‘බදු ශක්ති‘ ජාතික බදු සතිය ජූලි 06 ඇරඹෙයි

0
Tax-Week

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආදායම් රැස්කිරීමේ කාර්යයේ නිරත ප්‍රධාන දෙපාර්තමේන්තු ත්‍රිත්වය සමග එක්ව, ‘බදු ශක්ති‘ නමින් ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

2026 ජූලි 06 වෙනිදා සිට 2026 ජූලි 10 වන දින දක්වා මූලික වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇත.

මෙම ජාතික බදු සතියට අදාළ සමාරම්භක උත්සවය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ජූලි 06 දින ජනාධිපති ලේකම් කාර්යාලේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

බදුකරණය සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින සෘණාත්මක ආකල්පය ධනාත්මක ආකල්පයක් දක්වා පරිවර්තනය කිරීම තුළින් ස්වෙච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් රට තුළ බිහිකිරීම සඳහා මූලික අරමුණ ඇතුව මෙම බදු සතිය ක්‍රියාත්මක කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ අසිත මුණසිංහ මහතා පැවසීය. අද (30) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *