Zirateh, සිය ප්‍රථම SLIM Digis සම්මාන උළෙලේදී මෝටර් රථ ක්ෂේත්රයේ වැඩිම සම්මාන දිනූ ඒජන්සිය බවට පත්වෙයි
සිය ප්‍රථම SLIM Digis තරගාවලි නියෝජනයෙන්ම සම්මාන තුනක් දිනා ගැනීමට Zirateh සමත් වූ අතර, එමඟින් මෝටර් රථ කාණ්ඩය යටතේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් ඒජන්සිය බවට පත් විය. රිදී, ලෝකඩ සහ අවසන් වටයේ ඇගයීම් ඇතුළත් මෙම ජයග්‍රහණය, සමාගමේ ව්‍යාපාරික ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර ශ්‍රී ලංකාවේ මෝටර් රථ අලෙවිකරණ ක්ෂේත්රය තුළ එහි පවතින වර්ධනය වන පැවැත්ම මනාව පිළිබිඹු කරයි.

මෙම ඇගයීම හරහා, දැඩි තරගකාරීත්වයක් සහ නිරන්තර වෙනස්වීම් සහිත ක්ෂේත්රයක් තුළ Zirateh සමාගම දක්වන දක්ෂතාව මනාව පැහැදිලි වේ. Jetour, UFS Lanka සහ Tata PV වෙනුවෙන් සිදුකළ ප්‍රචාරණ ව්‍යාපෘති සඳහා Zirateh සමාගමේ දායකත්වය පිළිබඳව බොහෝ පිරිසක් නොදැන සිටියද, පාරිභෝගිකයින් රැසක් එම නිර්මාණ අන්තර්ජාලය ඔස්සේ මේ වන විටත් නරඹා තිබෙන්නට පුළුවන. මෙම SLIM Digis ඇගයීම මඟින් එම නිහඬ මෙහෙවර ඇගයීමට ලක්කිරීමට කදිම වේදිකාවක් නිර්මාණය වී ඇත.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Zirateh සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දමිත සේනාරත්න මහතා මෙසේ පැවසීය. “අපගේ ප්‍රථම SLIM Digis නියෝජනයෙන්ම සම්මාන තුනක් දිනා ගැනීමට ලැබීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්. වසර ගණනාවක් පුරා මෝටර් රථ ක්ෂේත්රය තුළ අප ගොඩනඟාගත් අත්දැකීම් සමඟින් කළ නිර්මාණ රැසක් පාරිභෝගිකයින් අන්තර්ජාලය ඔස්සේ දැක තිබුණත්, එහි පිටුපස සිටියේ Zirateh සමාගම බව බොහෝ දෙනෙක් දැන සිටියේ නැහැ. මෙම සම්මාන හරහා එම නිර්මාණ සහ ඊට දායක වූ පිරිස අගය කිරීමට අපට අවස්ථාව ලැබුණා. ඉදිරියටත් සමාජ මාධ්‍ය හරහා තවත් බොහෝ සන්නාමයන්ට ප්‍රායෝගික ව්‍යාපාරික සාර්ථකත්වයක් අත්කර දීමට සහාය වීමට අප සූදානම්.”
පසුගිය වසර හත පුරාවට Zirateh සමාගම ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු ජාත්‍යන්තර වෙළඳපොළවල් රැසක පාරිභෝගිකයින් සමඟ කටයුතු කර ඇත. මෝටර් රථ ක්ෂේත්රයේ ඔවුන්ගේ අත්දැකීම් අතර Jetour, IM Motors, XPENG LK, TATA PV, Dongfeng Sri Lanka, Perodua, Forthing Sri Lanka, Euro Motors (JAC Double Cabs), Wheels Lanka වැනි ප්රමුඛ පෙළේ නියෝජිතයන් සහ ආයතන රැසක් ඇතුළත් වේ. මීට අමතරව PickMe, Uber, Timekeeper Global, Emerald, Signature, DIMO, Diamond Best Foods වැනි විවිධ ක්ෂේත්රයන්හි ප්රමුඛ සන්නාම සමඟ ද කටයුතු කර තිබීමෙන් ඔවුන්ගේ ක්ෂේත්‍ර අත්දැකීම් මනාව පැහැදිලි වේ.
සිය සන්නාමවල ඩිජිටල් පැවැත්ම ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන අලෙවිකරණ කළමනාකරුවන්ට සහ ව්‍යාපාරික නායකයන්ට, Zirateh සමාගම ක්ෂේත්‍ර අත්දැකීම් සමඟින් මැනිය හැකි සාර්ථකත්වයක් ලබා දෙන විධිමත් වැඩපිළිවෙලක් තිලිණ කරයි. එහිදී දින 90ක් ඇතුළත මිලියනයක ස්වාභාවික නැරඹීම් වාර (Organic Views) ලබා දීමට සමාගම වගකීමෙන් බැඳී සිටින අතර, එම ඉලක්කය සපුරාලන තෙක් නොමිලේ සේවය ලබා දීමට ද සූදානම්ය. මෙමඟින් ස්වාභාවික සමාජ මාධ්‍ය ප්‍රචාරණය හරහා සන්නාම පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමටත්, අලෙවිය ඉහළ නැංවීමටත් සමාගම දක්වන කැපවීම පෙන්නුම් කරයි.
Zirateh සමාගමේ මෙම සම්මානනීය ආරම්භය, සමාජ මාධ්‍ය අලෙවිකරණ ක්ෂේත්රයේ ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම සහ ඩිජිටල් මාධ්‍ය පිළිබඳ වූ අවධානය සැබෑ ව්‍යාපාරික සාර්ථකත්වයක් බවට පරිවර්තනය කිරීමට දක්වන දක්ෂතාවයට කදිම සාක්ෂියකි. ජාත්‍යන්තර අත්දැකීම් සහ මෝටර් රථ ක්ෂේත්රයේ පවතින ඉහළ පළපුරුද්ද සමඟින්, සිය ඩිජිටල් අලෙවිකරණ කටයුතු ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන අනෙකුත් සන්නාම සමඟ ද එක්ව කටයුතු කරමින් ඉදිරියටම යාම Zirateh සමාගමේ අරමුණයි.

Zirateh සමාගම සහ එහි සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.zirateh.com වෙබ් අඩවියට පිවිසෙන්න, නැතහොත් 077-268-9752 අංකයට ඇමතුමක් ලබා දෙන්න.
අවසන්