යුරෝපීය ක්‍රිප්ටෝ වෙළෙඳපොළ නව නියාමන ප්‍රතිසංස්කරණයකට ලක් වෙද්දී, MiCAR නීති මාලාව යටතේ Bybit EU සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි
අවසර නොලත් ක්‍රිප්ටෝ හුවමාරු මධ්‍යස්ථාන යුරෝපා සංගමය තුළ තම මෙහෙයුම් කටයුතු නවතා දමද්දී, මිලියන 10කට ආසන්න පරිශීලකයන් පිරිසක් අවිනිශ්චිත කාලසීමාවකට මුහුණ දෙති
යුරෝපයේ ‘ක්‍රිප්ටෝ වත්කම් වෙළෙඳපොළ නියාමනය’ (Markets in Crypto-Assets Regulation – MiCAR) යටතේ නව නීතිවලට හැඩගැසීම සඳහා ලබා දී තිබු කාලසීමාව 2026 ජූලි 1 වෙනිදායින් අවසන් විය. මේ නීතිය පූර්ණ ලෙස බලාත්මක වීමට පෙරම, අවශ්‍ය නියාමන අනුමැතිය ලබා ගැනීමට සමත් වූ ක්‍රිප්ටෝ හුවමාරු මධ්‍යස්ථාන කිහිපය අතරට Bybit EU GmbH සමාගම ද ඇතුළත් වේ. ඔවුන් ඔස්ට්‍රියාවේ මූල්‍ය වෙළෙඳපොළ අධිකාරියෙන් (Financial Market Authority – FMA) මේ සඳහා වන බලපත්‍රය ලබාගෙන දැනට වසරකට ආසන්න කාලයක් ගත වී ඇත.
සමස්ත යුරෝපීය ආර්ථික කලාපය (EEA) පුරාම නව නීතිවලට හැඩගැසීම සඳහා ලබා දී තිබූ කාලය ජූලි 1 වෙනිදායින් අවසන් විය. මෙතැන් සිට, නිල අවසරයක් නොමැති ක්‍රිප්ටෝ වත්කම් සේවා සපයන්නන්, යුරෝපීය සුරැකුම්පත් සහ වෙළෙඳපොළ අධිකාරියේ (ESMA) මාර්ගෝපදේශවලට අනුව තම ව්‍යාපාරික කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතුය. ලොව ප්‍රධාන පෙළේ ක්‍රිප්ටෝ හුවමාරු මධ්‍යස්ථාන කිහිපයකටම නියමිත වේලාවට MiCAR අනුමැතිය ලබා ගැනීමට නොහැකි වූ අතර, ඒ හේතුවෙන් ඔවුන්ට යුරෝපා සංගම් වෙළෙඳපොළෙන් ඉවත් වීමට හෝ සීමාවන් පැනවීමට සිදුව ඇත. මේ නිසා මිලියන 10කට ආසන්න පරිශීලකයන් පිරිසක් දැඩි අවිනිශ්චිතතාවයකට පත්ව සිටිති.
MiCAR මඟින් පනවා ඇති කොන්දේසි
MiCAR නීති මාලාව මඟින් යුරෝපීය ආර්ථික කලාපය තුළ ක්‍රියාත්මක වන සියලුම ක්‍රිප්ටෝ වත්කම් සේවා සපයන්නන් වෙනුවෙන් පොදු සහ ඒකාබද්ධ රාමුවක් සකස් කර ඇත. නිල අනුමැතිය ලබා ගැනීම සඳහා, අදාළ සමාගම් සතුව ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබිය යුතුය, ස්වාධීන පාලන සහ ආරක්ෂණ ප්‍රමිතීන් පෙන්විය යුතුය, වගේම පිළිගත් ජාතික නියාමකයෙකු විසින් සහතික කරන ලද පාරිභෝගික ආරක්ෂණ වගකීම්වලට අනුකූල විය යුතුය. Bybit EU සමාගම ලබාගෙන ඇති බලපත්‍රය හරහා පාරිභෝගිකයන් වෙනුවෙන් ක්‍රිප්ටෝ වත්කම් සුරක්ෂිතව තබා ගැනීම, හුවමාරු කිරීම, පවරා දීම සහ ස්ථාපිත කිරීමේ පූර්ණ අනුමැතිය හිමි වේ.
ක්‍රියාත්මක නොවීමේ අවදානම
පාරිභෝගික ආරක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ, මෙවැනි වේදිකා නව නීතිවලට මාරු වන අවස්ථාවල දී පරිශීලකයන් දක්වන උදාසීනත්වය විශාල අවදානමක් විය හැකි බවයි. අවසර නොලත් ක්‍රිප්ටෝ ආයතන තම මෙහෙයුම් නවතා දමන විට, පරිශීලකයන්ට තමන්ගේ මුදල් හෝ වත්කම් ක්‍රමවත්ව ඉල්ලා අස්කර ගැනීමට ලැබෙන කාලය ඉතා සීමිතය. මෙලෙස බලපත්‍ර නොමැති ආයතනවල මෙහෙයුම් අඩාල වුවහොත්, එහිදී පාරිභෝගිකයන්ට නීතිමය වශයෙන් සහන ලබා ගැනීමට ඇති අවස්ථා ද ඉතා අවම වේ.
Bybit හි වත්මන් තත්ත්වය
Bybit EU සමාගම මේ සමස්ත වෙනස්වන කාලසීමාව පුරාවටම කිසිදු බාධාවකින් තොරව සිය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත් විය.
“පරිශීලකයන් දැන් වෙනදාට වඩා විශ්වාස කරන්නේ පැහැදිලි බව, අඛණ්ඩ සේවාව සහ දිගුකාලීන නීතිමය සූදානම තියෙන ක්‍රිප්ටෝ වේදිකාවන්. Bybit EU ආයතනය අපි ගොඩනැඟුවේම අන්න ඒ වගේ සුරක්ෂිත අනාගතයකට ශක්තිමත් අත්වැලක් වෙන්නයි.” යනුවෙන් Bybit EU හි ප්‍රධාන විධායක නිලධාරී Mazurka Zeng මහත්මිය පැවසුවාය.
ජූලි 1 වෙනිදායින් අවසන් වූ මේ නව නීතිවලට හැඩගැසීමේ කාලසීමාව, ගෝලීය ක්‍රිප්ටෝ වෙළෙඳපොළේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. පරිශීලකයන් තමන්ට ගැළපෙන ක්‍රිප්ටෝ වේදිකාවන් තෝරා ගැනීමේ දී, අදාළ ආයතනයේ නියාමන විනිවිදභාවය කොතරම් දුරට වැදගත් කරුණක්ද යන්න මෙයින් මැනවින් ඔප්පු වේ.
මෙම ලිපිය තොරතුරු දැනගැනීම සඳහා පමණක් සපයන්නකි. ක්‍රිප්ටෝ වත්කම් වේදිකාවන් හෝ ආයෝජන පිළිබඳව කිසිදු තීරණයක් ගැනීමට පෙර, තමන් විසින්ම ස්වාධීන පර්යේෂණ සිදු කරන ලෙස පාඨකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ක්‍රිප්ටෝ වත්කම්වල ආයෝජනය කිරීම ඉහළ මූල්‍ය අවදානමකට යටත් වේ..