2026 දී රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 6 ඉක්මවයි

0
Dollars-2

2026 වසරේ ජනවාරි – අගොස්තු මාස 08ක කාලපරිච්ඡේදය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්, එක්සත් ජනපද ඩොලර් බිලියන 6 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව 2026 පළමු මාස 08 දී මෙම අගය ඩොලර් මිලියන 6,131ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2025 වසරේ පළමු මාස 08 දී වාර්තා වී තිබුණු ඩොලර් මිලියන 5,116ක ප්‍රේෂණ ලැබීම් හා සැසඳීමේ දී 19.8%ක කැපීපෙනෙන වර්ධනයක් වේ.

2026 අගෝස්තු මාසයේ දී ඩොලර් මිලියන 748.6ක ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණයක් වාර්තා වීමත් සමඟ මෙලෙස 2026 මේ දක්වා වූ ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය ඩොලර් බිලියන 6 සීමාව ඉක්මවීමට සමත්ව තිබේ.

උපුටා ගැනීම: අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *