ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ගමනේ මීළඟ පියවර තබමින් Orion City විසින් Orion Tower II එළිදක්වයි

0
OC T II openning (1) (1)

වසර විස්සකට ආසන්න කාලයක් පුරා Orion City හි ප්‍රධාන අරමුණ වූයේ හුදෙක් කාර්යාල පරිශ්‍රයන් ගොඩනැගීම පමණක් නොවේ. ඒ වෙනුවට, විවිධ ආයතන සහ ව්‍යාපාරවලට නවෝත්පාදනයන් සිදු කිරීමට, සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට සහ වර්ධනය වීමට හැකි සක්‍රීය ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට Orion City නිරන්තරයෙන් කටයුතු කළේය.

එහි තවත් ඉදිරි පියවරක් තබමින්, Orion City හි විශාලතම වාණිජ කාර්යාල සංකීර්ණ ව්‍යාපෘතියක් වන Orion Tower II එළිදැක්වීම පිළිබඳව Orion City ආයතනය අද දින අභිමානයෙන් යුතුව නිවේදනය කරයි. මෙහි ඉදි කිරීම් කටයුතු 2026 අගෝස්තු මාසයේදී ආරම්භ කර ඇති අතර, 2029 ජනවාරි මාසය වන විට එහි වැඩකටයුතු අවසන් කිරීමට ඉලක්ක කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමකාමී ව්‍යාපාරික මධ්‍යස්ථානය බවට පත්වීමේ Orion City හි දිගුකාලීන අරමුණේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම ආයෝජනය හැඳින්විය හැක. 

Orion City හි දැනට සිටින ව්‍යාපාරික ප්‍රජාවගේ වර්ධනය වන අවශ්‍යතාවලට සහ ජාත්‍යන්තර තලයේ වාණිජ කාර්යාල පරිශ්‍ර සඳහා වන ඉල්ලුමට සරිලන ලෙස මෙම Orion Tower II ඉදිකෙරේ. මෙහි අතිනවීන පහසුකම් සහිත ‘Grade A’ කාර්යාල පරිශ්‍ර වර්ග අඩි 300,000ක පමණ ප්‍රමාණයකින් සමන්විත වන අතර, එමඟින් ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම Orion City හි සමස්ත ව්‍යාපාරික පරිසරය තවදුරටත් ශක්තිමත් කිරීමට ද උපකාරී වනු ඇත.    

ලෝකප්‍රකට සිංගප්පූරුවේ DP Architects සමාගම සැලසුම් කළ මෙම නව ගොඩනැගිල්ල Orion Tower I සමඟ සෘජුවම සම්බන්ධ වන අතර, එමඟින් වර්ග අඩි 36,000ක විශාල ඒකාබද්ධ බිම් ප්‍රමාණයක් නිර්මාණය වේ. කොළඹ නගරයේ අංශක 180ක පුළුල් දර්ශනයක්, පහසුවෙන් කාර්යාල ඉඩකඩ සකසා ගත හැකි මැද කුළුණු රහිත බිම් ප්‍රමාණයන් මෙන්ම පරිසර හිතකාමී ජාත්‍යන්තර ප්‍රමිතීන් තහවුරු කරන LEED Platinum සහතිකය ලබාගැනීමේ ඉලක්කය සහිතව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ. 

Orion City හි ප්‍රධාන අභිප්‍රාය වී ඇත්තේ සෑම විටම කාර්යාල ගොඩනැගිලි ඉදි කිරීමටත් එහා ගිය කාර්යභාරයකි. ව්‍යාපාර, ජනතාව සහ සමාජය එකට එක්ව ඉදිරියට යන සේවා පරිසරයක් තුළ අනාගත වැඩබිම නිර්මාණය වන බව අපි විශ්වාස කරමු.

වසර ගණනාවක් පුරා Orion City, දෛනික සේවා ස්ථාන අත්දැකීම ඉහළ නංවන පහසුකම් සහ සේවාවන් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කර ඇත. ඒ අනුව වර්තමානය වන විට, උසස් කාර්යාල යටිතල පහසුකම්, නම්‍යශීලී සේවා අවකාශයන්, ළමා සුරකුම් මධ්‍යස්ථාන, විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානයක්, උසස් මට්ටමේ භෝජනාගාර, ව්‍යායාම සහ සෞඛ්‍ය පහසුකම්, ආගන්තුක සත්කාර සේවාවන්, සිල්ලර වෙළඳසැල් සහ වෘත්තීයමය ලෙස කළමනාකරණය කරන පොදු පරිශ්‍රයන් ඇතුළු බොහෝ දේ මෙම පද්ධතියට ඇතුළත් වේ. මෙමඟින් ආයතන මෙන්ම ඒවායේ සේවකයන් ද සවිබල ගන්වන ජීවන අත්දැකීම් රැසක් සපයයි. 

Orion Tower II යනු Orion City හි අනාගත දැක්මේ ස්වාභාවික ප්‍රගතිය සහ විකාශනයයි. උසස් ප්‍රමිතියෙන් යුතු වාණිජ කාර්යාල පරිශ්‍ර ලබා දීමෙන් ඔබ්බට යමින්, Orion City හි සමස්ත ව්‍යාපාරික පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, එහි සේවය කරන ව්‍යාපාරිකයන්ට සහ සේවකයන්ට හිමිවන පහසුකම්, සේවාවන් මෙන්ම අත්දැකීම් තවදුරටත් පුළුල් කිරීමටත් මෙම ව්‍යාපෘතිය මග පාදයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Orion Development (Pvt) Ltd හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මිලින්ද වික්‍රමරත්න මහතා සඳහන් කළේ, “ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ ව්‍යාපාරික මධ්‍යස්ථානය බවට පත්වීමේ Orion City හි දීර්ඝකාලීන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස Orion Tower II හැඳින්විය හැකියි. මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ අනාගතය කෙරෙහි අප තබා ඇති විශ්වාසය මෙන්ම, ව්‍යාපාරික වර්ධනයට මග පාදන, ආයෝජන ආකර්ෂණය කරගන්නා සහ අපගේ පාර්ශවකරුවන්ට අගයක් එකතු කරන ජාත්‍යන්තර මට්ටමේ වාණිජ යටිතල පහසුකම් ලබා දීමට අප සතු කැපවීම මනාව පිළිඹිඹු වෙනවා,” යනුවෙනි.

තවදුරටත් මේ පිළිබඳව අදහස් දක්වමින් Orion Development (Pvt) Ltd හි අලෙවිකරණ ප්‍රධානී සුධීර බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ, “Orion Tower II යනු හුදෙක් තවත් එක් කාර්යාල ගොඩනැගිල්ලක් පමණක් නොවේ. එය ව්‍යාපාරවලට නවෝත්පාදනයන් සිදු කිරීමට, එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කිරීමට සහ වර්ධනය වීමට හැකි ඒකාබද්ධ ව්‍යාපාරික පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ Orion City හි මීළඟ පියවරයි. සේවා ස්ථාන අත්දැකීම ඉහළ නංවන අතරම, නවෝත්පාදනයේ ශ්‍රී ලාංකේය කේන්ද්‍රස්ථානය ලෙස Orion City සතු ස්ථානය තහවුරු වන පරිදි මෙම ව්‍යාපෘතියේ සෑම අංශයක්ම ඉතා සියුම් ලෙස සැලසුම් කර තිබෙනවා,” යනුවෙනි.

Orion Tower II හරහා, Orion City වසර විස්සකට ආසන්න කාලයක් පුරා ලබා ඇති සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යන අතර, ජාත්‍යන්තර මට්ටමේ යටිතල පහසුකම්, පාරිසරික සුරක්ෂිතතාව, තාක්ෂණය සහ ආගන්තුක සත්කාරය මුසු කරමින් අනාගත වාණිජ පරිශ්‍රයන් සඳහා වන නවතම ප්‍රමිතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු කරයි.

මෙම ව්‍යාපෘතිය Orion City හි දීර්ඝකාලීන ව්‍යාපාර පුළුල් කිරීමේ උපායමාර්ගයේ ඊළඟ අදියර නියෝජනය කරයි. බහුජාතික සමාගම්, දේශීය ව්‍යාපාර, ව්‍යවසායකයින් ඇතුළු සමස්ත ව්‍යාපාරික ප්‍රජාවට ජාත්‍යන්තර මට්ටමේ වාණිජ යටිතල පහසුකම් සපයමින්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අනාගතය සකස් කිරීමට Orion City සතු කැපවීම මෙමඟින් තවදුරටත් තහවුරු වේ. 


Orion City පිළිබඳව

වසර 20කට ආසන්න කාලයක් පුරා Orion City යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ ව්‍යාපාරික මධ්‍යස්ථානයකි. දේශීය සහ බහුජාතික සමාගම් 100කට අධික ප්‍රමාණයකට ඉඩපහසුකම් සලසන මෙය, වෘත්තිකයන් 10,000කට වැඩි පිරිසකට සෙවන සපයන අතර වර්ග අඩි මිලියනයකට අධික වාණිජ ඉඩප්‍රමාණයකින් සමන්විත වේ.

හුදෙක් වාණිජ කාර්යාල සංකීර්ණයකට එහා යමින්, Orion City උසස් මට්ටමේ ‘Grade A’ කාර්යාල පරිශ්‍ර, සේවා සපයන කාර්යාල, ආගන්තුක සත්කාර, සිල්ලර වෙළඳසැල්, සෞඛ්‍ය පහසුකම් සහ නවීන ජීවන රටාවන්ගෙන් සමන්විත සක්‍රීය ව්‍යාපාරික පරිසරයක් බවට පත්ව ඇත.

කොළඹ 09 පිහිටි Orion City පරිශ්‍රය සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වීම, කොළඹ 03 හි ‘OC by Orion City’ සාර්ථක ලෙස හඳුන්වා දීම, Orion Tower II ඉදිවීම මෙන්ම මහනුවර වෙත ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට සැලසුම් කර තිබීම යන කරුණු හරහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ ව්‍යාපාරික මධ්‍යස්ථාන ජාලයක් නිර්මාණය කිරීමේ තම අරමුණ Orion City තවදුරටත් සවිමත් කරමින් සිටියි.

Orion City

නවෝත්පාදනයේ ශ්‍රී ලාංකේය කේන්ද්‍රස්ථානය

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *