උද්ධමනය 9% දක්වා ඉහළ යා හැකියි – මහ බැංකු අධිපති

0
MediaFile_20261120_071147_750

ඉදිරියේ දී මෙරට උද්ධමනය 9%ට හෝ ඊට ඉහළ හෝ ඊට ආසන්න මට්ටමක පැවතිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද(20) මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වූ අවස්ථාවේ දී යි.

” අපි 2026 මැයි මාසයේ පොලී අනුපාතය වැඩි කරන අවස්ථාවේ දී ඒ වෙලාවේ තිබුණු පුරෝකතනය තමයි උද්ධමනය 7% වගේ මට්ටමකට නැවත අඩුවෙයි කියන බලාපොරොත්තුව. නමුත් දැන් දකින පුරෝකථනය අනුව බලාපොරොත්තු වුණු ආකාරයට, විශේෂයෙන් ජාත්‍යන්තර තත්ත්වය ‍ඊට වඩා දීර්ඝ කාලයක් පැවතුනා. ඒ අවස්ථාවේ මේක කෙටි කාලීනව මේ යුධ තත්ත්වය පවතී, ඊට පසුව මේ තෙල් මිල යම් කිසි ආකාරයකට ස්ථාවර වෙයි කියලා. නමුත් ඒක මේ මෑතක් වෙනකන්ම ඉහළ  මට්ටමක පැවතුනා. ඒක නිසා උද්ධමනයත් අපි බලාපොරොත්තු වුනාට වඩා ඉහළ මට්ටමකට ගියා. මේ මාසේ, ගිය මාසෙට වඩා 8.3%. අපිට පේනවා මේ ලබන මාසේ විතර ඉදලා 9%ට හෝ ඊට ඉහළ හෝ ඊට ආසන්න මට්ටමේ මේ උද්ධමනය පවතින බවට අපේ පුරෝකථනයේ පෙන්නුම් කරනවා . “

අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *