මෙවර ආර්ථික සමුළුව හරහා ඩොලර් බිලියනයක සෘජු විදෙස් ආයෝජන ගෙන්වා ගැනීමේ සැලැස්මක්
ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026 ඊයේ (12) ආරම්භ වූ අතර එය අද (13) දිනයේ දීද කොළඹ දී පැවැත්වේ.
ඊයේ සන්ධ්‍යාවේ පැවති ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026 සමාරම්භක අවස්ථාවේ පිළිගැනීමේ කතාව සිදුකරමින් ලංකා වානිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසුවේ, ඉදිරි වසරවලදී ඇමරිකානු ඩොලර් බිලියනයක් ඉක්මවා විදේශ සෘජු ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව යන ගමනට යම් සහයෝගයක් වේ යැයි තමන් තරයේ විශ්වාස කරන බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව ඊයේ ආරම්භ වූ අතර, සමුළුව අමතමින් වානිජ මණ්ඩල සභාපතිවරයා පැවසුවේ, ලෝකයේ විවිධ රටවලින් විදේශීය ආයෝජකයින් 60 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව 800කට අධික පිරිසක් මෙවර සමුළුව සඳහා එක්වන බවයි.
ලංකා වානිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා, ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026 අමතමින් කළ පිළිගැනීමේ කතාව පහතින් දැක්වේ.
සුභ සන්ධ්‍යාවක්
අපගේ ගෞරවනීය ප්‍රධාන ආරාධිත අමුත්තාවන ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමණි,
දේශීය හා විදේශීය සම්පත්දායක මහත්ම මහත්මියණි,
නෝනාවරුනි මහත්වරුනි – සුභ සන්ධ්‍යාවක්
අපගේ ආරාධනය පිළිගෙන, අපගේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම මොහොතට සපැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ලංකා වාණිජ මණ්ඩලය වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් පිලිගැනීමට කැමතියි.
විශේෂයෙන්ම අද දිනයේ ඔබතුමා සමග අපගේ උපසභාපති බිගුමාල් තෙවරාතන්ත්‍රි මහතා කරනු ලබන සාකච්ජාවට සවන් දීමට අප සියලු දෙනා මහත් අපේක්ෂාවෙන් බලාසිටිනවා. මෙම සමුළුව සදහා ලෝකයේ විවිධ රටවලින් විදේශීය ආයෝජකයින් 60 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව 800+ කට අධික පිරිසක් සහභාගී වේ.
එමෙන්ම, අපගේ ප්‍රධාන දේශක, ඉන්දියාවේ Reliance Consumer Products Ltd හි ප්‍රධාන විධායක නිලධාරි, ටි. ක්‍රිෂ්ණකුමාර් මහතාත් මේ අවස්ථාවට ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා.
අද දින ආරම්භ වූ මෙම සමුළුව, ඉදිරි වසරවලදී ඇමරිකානු ඩොලර් බිලියනයක් ඉක්මවා විදේශ සෘජු ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව යන ගමනට යම් සහයෝගයක් වේ යැයි අපි තරයේ විශ්වාස කරනවා.
ගරු ජනාධිපතිතුමනි, නැවතත්, මෙම සන්ධ්‍යාවේ මෙම සමුළුව වර්ණවත් කිරීම සදහා ඔබගේ පැමිණීම පිළිබඳව අපි අපගේ අවංක ස්තුතිය පිරිනමන අතර ඔබගේ සංවාදයට සවන්දීමට මහත් අපේක්ෂාවෙන් බලාසිටිනවා.
Dear KK, we are truly privileged to have you with us as our Keynote Speaker this evening. We sincerely thank you for your interest in Sri Lanka and for your continued support in helping Sri Lankan brands access and grow within the Indian market. Your experience and insights into fostering cross-border business partnerships are particularly valuable at a time when economic cooperation between our nations is gaining unprecedented momentum. We look forward to your address on the theme of our Summit and to the perspectives you will share with us today.
As we look ahead to the remainder of this year and 2027, the economic outlook presents renewed opportunities for growth, investment, and regional collaboration. Sri Lanka’s ongoing economic recovery, coupled with continued reforms and growing investor confidence, creates a strong platform to attract quality investments, expand trade, and strengthen our integration into regional value chains.
Earlier today, we were pleased to host the investment component of our Summit, featuring a series of productive B2B engagements between Sri Lankan and Indian businesses. We are encouraged by the enthusiasm and interest demonstrated by participants and remain hopeful that these discussions will translate into meaningful trade partnerships, investment ventures, and long-term business collaborations between our two countries.
As business leaders, our collective priority must be to move beyond recovery towards sustained competitiveness, innovation, and investment-led growth. Forums such as today’s Summit play an important role in building the partnerships, confidence, and connectivity needed to realize that vision.
I would also like to extend our gratitude to all delegates, sponsors, partners, and Chamber members whose support and engagement have made this Summit possible. We look forward to building on the connections and opportunities created today and translating our discussions into tangible business outcomes in the months ahead. Your Excellency, once again, we extend our sincere appreciation for your presence this evening.
Thank you all for being part of this important journey.
අද දෙරණ