රමණ වේගයක් සහිත උස ටර්බයින මේ සඳහා තෝරාගෙන තිබෙන අතර ධ්වනි හා දෘශ්‍ය ප්‍රතිරෝධකලවල අග තීන්ත ආලේප කිරීම වැනි උපක්‍රම  ස්ථාපනය  කිරීම ඔස්සේ පක්ෂීන් ටර්බයින වෙත පියාසර කිරීම වැළක්වීමටත් මෙහිදී  පියවර ගනු ලැබේ.

මෙම ව්‍යාපෘතියට අමතරව  වාසස්ථාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කිරීමටද අදානි  සමාගම කැපවී සිටියි. තවද, ප්‍රාදේශීය ප්‍රජාව , පාර්ශවකරුවන් සහ සංවර්ධකයන් ඉලක්ක කරගනිමින් පක්ෂීන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව වැඩසටහන් මාලාවක් දියත් කරමින් අවබෝධය වර්ධනය කිරීමට ද  අදානි  සමාගම  සැලසුම් කර ඇත.තරඟකාරී මිලක් යටතේ හරිත බලශක්තිය ලබාදෙමින් පුනර්ජනනීය බලශක්තිය හරහා ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ  අනාගතය සවිබල ගැන්වීමට මන්නාරම ව්‍යාපෘතිය තුළින්  අදානි සමාගම බලාපොරොත්තු වන අතර මෙම ව්‍යාපෘතිය දෙරට අතර සමීප ආර්ථික හා සංස්කෘතික සබඳතාවන් වර්ධනය කරන සුවිශේෂී අවස්ථාවක් වනු නිසැකය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *