චීන සංචාරකයින්ගේ 10%ක වැඩිවීමක්. 2026 සංචාරක පැමිණීම දාහත්ලක්ෂ පනස්දහස ඉක්මවයි

0
weeklyReportOctober1-11-2A

සංචාරක පැමිණීම් සම්බන්ධයෙන් නවතම දත්ත වාර්තා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති අතර ඊට අනුව 2026 ඔක්තෝබර් 11 දින වන විට මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,751,019ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඔක්තෝබරයේ මුල් දින 11 තුළ සංචාරකයින් 57,340කගේ පැමිණීමත් සමඟ මෙලෙස දාහත්ලක්ෂ පනස්දහසේ සීමාව සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට මේ වන විට හැකි වී තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ නිල දත්ත වාර්තාවලට අනුව 2026 මුල් මාස 09 තුළ දී පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව වන 1,693,679, පසුගිය 2025 වසරේ මුල් මාස 09 තුළ පැමිණි 1,725,494ක් වූ සංචාරකයින් සංඛ්‍යාවට වඩා 1.8%ක අඩු වීමකි.

කෙසේවෙතත් මෙම වකවානුව තුළ දී මෙරටට පැමිණි ඉන්දීය සංචාරකයින්ගේ ප්‍රමාණය 2025 සමාලෝචිත කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 375,292 සිට 437,414ක් දක්වා 16.6%කින් වර්ධනය වී ඇති අතර චීන සංචාරකයින් ප්‍රමාණය 101,590 සිට 112,550ක් දක්වා 10.8%කින් වැඩි වී ඇත. 2026 ඔක්තෝබර් මුල් දින 10 තුළ පැමිණි සංචාරකයින්ගෙන් 39%ක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එහි දෙවන තැනට චීනය පැමිණ ඇත්තේ 8%ක සංචාරකයින් ප්‍රමාණයක් පැමිණීමත් සමඟිනි.

අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *