Baby Cheramy විසින් Havelock City Mall හි පැවති ළමා දින උත්සවයේදී ‘Cheramy World’ හරහා දරුවන්ට විනෝදයෙන් ඉගෙන ගැනීමට අපූරු අත්දැකීමක් සලසා දෙන ලදී
ඔක්තෝබර් 1 සිට 4 දක්වා Havelock City Mall හි පැවති ළමා දින සැමරුමේ ‘Kids Land 2026’ හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරමින්, Baby Cheramy විසින් ඩිජිටල් ‘Cheramy World’ අත්දැකීම සැබෑ ලෝකයට රැගෙන එන ලදී. පරිකල්පනය, කතන්දර කීම සහ සෙල්ලම් කරමින් ඉගෙනීම යන අංගයන්ගෙන් යුතුව නිර්මාණය කළ මෙම අපූරු වැඩසටහන හරහා, දරුවන්ට සහ දෙමාපියන්ට තමන් බෙහෙවින් ප්‍රිය කරන Funtime Buddies චරිත සජීවීව හමුවීමට අවස්ථාව හිමිවිය. නව දියුණු කරන ලද Baby Cheramy Funtime Cologne නිෂ්පාදන පෙළ සමඟින් එළිදැක්වුණු ‘Cheramy World’ යනු, දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මුල්ම වතාවට දේශීයව නිර්මාණය කරන ලද අධ්‍යාපනික හා විනෝදාත්මක ලෝකයකි. මෙහි සිටින Lucky Ducky, Cuddly Bunny, Angel Fairy, Star Dust සහ Magic Mist යන ආදරණීය චරිත හරහා දරුවන්ගේ ඉගෙනුම් හා සංවර්ධන කුසලතා තවදුරටත් වර්ධනය කෙරේ.
දරුවන් සතුටින් සිටින විට වඩාත් හොඳින් ඉගෙන ගන්නා බවත්, දෙමාපියන්ට දරුවන්ගේ දෛනික කටයුතුවලදී විශ්වාසනීය සහයෝගයක් ලබා දෙන සන්නාමයක වැදගත්කමත් මෙමඟින් මනාව පෙන්නුම් කළේය. ඩිජිටල් ලෝකයෙන් ඔබ්බට යමින්, පවුල්වලට එකට එක්ව විනෝද වීමට සහ අමතක නොවන අත්දැකීම් විඳගැනීමට මෙහිදී අවස්ථාව ලැබිණි. QR Code ස්කෑන් කර, ප්‍රියතම චරිතය සමඟ කතන්දරයක් නිර්මාණය කර මුද්‍රිත පිටපතක් ලබා ගත හැකි වූ ‘My Cheramy World’ ඩිජිටල් ක්‍රීඩාව දරුවන් අතර ඉතාමත් ජනප්‍රිය විය.
මෙම අත්දැකීම තවත් අර්ථවත් කරමින් ලෝක පහකින් සමන්විත ‘A Tale of Fun & Learning in Cheramy World’ ක්‍රියාකාරකම් පොතක් ද දරුවන්ට හඳුන්වා දෙන ලදී. Che සහ Ramy සහෝදර සහෝදරියන්ගේ මඟපෙන්වීම යටතේ, දරුවෝ එක් එක් Funtime Buddy ගේ ලෝකය හරහා ගමන් කරමින් යහපත් ගුණධර්ම, සංගීතය, කණ්ඩායම් හැඟීම, භාෂාව සහ වර්ණ පිළිබඳව ඉගෙන ගත්හ. සංගීතයට අනුව හැසිරීම, කරුණාවන්ත වචන භාවිතය, ශබ්ද සමඟ සෙල්ලම් කිරීම, කණ්ඩායම් හැඟීම වර්ධනය කරන ක්‍රීඩාවල නිරත වීම සහ දේදුන්නක් වර්ණ ගැන්වීම ආදී වශයෙන් සෑම ලෝකයකම වෙනස්ම ආකාරයේ අපූරු අත්දැකීම් අඩංගු විය.
මෙම උත්සවයේදී Cuddly Bunny සහ Lucky Ducky චරිත ප්‍රධාන වේදිකාවට පැමිණ, පවුල්වල සාමාජිකයන් සමඟ සුහදව පිළිසඳරේ යෙදෙමින් ඡායාරූපවලට පෙනී සිටියහ. Kids Land වේදිකාවේ පැවති Cheramy World තේමාවෙන් යුත් ක්‍රීඩා සහ වර්ණවත් බැලූන් වැටීමේ වැඩසටහන මඟින් උත්සවයේ සතුට හා උද්යෝගය තවත් වැඩි කරන ලදී. මීට අමතරව, Digital තරඟවලින් ජයග්‍රහණය කළ අය Kids Land වෙත පැමිණ Baby Cheramy ත්‍යාග මලු සජීවීව ලබා ගැනීමත් සමඟ, Baby Cheramy හි ඩිජිටල් වැඩසටහන සැබෑ ලෝකයට ගෙන ඒමට මෙම උත්සවය සමත් විය. එමඟින් තිරය පිටුපස සිටි පවුල්වලට එම ඩිජිටල් අත්දැකීම අමතක නොවන මතකයක් බවට පත් කර ගැනීමට හැකි විය.
මෙහිදී පවුල්වලට Funtime සුවඳ විඳ බැලීමට අවස්ථාව ලැබුණු අතර, සහභාගී වූ දරුවන්ට Funtime Cologne ත්‍යාග කට්ටලයක් ද හිමිවිය. මේ හරහා පසුගිය අගෝස්තු මාසයේදී අලුත් කරන ලද සුවඳ වර්ග පෙළ පාරිභෝගිකයින්ට හඳුන්වා දෙන ලදී. Funtime චරිතවල හැඩයෙන් යුත් මෙම කොලෝන් මඟින්, දරුවන්ගේ දෛනික විනෝදයට අමතර සතුටක් එක් කළ හැකි යැයි විශ්වාස කරන Baby Cheramy හි ‘Joy Booster’ සංකල්පය මනාව පෙන්වා දෙයි. මෙම නිෂ්පාදන පෙළ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර ඇති අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉතා ආරක්ෂාකාරී ලෙස සකසා ඇත.
ශ්‍රී ලංකාවේ අංක 01 ළදරු සත්කාර සන්නාමය ලෙස, Baby Cheramy වසර ගණනාවක් පුරා දැක්වූ කැපවීම නිසා දෙමාපියන්ගේ නොබිඳෙන විශ්වාසය දිනාගෙන ඇත. එම විශ්වාසය Cheramy World වෙතද එකලෙස ලැබී ඇති අතර, දරුවන්ට ඉගෙනීමට, නිර්මාණශීලී වීමට සහ සෙල්ලම් කිරීමට එය සුරක්ෂිත මෙන්ම හුරුපුරුදු තැනක් බවට පත්ව තිබේ. Funtime Cologne නිෂ්පාදන පෙළෙහි ඇති උසස් ගුණාත්මකභාවය සහ ආරක්ෂිත බව මඟින් මෙම විශ්වාසය තවත් තහවුරු කරයි.
ඉදිරි වසර තුළ තවදුරටත් ක්‍රියාකාරකම් පොත් සහ දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩසටහන් හරහා Cheramy World ඩිජිටල් අවකාශයෙන් ඔබ්බට පුළුල් කිරීමට Baby Cheramy සැලසුම් කර ඇත. ළමා දින ක්‍රියාකාරකම් පොත පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන මෙම මුලපිරීම් හරහා, දරුවන්ට තම ප්‍රියතම චරිත සමඟ සම්බන්ධ වීමටත්, අලුත් ක්‍රමවලට ඉගෙනීමට හා සෙල්ලම් කිරීමටත් වැඩි අවස්ථා උදා වනු ඇත.
Hemas Consumer Brands පිළිබඳව
65 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.