ටොයොටා ලංකා සමාගම උතුරේ ගමනාගමන පහසුකම් ඉහළ නංවමින් ශක්තිමත් අනාගතයකට මඟ පාදයි
මෙරට ප්රමුඛතම ගමනාගමන සහ ප්රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, දිවයින පුරා සිය සේවා ජාලය ව්යාප්ත කිරීමේ තවත් වැදගත් පියවරක් තබමින් යාපනයේ සිය නවතම ශාඛාව සඳහා මුල්ගල තබන ලදී. මෙම මුල්ගල තැබීමේ උත්සවය 2026 සැප්තැම්බර් 17 වන දින යාපනය, චාවකච්චේරි, නාවට්කුලි ප්රදේශයේ දී පැවැත්විණි. මෙම නව සංවර්ධන ව්යාපෘතිය හරහා උතුරු පළාත තුළ ටොයොටා ලංකා හි සේවා පැවැත්ම තවදුරටත් ශක්තිමත් වන අතර, යාපනය සහ අවට ප්රදේශවල පාරිභෝගිකයන්ට මෙන්ම ව්යාපාර සඳහාද විශ්වාසනීය ගමනාගමන සහ අලෙවියෙන් පසු සේවාවන් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
ඉදිකිරීමට නියමිත මෙම නව ශාඛාව මඟින් නවතම ටොයොටා වාහන අලෙවිය, ටොයොටා අමතර කොටස්, වෘත්තීය මට්ටමේ වාහන නඩත්තු සේවා සහ අනතුරු අලුත්වැඩියා (Body & Paint) සේවාවන්ට අමතරව, ව්යාපාරික සහ වාණිජ පාරිභෝගිකයන් සඳහා අවශ්ය ප්රවාහන විසඳුම් රැසක් ද පිරිනමනු ඇත. මෙම සියලු සේවාවන් එකම ස්ථානයකට ගෙන ඒමෙන් උතුරු පළාතේ පාරිභෝගිකයින් වෙත පහසු සහ විශ්වාසනීය සේවා සහයක් ලබා දීමට ටොයොටා ලංකා අපේක්ෂා කරයි.
ශ්රී ලංකාවේ ටොයොටා වාහන සහ හිනෝ වාහන සඳහා වන එකම බලයලත් නියෝජිතයා ලෙස වසර 30ක විශ්වාසනීයත්වය සහ විශිෂ්ටත්වය සටහන් කර ඇති ටොයොටා ලංකා සමාගම, මෙම ව්යාප්තිය හරහා සිය සන්නාමය පාරිභෝගිකයාට තවදුරටත් සමීප කරයි. වසර ගණනාවක් පුරා හුදෙක් වාහන අලෙවියට පමණක් සීමා නොවී, දිවයින පුරා ගමනාගමන, අලෙවියෙන් පසු සේවා සහ ප්රවාහන විසඳුම් රැසක් පිරිනැමීමට ටොයොටා ලංකා කටයුතු කර ඇත.


මෙම මුල්ගල තැබීමේ උත්සවය, ටොයොටා ලංකා සභාපති Masaaki Kawabata මහතා සහ ටොයොටා ලංකා කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. මීට අමතරව රාජ්ය නිලධාරීන්, ත්රිවිධ හමුදා නියෝජිතයන්, යාපනය ප්රදේශයේ අමතර කොටස් අලෙවිකරුවන්, බැංකු සහ ලීසිං හවුල්කරුවන්, පාරිභෝගිකයන්, ව්යාපාරික හවුල්කරුවන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ. ආගමික නායකයන්ගේ ආශීර්වාද මැද පැවැති මෙම උත්සවය, යාපනයේ අනන්යතාව විදහා දක්වන සාම්ප්රදායික සංස්කෘතික අංගයන්ගෙන් ද වර්ණවත් විය.
මෙහිදී අදහස් දැක්වූ ටොයොටා ලංකා සභාපති Masaaki Kawabata මහතා, ටොයොටා ලංකා හි “Best in Town” සංකල්පය පිළිබඳව අවධානය යොමු කළේය. දියුණු ටොයොටා තාක්ෂණය, විශ්වාසනීය ප්රමිතිය සහ උසස් පාරිභෝගික අත්දැකීම යාපනයේ ජනතාව වෙත සමීප කිරීම ප්රධාන ඉලක්කය බව ඔහු පැවසීය. එමෙන්ම ප්රාදේශීය වශයෙන් සිදුකරන මෙම ව්යාප්තිය යනු හුදෙක් සේවා මධ්යස්ථාන පිහිටුවීම පමණක් නොව, එම ප්රජාවන් තුළ විශ්වාසනීය සහ සැබෑ හවුල්කරුවෙකු වීම බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


එම අදහස තවදුරටත් පැහැදිලි කරමින් ටොයොටා ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා සඳහන් කළේ, යාපනය තුළ ශක්තිමත් සේවා පදනමක් ගොඩනැගීම වසර 20කටත් වැඩි කාලයක සිට පැවැති ටොයොටා ලංකා හි දීර්ඝකාලීන අපේක්ෂාවක් වූ බවයි. යම් ප්රදේශයක සිය සේවා ස්ථාපිත කිරීම හරහා ගමනාගමන පහසුකම්, රැකියා උත්පාදනය සහ නිපුණතා වර්ධනය මඟින් එම සමස්ත ප්රජාවේම දියුණුවට දායක විය යුතු බව ටොයොටා ලංකා සමාගම විශ්වාස කරන බවත්, Toyota Lanka Auto Academy ආයතනය හරහා මෝටර් රථ ක්ෂේත්රයට පිවිසෙන තරුණ වෘත්තිකයන්ට ජාත්යන්තර ටොයොටා ප්රමිතීන්ට අනුකූලව තාක්ෂණික කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා දෙන බව ද ඔහු අවධාරණය කළේය. මෙම ආයතනය හරහා ආසියානු රටවල් නවයක තාක්ෂණික ශිල්පීන් සඳහා ද පුහුණුව ලබා දෙනු ලබන අතර, එමඟින් ශ්රී ලාංකේය තාක්ෂණික දක්ෂතාවන්ට ජාත්යන්තර මට්ටමේ පිළිගැනීමක් හිමිව තිබෙන බවද ඔහු සඳහන් කළේය.
මීට අමතරව, චාවකච්චේරිය ප්රාදේශීය සභා බලප්රදේශය වෙනුවෙන් නව මාර්ග නාමපුවරු 50ක් සකස් කොට සවිකිරීමට ද ටොයොටා ලංකා සමාගම කටයුතු කළේය. එමඟින් හුදෙක් ගමනාගමන පහසුකම් සැපයීමට පමණක් සීමා නොවී, තමන් සේවය කරන ජනතාවගේ, ප්රජා සංවර්ධනය වෙනුවෙන් සහය වීමට ද ටොයොටා ලංකා සමාගම දක්වන කැපවීම පෙන්නුම් කෙරේ.
පක්ෂපාතීත්වය (Loyalty), අවංකභාවය (Integrity), සාධාරණත්වය (Fairness) සහ සදාචාරය (Ethics) යන මූලධර්මවලින් සමන්විත ‘Toyota LIFE’ සංකල්පය මත ටොයොටා ලංකා හි සංවර්ධන ගමන් මඟ පදනම් වී ඇති අතර, විශ්වාසනීයත්වය, දිගුකාලීන පාරිභෝගික සබඳතා සහ අලෙවියෙන් පසු සේවාවන් කෙරෙහි දක්වන ඉහළ අවධානය සමඟින්, වැඩි පිරිසක් වෙත විශ්වාසනීය ගමනාගමන සහ ප්රවාහන විසඳුම් සමීප කිරීමට මෙම මූලධර්මයන් මහඟු පිටිවහලක් සපයයි.
දකුණේ සිට උතුරටත්, නැගෙනහිර සිට බටහිරටත් දිවයින පුරා සිය සේවා ජාලය ව්යාප්ත කිරීමට, ටොයොටා ලංකා සමාගම කටයුතු කරන්නේ එකම පැහැදිලි අරමුණක් ඇතිවය. එනම්, පාරිභෝගිකයන් කොතැන සිටියත් ඔවුන්ට ආසන්නයෙන් හිඳිමින්, උසස්ම මට්ටමේ සේවාවක් සහ සහයක් ලබා දීමයි. යාපනයේ ඉදිකිරීමට නියමිත මෙම ශාඛාව යනු, එම සාර්ථක ගමන් මඟෙහි තවත් වැදගත් පියවරක් වන අතර, උතුරේ ජනතාව සමඟ ගොඩනැඟෙන ශක්තිමත් සබඳතාවයක ආරම්භයයි.