දේශීය ඩොලර් බැඳුම්කර නිකුතුවකට මුදල් අමාත්යාංශය සැරසෙයි
මුදල්, ක්රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්යාංශය යටතේ ඇති රාජ්ය ණ්ය කළමනාකරණ කාර්යාලය විසින් දේශීය ඩොලර් බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබේ.
වසර 1,2 සහ 3 යනාදී ලෙසින් පරිණත කාල තුනක් යටතේ මෙම නිකුතුව සිදුකිරීමට නියමිත අතර එහිදී ඩොලර් මිලියන 100ක් සම්පාදනය කර ගැනීමට සැලසුම් කර ඇත.
2026 ඔක්තෝබර් 19 සිට ඔක්තෝබර් 23 දක්වා කාලසීමාව තුළ මෙම ඩොලර් බැඳුම්කර නිකුතුව සඳහා ඉල්ලුම් කළ හැකි අතර අවම ආයෝජනය ඩොලර් 10,000ක් වේ.
මෙම ඩොලර් බැඳුම්කර නිකුතුව සඳහා දායකත්වය සැපයිය හැකි පාර්ශව පිළිබඳ නිර්ණායක ඇතුළු වැඩි විස්තර කිහිපයක් පහතින් දැක්වේ.

අද දෙරණ