ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර අති දැවැන්තම නිවාස ව්‍යාපෘති දියත් කිරීමේ උළෙල සමඟින් Home Lands සමූහය ‘Central Park Boulevard Port City Colombo’ නිල වශයෙන් එළිදැක්වීමට සූදානම් වෙයි
සුපිරි බොලිවුඩ් තරු සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ‘Central Park Boulevard Port City Colombo’ අභිමානවත් ලෙස එළිදැක්වීමට නියමිතයි
ඉන්දීය සාගරයේ නවතම ආශ්චර්යය ලෙස සැලකෙන ‘Central Park Boulevard Port City Colombo’ ව්‍යාපෘතිය නිල වශයෙන් එළිදක්වමින්, ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් සහ සංවර්ධන ඉතිහාසයේ දැවැන්තම දියත් කිරීමේ උළෙල සනිටුහන් කිරීමට Home Lands සමූහය සූදානම් වේ. “The Grand Launch Weekend” ලෙස නම් කර ඇති මෙම උත්සව මාලාව, 2026 ජූනි 12 සිට 14 දක්වා ‘Cinnamon Life at City of Dreams’ හි ‘Lumina’ උත්සව ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මෙම සුවිශේෂී සති අන්තය 2026 ජූනි 12 වැනි සිකුරාදා දින පැවැත්වෙන “The Night of Emeralds” සමාරම්භක උත්සවයෙන් ආරම්භ වන අතර, එහිදී ‘Central Park Boulevard Port City Colombo’ ව්‍යාපෘතිය නිල වශයෙන් එළිදැක්වීමට නියමිත ය. අති උත්කර්ෂවත් මෙම සමාරම්භක රාත්‍රිය සඳහා මෙරට සහ විදේශයන්හි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන්, කලාකරුවන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද ඇතුළු සුවිශේෂී ආරාධිතයන් රැසක් සමඟින් සුප්‍රකට බොලිවුඩ් තරු ද සහභාගී වීමට නියමිතය. ජූනි 13 සෙනසුරාදා දින උදෑසන, සන්ධ්‍යා සහ රාත්‍රී භෝජන සංග්‍රහයන්ගෙන් සමන්විත විශේෂ හමුවීම් මාලාවකින් ද, ජූනි 14 ඉරිදා දින “The Boulevard Evening” විශේෂ රාත්‍රියෙන් ද මෙම උත්කර්ෂවත් උත්සව මාලාව සමන්විත වේ. මෙමඟින් පැමිණෙන අමුත්තන්ට ව්‍යාපෘතිය පිළිබඳව වඩාත් සමීපව අධ්‍යයනය කිරීමටත්, ඉතා සුහදශීලී වටපිටාවක Home Lands කණ්ඩායම සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත් අවස්ථාව සැලසේ. මෙම ව්‍යාපෘතියේ සුවිසල් බව, වටිනාකම සේම වැදගත්කම ද මනාව පිළිබිඹු කරමින්, මෙම එළිදැක්වීම හුදෙක් ව්‍යාපෘතියක් හඳුන්වා දීමකට පමණක් සීමා නොවී, ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවන සුවිසල්ම නිවාස ව්‍යාපෘතියට ගැළපෙන ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සියල්ල සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාවේ මෙවැනි, අහස සිසාරා විහිදෙන මහල් නිවාස ව්‍යාපෘතියක්, ලොව සුප්‍රකට සුඛෝපභෝගී ජීවන රටා සන්නාමයක ආභාෂය ද නිමවන පළමු අවස්ථාව මෙය වන අතර, එමඟින් මෙරට සුඛෝපභෝගී ජීවන රටාව නව මානයකට ඔසවා තැබෙනු ඇත. Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතිය ජාත්‍යන්තර තලයේ අතිසුඛෝපභෝගී පහසුකම් සහ ඉහළ වටිනාකම් රැසකින් සමන්විත වේ. කොළඹ වරාය නගරයේ ‘Central Park District’ කලාපයේ පිහිටි තට්ටු 37කින් යුත් මෙම ද්විත්ව කුළුණු නිවාස සංකීර්ණය කොළඹ වරාය නගරයේ වඩාත්ම සුවිශේෂී සන්ධිස්ථානයක් වනු නිසැකය. අක්කර 40කට ආසන්න සශ්‍රීක හරිත උද්‍යානයකට සහ මනරම් ජල තීරුවකට මුහුණලා පිහිටි මෙහි සිට ඉන්දියන් සාගරයේ සුන්දරත්වය සේම සැඳෑ හිරු බැසයන දර්ශනයේ චමත්කාරය අත්විඳින්නට අවස්ථාව හිමි වේ. මෙහි නවීන වාස්තු විද්‍යාත්මක සැලසුම මධ්‍යම උද්‍යානයේ ස්වභාවික පරිසරය සමඟ මැනවින් බද්ධ වී ඇති අතර, අනාගත ලෝකය වෙනුවෙන් තැනෙන නගරයක් තුළ නිදහස් නිස්කලංක පසුබිමක් නිර්මාණය කරයි. මෙම ව්‍යාපෘතිය නවීන ජීවන රටාවන්ට ගැළපෙන පරිදි ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද නිවාස 640කට අධික එකතුවකින් සමන්විත වේ.
ඉහළ ජීවන තත්ත්වයකට අමතරව, Central Park Boulevard ව්‍යාපෘතිය සුවිශේෂී ආයෝජන වටිනාකමකින් ද යුක්ත වේ. මෙම සුවිශේෂී ද්විත්ව කුළුණු ව්‍යාපෘතිය හරහා විශාල වශයෙන් විදේශ විනිමය මෙරටට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂිත අතර, එහි සමස්ත ව්‍යාපෘති වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 300කට අධික වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙහිදී Home Lands සමූහය විසින් සිදු කරනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ආයෝජනය, ශ්‍රී ලාංකික තනි දේපළ වෙළඳාම් සංවර්ධකයෙකු විසින් මෙරට සිදු කළ විශාලතම ආයෝජනය ලෙස සනිටුහන් වේ. ආයෝජකයින් මෙම ව්‍යාපෘතිය කෙරෙහි තබා ඇති ඉහළ විශ්වාසය මනාව කියාපාමින්, ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීමටත් පෙර මෙහි ඇති මුළු නිවාස ඒකකවලින් 50%ක්ම මේ වන විටත් විකිණී අවසන් වී ඇත. මෙමඟින් වෙළඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සහ ව්‍යාපෘතිය සතු ආකර්ෂණීය ආයෝජන වටිනාකම මනාව තහවුරු වේ.
මෙම සුවිශේෂී සති අන්තයට පෙර, හෝම් ලෑන්ඩ්ස් සමාගම විසින් ලෝක ප්‍රකට ක්‍රිකට් පුරාවෘත්තයක් වන මහේල ජයවර්ධන මහතා තම සන්නාම තානාපතිවරයා ලෙස පත් කර ඇති අතර, එය දෙපාර්ශ්වය සතු විශ්වාසය, විශිෂ්ටත්වය සහ ජාත්‍යන්තර පිළිගැනීම යන පොදු වටිනාකම් මනාව සංයෝජනය වීම පිළිබිඹු කරයි.
මෙම එළිදැක්වීමේ සති අන්තයෙන් පසුව, හෝම් ලෑන්ඩ්ස් සමාගම විසින් 2026 ජූනි 15 වැනි සඳුදා දින Central Park Boulevard Port City Colombo නිල තොරතුරු සහ අලෙවි මධ්‍යස්ථානය මහජනතාව සඳහා විවෘත කරනු ඇත. මෙමඟින් පැමිණෙන අමුත්තන්ට ව්‍යාපෘතිය පිළිබඳ පුළුල් අදහසක් ලබා ගැනීමටත්, ආයෝජනය කිරීම පිළිබඳ උපදේශනය ලබා ගැනීමට සේම, මෙම සුවිසල් ව්‍යාපෘතියෙන් ගොඩනැගෙන අසමසම ජීවන රටාව පිළිබඳව සෘජුවම අත්දැකීම් ලබා ගැනීමට ද අවකාශය සැලසේ. ඒ ඔස්සේ කොළඹ වරාය නගරයේ නිර්මාණය වන අති සුඛෝපභෝගී ජීවිතයේ අනාගතය කෙබඳුදැයි සියැසින්ම දැකබලා ගැනීමට අවස්ථාව මෙහිදී හිමිවේ.
හෝම් ලෑන්ඩ්ස් පිළිබඳව
ශ්‍රී ලංකාවේ නවෝත්පාදනය පෙරටු කරගත් අංක එකේ සහ විශ්වසනීයම දේපළ වෙළඳාම් සංවර්ධකයා වන Home Lands, විශ්වාසය, නව්‍යකරණය සහ විශිෂ්ටත්වය පෙරදැරි කර ගනිමින් වසර ගණනාවක් තිස්සේ මෙරට නිවාස ක්ෂේත්‍රය හැඩගන්වා ඇත. ශ්‍රී ලංකාවට නිවාඩු නිකේතන ශෛලියේ (Resort Style Living) නිවාස සංකල්පය හඳුන්වා දුන් පුරෝගාමියා වන ඔවුන්, ගුණාත්මකභාවය, සැලසුම්කරණය සහ ජීවන රටාව සම්බන්ධයෙන් නව ප්‍රමිතීන් සකසමින් නවීන ජීවන රටාව යළිත් අර්ථ දක්වයි. සමාගම් 14කින් සමන්විත සමූහ ව්‍යාපාරයක් වන මෙයට, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) මඟින් පිරිනමන ඉහළම ‘CS2’ ශ්‍රේණිගත කිරීම ලබා ඇති ‘Heyraa Construction’ ඉදිකිරීම් අංශය ද ඇතුළත් වේ. ඒ අනුව නිවාස, ඉදිකිරීම්, දේපළ කළමනාකරණය සහ නවීන ජීවන රටාවන් බිහිකිරීම දක්වා වූ සියලුම සේවාවන් එකම වහලක් යටින් ලබා දෙමින්, උසස් ගුණාත්මකභාවය, නව නිපැයුම් සහ පාරිභෝගික තෘප්තිය උපරිමයෙන් සහතික කිරීමට Home Lands කටයුතු කරයි.
ඕස්ට්‍රේලියාව, ඩුබායි සහ ලන්ඩන් හි පිහිටි ජාත්‍යන්තර ශාඛාවන් හරහා සිය ගෝලීය සබඳතා වර්ධනය කරගෙන ඇති Home Lands, දෙස් විදෙස් පාරිභෝගිකයන් වෙනුවෙන් මෙරට පුරා සුවිශේෂී නිවාස ව්‍යාපෘති රැසක් දියත් කර ඇත. Home Lands සමූහය ලෝ සුපතල ‘PropertyGuru Asia Property Awards’ සම්මාන උළෙලේදී පිට පිටම වසර තුනක් ‘Best Developer Sri Lanka’ සම්මානයට පාත්‍ර වී ඇති අතර, 2025 වසරේදී ‘Super Brands’ තත්ත්වයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ එකම දේපළ වෙළඳාම් සන්නාමය බවට ද පත්විය.
එමෙන්ම, නියමිත වේලාවට ඉහළම ප්‍රමිතියෙන් යුතුව ව්‍යාපෘති නිම කර භාරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් සංවර්ධකයා වන්නේ ද Home Lands සමාගමයි. විවිධත්වයෙන් යුත් තේමා යටතේ නිර්මාණය කළ දැවැන්ත නිවාස ව්‍යාපෘති හරහා මේ වන විට ඔවුන් විසින් නිවාඩු නිකේතන (Resort Style) ශෛලියේ සුඛෝපභෝගී මහල් නිවාස සහ විලා 3,750ක් සාර්ථකව පාරිභෝගිකයන් වෙත භාර දී ඇති අතර, ඉදිරි මාස 6 ඇතුළත තවත් නිවාස 500ක් භාරදීමට සූදානම් කර ඇත. මීට අමතරව, තවත් දැවැන්ත ව්‍යාපෘති 10ක් යටතේ නිවාස ඒකක 2,200කට අධික ප්‍රමාණයක් මේ වන විටත් අඛණ්ඩව ඉදිකරමින් පවතින අතර, එමඟින් සමාගමේ දැවැන්ත ව්‍යාපෘති පරිමාණය, ක්‍රියාකාරී ජවය සහ වෙළඳපොළ අඛණ්ඩ ප්‍රමුඛත්වය ද මනාව තහවුරු වේ.