DIMO Mega Fiesta Kurunegala 2026 සාර්ථකව පැවැත්වෙයි
DIMO Mega Fiesta Kurunegala 2026 වැඩසටහන පසුගියදා DIMO කුරුණෑගල ශාඛා පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි. දින පහක් පුරා ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන කුරුණෑගල හා ඒ අවට ප්‍රදේශවල Tata වෙළඳ වාහන හිමියන් සහ ක්‍රියාකරුවන් 400කට අධික පිරිසක් එක්රැස් කරමින් ඔවුන්ගේ වාහන වල කාර්යක්ෂමතාව සහ දිගුකාලීන ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සංවිධානය කෙරිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ හා කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් වන කුරුණෑගල දිස්ත්‍රික්කය, ප්‍රවාහන, ලොජිස්ටික්ස්, ඉදිකිරීම් සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රවල නියැළී සිටින Tata වෙළඳ වාහන පාරිභෝගිකයින් විශාල සංඛ්‍යාවක් සිටින ප්‍රදේශයක් වන බැවින් මෙම වැඩසටහන සඳහා තෝරා ගන්නා ලදී. මෙම වැඩසටහන හරහා පාරිභෝගිකයින්ට DIMO හි අලෙවියෙන් පසු සේවා විශේෂඥතාව පහසුවෙන් ලබා ගැනීමට මෙන්ම කලාපීය Tata වෙළඳ වාහන ප්‍රජාව සමඟ සිය සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට ද අවස්ථාව සැලසිණි.
මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් DIMO හි Automotive Engineering Solutions අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ පැවසීය.”බොහෝ වෙළඳ වාහන හිමියන්ට ඔවුන්ගේ වාහනය ප්‍රවාහන මාධ්‍යයක් පමණක් නොවේ, ඔවුන්ගේ ජීවනෝපාය ද වනවා. ඒ නිසාම DIMO Mega Fiesta සැලසුම් කළේ තාක්ෂණික උපදෙස්, ජෙනුයින් අමතර කොටස්, මූල්‍ය විසඳුම් සහ සෞඛ්‍යය හා සුබසාධන වැඩසටහන් ඇතුළු සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකි පුළුල් ව්‍යාපෘතියක් ලෙසයි. පාරිභෝගිකයාගේ රථ හිමිකාරිත්ව ගමන පුරාවටම විශ්වාසනීය සහකරුවෙකු ලෙස රැඳී සිටීමේ අපගේ කැපවීම මෙම වැඩසටහනෙන් පිළිබිඹු වෙනවා.”
මෙම වැඩසටහන තුළදී Tata Motors හි පුහුණුව ලත් තාක්ෂණික නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ නොමිලේ සම්පූර්ණ වාහන පරීක්ෂාවන් සිදුකර විස්තරාත්මක තාක්ෂණික වාර්තා පාරිභෝගිකයින් වෙත ලබා දෙන ලදී. එමඟින් වාහන වල ඇති විය හැකි ගැටලු හඳුනාගෙන, නඩත්තු සහ අලුත්වැඩියා සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට ඔවුන්ට හැකි විය. මීට අමතරව එන්ජින් ඔයිල්, බ්‍රේක් ඔයිල් සහ කූලන්ට් නොමිලේ පිරවීමේ සේවාවන් මෙන්ම Tata ජෙනුයින් අමතර කොටස් සඳහා 50%ක් දක්වා විශේෂ වට්ටම් ද පාරිභෝගිකයින්ට හිමි විය.
මෙම පරීක්ෂණවල දී එන්ජින් ආශ්‍රිත දෝෂ, ඩීසල් පොම්ප ආශ්‍රිත අලුත්වැඩියා අවශ්‍යතා සහ සාමාන්‍ය නඩත්තු කටයුතු වඩාත් අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු ලෙස හඳුනා ගන්නා ලදී. තාක්ෂණික උපදේශන හරහා නියමිත වේලාවට නඩත්තු කටයුතු සිදුකිරීමේ වැදගත්කම සහ Tata ජෙනුයින් අමතර කොටස් භාවිතයෙන් වාහනවල ආයු කාලය හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කරගත හැකි ආකාරය පිළිබඳව ද පාරිභෝගිකයින් දැනුවත් කරන ලදී.
අලෙවියෙන් පසු සේවාවන්ට අමතරව, DIMO Retail සහ Tata මගී හා වෙළඳ වාහන ප්‍රදර්ශන ද මෙම වැඩසටහනේ විශේෂ අංගයක් විය. එසේම බැංකු, ලීසිං සහ රක්ෂණ ආයතන එක්ව විශේෂ ප්‍රවර්ධන සහ මූල්‍ය උපදේශන සේවාවන් ද ලබා දෙන ලදී. තවද පුද්ගලයින් 235 දෙනෙකුට නොමිලේ අක්ෂි පරීක්ෂාවන් සිදු කෙරුණු අතර පැළ බෙදාදීමේ අවස්ථාවක් ද සංවිධානය කර තිබුණි. මේ හරහා පාරිභෝගික සුබසාධනය, ප්‍රජා සබඳතා සහ පරිසර හිතකාමීත්වය පිළිබඳ DIMO හි කැපවීම තවදුරටත් තහවුරු විය.
මෙවැනි වැඩසටහන් හරහා DIMO, ශ්‍රී ලංකාව පුරා ප්‍රජාවන්ගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට කටයුතු කරමින්, විශ්වාසනීය ගමනාගමන විසඳුම්, උසස් අලෙවියෙන් පසු සේවාවන් සහ වටිනා පාරිභෝගික අත්දැකීම් අඛණ්ඩව ලබාදෙමින් සිටියි.