360 Skin Clinic සහ 360 Aesthetics විසින් ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය හිමිකර ගනී
360 Skin Clinic සහ 360 Aesthetics ආයතන පසුගිය දා ISO 9001:2015 / SLS ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය, සර්වකළ්‍යාණ (wellness) සහ සම වෙනුවෙන් සිදුකරන සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස ඔවුන් සතු ස්ථානය, සායනික විශිෂ්ටත්වය සහ නවෝත්පාදන සේවා සැපයීම යන අංශයන් ඔස්සේ හිමි කර ගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය තුළින් තවදුරටත් තහවුරු වේ.
360 Wellness Centre (Pvt) Ltd ජාත්‍යන්තරව පිළිගත් ISO 9001:2015 ප්‍රමිතීන්ට අනුකූලව තම තත්ත්ව කළමනාකරණ පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පිරිනමන ලද මෙම අනුකූලතා සහතිකය මඟින් සනාථ කර තිබේ. මෙය ආයතනයක ගුණාත්මකභාවය සහ අඛණ්ඩ දියුණුව වෙනුවෙන් පිරිනමනු ලබන ඉහළම අන්තර්ජාතික ඇගයීමකි.
Dr. Cherry ලෙස ජනාදරයට පත් ප්‍රකට රූපලාවන්‍ය සහ සෞන්දර්ය වෛද්‍යවරියක වන වෛද්‍ය සාරා ෆාසි විසින් ආරම්භ කරන ලද ‘360’ සන්නාමය, වෛද්‍ය විශේෂඥතාව සමඟ අභිරුචිකරණය කළ සත්කාර, නවීන තාක්‍ෂණය සහ පාරිභෝගික යහපැවැත්ම වෙනුවෙන් දක්වන ලද කැපවීම වෙනුවෙන් ඉහළ විශ්වාසයක් සහ පිළිගැනීමක් දිනා ගෙන සිටී. වසර ගණනාවක් පුරා සදාචාරාත්මක වෛද්‍ය පිළිවෙත්, නව්‍යකරණය සහ විශ්වසනීය ප්‍රතිඵල කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් මෙම සායනය සිය සේවාවන් පුළුල් කර තිබේ.
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් 360 Skin Clinic සහ 360 Aesthetics ආයතනයන්හි නිර්මාතෘ වෛද්‍ය සාරා ෆාසි මහත්මිය මෙසේ සඳහන් කළේය. “මෙම සහතිකය දිනා ගැනීම අපගේ මුළු කණ්ඩායමටම ඉමහත් ආඩම්බරයක් පිරිනමන අවස්ථාවක්. එමෙන්ම අපි දිනපතා අපගේ සේවාවන් තුළ පවත්වා ගැනීමට උත්සාහ කරන උසස් ප්‍රමිතීන් මෙයින් මැනවින් පිළිබිඹු වෙනවා. ගුණාත්මක සත්කාරය, රෝගී ආරක්ෂාව සහ වෘත්තීය විශිෂ්ටත්වය සැමවිටම අපගේ මූලික දැක්මයි. ISO 9001:2015 සහතිකය හිමිවීම, අප කෙරෙහි විශ්වාසය තබන සෑම පාරිභෝගිකයෙකු වෙනුවෙන්ම අන්තර්ජාතික මට්ටමේ සේවාවක් සැපයීමට අප සතු කැපවීම සනාථ කරයි.”

මෙම ජයග්‍රහණය 360 Skin Clinic සහ 360 Aesthetics හි නව පරිච්ඡේදයක් සනිටුහන් කරන අතර ඒ ඔස්සේ පිරිනමන සියලුම ප්‍රතිකාරයන්, වෛද්‍ය උපදේශනයන් සහ පාරිභෝගික සේවාවන් ජාත්‍යන්තරව පිළිගත්, ආරක්ෂිත සහ කාර්යක්ෂම ක්‍රියාවලියකට අනුව සිදුවන බව සහතික කරයි.
ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (ISO) විසින් සකස් කරන ලද ගෝලීය වශයෙන් පිළිගත් රාමුවක් වන ISO 9001:2015 මඟින් ආයතනයක මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට, ස්ථාවර සේවා ගුණාත්මකභාවයක් පවත්වා ගැනීමට සහ පාරිභෝගික අත්දැකීම් අඛණ්ඩව වැඩිදියුණු කිරීමට ව්‍යුහගත ආකෘතියක් සපයයි.
වැඩිදුරටත් අදහස් එක් කරමින් වෛද්‍ය සාරා මෙසේ ප්‍රකාශ කළාය. “රූපලාවන්‍ය සහ සර්වකල්‍යාණ (wellness) සත්කාරයන් වගකීම, නිරවද්‍යතාවය සහ සහකම්පනය මූලික කරගනිමින් සිදුකළ යුතු බව 360 Skin Clinic සහ 360 Aesthetics ආයතනය තුළ අප දැඩිව විශ්වාස කරනවා. මෙම සුවිශේෂී සන්ධිස්ථානය ශ්‍රී ලංකාවේ සෞන්දර්ය
වෛද්‍ය විද්‍යාව සහ සර්වකල්‍යාණ සත්කාර (wellness ) ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීමට අපව දිරිමත් කරනවා.”
360 Skin Clinic සහ 360 Aesthetics ආයතනය සතු විශ්වසනීය සහ උසස් තත්ත්වයේ සේවාවන් සැපයීමේ හැකියාව, ශක්තිමත් තත්ත්ව පාලන පද්ධති, අභ්‍යන්තර ක්‍රියාවලීන්හි අඛණ්ඩ දියුණුව, විනිවිදභාවය, වගවීම, වෘත්තීයභාවය මෙන්ම පාරිභෝගික ආරක්ෂාව සහ තෘප්තිය කෙරෙහි දක්වන ප්‍රමුඛතාවය මෙම සහතිකකරණය ඔස්සේ මැනවින් ඉස්මතු වේ.
වෛද්‍ය සහ රූපලාවන්‍ය සමේ සත්කාර, හිසකෙස් සත්කාර, සෞන්දර්ය උපදේශන, මුහුණේ සත්කාර (facials), රූපලාවන්‍ය ක්‍රියා පටිපාටි, නිය සත්කාර, ශල්‍යමය නොවන බාහිර පෙනුම වැඩිදියුණු කිරීම් සහ හිසකෙස් බද්ධ කිරීමේ සේවාවන් (hair transplantation) ඇතුළු පුළුල් අංශ රැසක් මෙම සහතිකය මඟින් ආවරණය කරයි.
මෙම පිළිගැනීම තුළින් පාරිභෝගිකයන් වෙත අමතර විශ්වාසයක් පිරිනමන අතර, දියුණු තාක්ෂණය සහ නවීන ක්‍රමවේද භාවිතා කරමින් පුහුණු වෘත්තිකයන් විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිය සත්කාර සිදුකරන බව එමඟින් තහවුරු කරනු ලබයි.
360 Skin Clinic ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය, සෞඛ්‍ය සම්පන්න බව සහ ස්වයං සත්කාරය (self-care) නව මානයකට ඔසවා තැබීමේ මෙහෙවර කෙරෙහි සිය අවධානය යොමු කළේය. අනාගතය පිළිබඳ පැහැදිලි අවබෝධයක් සහිත සංකල්පයක් ඔස්සේ ඇරඹි මෙම ආයතනය, අද වන විට පාරිභෝගිකයන්ට ඔවුන්ගේ හොඳම පෙනුම සහ නිරෝගීභාවය ළඟා කර දීම සඳහා කැප වූ විශේෂඥ කණ්ඩායමකගේ සහාය සමඟින් විශ්වාසනීය සන්නාමයක් බවට පත්ව ඇත.
සෑම පුද්ගලයෙකුගේම සමේ සත්කාර සහ සෞඛ්‍ය ඉලක්කයන්ට ගැළපෙන පරිදි සකස් කරන ලද ප්‍රතිකාර සැලසුම් සැකසීම සඳහා සවිස්තරාත්මක උපදේශන සහ ඇගයීම් සිදු කිරීම සම්බන්ධයෙන් 360 Skin Clinic ඉහළ පාරිභෝගිකයන් අතර සුප්‍රසිද්ධ වී තිබේ. ක්ෂේත්‍රයේ පෙරමුණෙහි රැදෙමින් නවීනතම තාක්ෂණය සහ සාක්ෂි මත පදනම් වූ (evidence-based) ප්‍රතිකාරයන් තවදුරටත් පාරිභෝගිකයා වෙත සැපයීම වෙනුවෙන් වෛද්‍ය සෞන්දර්ය කණ්ඩායම නිරන්තර ආයෝජනයන් සිදු කරයි.
මෙම ISO 9001:2015 / SLS ISO 9001:2015 තත්ත්ව සහතිකය ලබා ගැනීමත් සමඟ පාරිභෝගිකයන්ට ඉහළම විශ්වාසයකින් තෝරාගත හැකි ඉහළම සත්කාර සහ විශ්වාසදායක ප්‍රතිඵල පිරිනමන ආයතනයන් ලෙස 360 Skin Clinic සහ 360 Aesthetics සිය පොරොන්දුව තවදුරටත් සවිමත් කරයි.
