ශ්‍රී ලංකාවේ බැංකුවක් දිනාගත් වැඩිම ෆයිනෑන්ස් ඒෂියා සම්මාන සංඛ්‍යාව සමඟින් කොමර්ෂල් බැංකුව ඉතිහාසගත වෙයි

0
COMB-FinanceAsia-Awards-2026

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ තම අසමසම නායකත්වය හා විශිෂ්ටත්වය යළි තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව 2026 ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කර ඇති අතර, බැංකුකරණයේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක තවත් ගෞරවනීය සම්මාන හයක්ද දිනාගෙන තිබේ. මෙය ශ්‍රී ලංකාවේ බැංකුවක් විසින් එක වර ලබාගත් වැඩිම ෆයිනෑන්ස් ඒෂියා සම්මාන සංඛ්‍යාව වේ.

මෙරට හොඳම බැංකුව ලෙස නම් කිරීමත් සමඟ, කොමර්ෂල් බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම බැංකුව, තාක්ෂණය භාවිතයේ හොඳම බැංකුව, හොඳම ඉස්ලාමීය මූල්‍ය ආයතනය, හොඳම තිරසර බැංකුව, හොඳම පුද්ගලික අංශයේ බැංකුව සහ හොඳම පාරිභෝගික බැංකුව යන සම්මාන ද හිමිකරගෙන ඇත. මෙම සම්මාන සමූහය මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රධාන අංශ රැසක් තුළ බැංකුවේ නායකත්වය පැහැදිලි කරයි.

“ෆයිනෑන්ස් ඒෂියා සම්මාන වැනි ගෝලීය වශයෙන් ගෞරවයට ලක්වන සම්මාන වැඩසටහන්වලින් ලැබෙන පිළිගැනීම, කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛ ආයතන අතර අපගේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින් මූල්‍ය ශක්තිය, නව්‍යකරණය, පාරිභෝගික සේවාව සහ තිරසරභාවය යන ක්ෂේත්‍රවල අපගේ කාර්යසාධනයද තහවුරු කරයි,” යැයි කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසීය.

“මෙම ජයග්‍රහණය කොටස්කරුවන්ගේ විශ්වාසය තවදුරටත් ඉහළ නංවන අතර, බැංකු සේවාවන්හි විවිධ අංශ හරහා අඛණ්ඩව වටිනාකමක් ලබාදීමට බැංකුවට ඇති හැකියාව පිළිබඳ පාරිභෝගික විශ්වාසයද තවදුරටත් ශක්තිමත් කරයි,” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2026 ජූනි 24 වැනිදා හොංකොංහි පැවති සම්මාන උළෙලේදී, කොමර්ෂල් බැංකුව වෙනුවෙන් සහකාර සාමාන්‍යාධිකාරී – සේවා චින්තක ධර්මසේන මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – තොරතුරු තාක්ෂණ (මෙහෙයුම්) ක්‍රිෂාන් ගමගේ මහතා මෙම සම්මාන පිළිගනු ලැබුවේය.

ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්‍යාවක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

සේයාරු සටහන: නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – තොරතුරු තාක්ෂණ (මෙහෙයුම්) ක්‍රිෂාන් ගමගේ මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරී – සේවා චින්තක ධර්මසේන මහතා කොමර්ෂල් බැංකුව වෙනුවෙන් ෆයිනෑන්ස් ඒෂියා සම්මාන පිළිගැනීම.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *