ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීම වෙනුවෙන් Hikvision Sri Lanka ආයතනය FITIS ක්‍රිකට් තරඟාවලියට අනුග්‍රහය දක්වයි

0
Image 01 (48)

Hikvision Sri Lanka ආයතනය විසින් තාක්ෂණයෙන් ඔබ්බට ගමන් කර ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් අතර සබඳතාවන් සවිමත් කිරීම සඳහා වන සිය කැපවීම නැවත වරක් තහවුරු කරමින්, පසුගිය දා සාර්ථකව නිමාවට පත් වූ FITIS ක්‍රිකට් තරඟාවලිය සඳහා සිය අනුග්‍රාහකත්වය පිරිනමන ලදී. සුහදශීලී තරඟකාරීත්වයක් සඳහා ශ්‍රී ලංකාවේ තාක්ෂණික සහ ආරක්ෂක ක්ෂේත්‍රයන්හි නියැලී සිටින වෘත්තිකයන් රැසක් ඒකරාශි කරමින් ඔවුන් අතර අන්‍යෝන්‍ය සබඳතාවය සහ සහෝදරත්වය ගොඩනැංවීම මෙම  තරඟාවලියේ අරමුණ විය.

මෙම තරඟාවලිය මඟින් පද්ධති ඒකාබද්ධ කරන්නන් (system integrators), බෙදාහැරීමේ හවුල්කරුවන් (channel partners), තාක්ෂණික සැපයුම්කරුවන්, ආයතනික පාර්ශවකරුවන් සහ ක්ෂේත්‍රයේ සියලුම වෘත්තිකයන්ට නිල නොවන මට්ටමින් එකිනෙකා සමඟ සම්බන්ධ වීමට මනා අවස්ථාවක් හිමි විය. මෙරට ආරක්ෂක සහ තොරතුරු මෙන්ම සන්නිවේදන තාක්ෂණ (ICT) ක්ෂේත්‍රයේ ඉදිරි වර්ධනය උදෙසා පවතින සබඳතා තවදුරටත් පුළුල්  කිරීම සඳහා මෙය කදිම පිටිවහලක් විය.

මේ පිළිබඳව අදහස් දක්වමින්  Hikvision Sri Lanka ආයතනයේ අධ්‍යක්ෂ සහ මෙරට කළමනාකරු වන යසන්ත හෙන්නායක මහතා මෙසේ සඳහන් කළේය. ” ශක්තිමත් කර්මාන්තයක් ගොඩනැගෙන්නේ ශක්තිමත් සබඳතා මත බව Hikvision ආයතනය විදිහට අපි විශ්වාස කරනවා.වෘත්තීය පරිසරයෙන් ඔබ්බට ගොස් අපගේ හවුල්කරුවන්, පාරිභෝගිකයින් සහ ක්ෂේත්‍රයේ සියලුම දෙනා එකට එක් කරන කදිම අවස්ථාවක් වූ FITIS ක්‍රිකට් තරඟාවලිය සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. මෙවැනි අවස්ථාවන්  මඟින් කණ්ඩායම් හැඟීම සහ වෘත්තීය සබඳතා ශක්තිමත් වන අතරම, ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයට දායක වන අර්ථවත් සම්බන්ධතාවයන් ද ගොඩනැගෙනවා. අපගේ සියලුම පාර්ශවකරුවන්ට දිගුකාලීන වටිනාකමක් එකතු කරමින් ක්ෂේත්‍රයේ සියලු දෙනා සාමුහික කරන මෙවැනි මුලපිරීම් සඳහා සහයෝගය දැක්වීමට අපි නිරන්තරයෙන් කැප වී සිටිනවා.”

අර්ථවත් හවුල්කාරිත්වයන් ව්‍යාපාරික ගනුදෙනුවලට පමණක් සීමා නොවිය යුතු බව, බුද්ධිමත් ආරක්ෂක පද්ධති සහ AIoT (Artificial Intelligence of Things) විසඳුම් සපයන ලොව ප්‍රමුඛතම සන්නාමයක් ලෙස Hikvision ආයතනය  දැඩිව විශ්වාස කරයි. FITIS ක්‍රිකට් තරඟාවලිය වැනි වැඩසටහන් සඳහා අනුග්‍රහය දැක්වීම තුළින් ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව වර්ධනය කරමින් සබඳතා ශක්තිමත් කිරීමට සහ දැනුම බෙදාහදා ගැනීමට අවස්ථාවන් සැලසෙන බැවින් එවැනි අවස්ථාවන් වෙනුවෙන් සමාගම අඛණ්ඩව ආයෝජනය කිරීමට බලාපොරොත්තු වේ.

සහභාගී වූ කණ්ඩායම් තරඟාවලිය පුරාම විශිෂ්ට ක්‍රීඩාශීලීත්වයක් සහ අධිෂ්ඨානයක් ප්‍රදර්ශනය කළ අතර, සියලුදෙනා එක්ව ක්‍රීඩා පිටියේ ජයග්‍රහණ පමණක් නොව, ක්ෂේත්‍රය පුරා ගොඩනැගී ඇති දිගුකාලීන සබඳතාවන් ද  සැමරූහ. එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමට, නව සබඳතා ඇති කර ගැනීමට සහ ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ අනාගතය නිර්මාණය කරන එකමුතු හැඟීම තවදුරටත් තහවුරු කිරීමට කදිම පරිසරයක් මෙම අවස්ථාව ඔස්සේ නිර්මාණය කළේය.

Hikvision ආයතනයේ මෙම අනුග්‍රාහකත්වය  මඟින් හවුල්කාර වැඩසටහන් , තාක්ෂණික පුහුණුවීම්, අධ්‍යාපනික මුලපිරීම් සහ ප්‍රජා සත්කාරක ක්‍රියාකාරකම් හරහා ක්ෂේත්‍රයේ අඛණ්ඩ සංවර්ධනයට සහය වීමේ පුළුල් කැපවීම ඉස්මතු කරයි. සමාගමේ ප්‍රමුඛ පෙළේ බුද්ධිමත් ආරක්ෂක විසඳුම් පෙළ මෙම දායකත්වයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කරන අතර, දිගුකාලීන වටිනාකමක් එක් කිරීම වෙනුවෙන්  කැප වූ විශ්වසනීය  තාක්ෂණික හවුල්කරුවෙකු ලෙස එහි ප්‍රමුඛස්ථානය තහවුරු කරයි.

Hikvision  ආයතනය ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාප්තිය අඛණ්ඩව පුළුල් කිරීමට අපේක්ෂා කරන බැවින්, නවෝත්පාදනයට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට විහිදුණු  මුලපිරීම් හරහා දිගුකාලීන  හවුල්කාරිත්වයන් ගොඩනැගීම පිළිබඳව  නිරන්තරයෙන් සිය අවධානය යොමු කරයි.  Hikvision ආයතනය ගෝලීය මට්ටමේ තාක්ෂණය සැපයීම ඔස්සේ පමණක් නොව, සහයෝගීතාව, අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ පොදු සාර්ථකත්වය ප්‍රවර්ධනය කරන මෙවැනි අවස්ථාවන්ට සිය සහය ලබාදීම ඔස්සේ එහි අනාගතය මෙහෙයවන මිනිසුන් සහ හවුල්කාරිත්වයන් සවිබල ගැන්වීම මත ද පදනම් වෙමින් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා ඉමහත් කැපවීමෙන් කටයුතු කරන  බව අඛණ්ඩව සනාථ කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *