ස්වදේශී කොහොඹ බේබි සබන් වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය SLS සහතිකය පිරිනමයි

0
Image - Swadeshi SLS (1)

SLS 547 යනු ළදරුවන් සඳහාම විශේෂයෙන් නිපදවන සබන් වර්ගවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් අනිවාර්ය අවශ්‍යතා රැසක් පනවා ඇති බේබි සබන් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති නිර්ණායකයයි. මෙම SLS 547 ප්‍රමිතිය මඟින් බේබි සබන් වර්ග දරුවාගේ සමට ආරක්ෂිත, ආසාදනයන්ගෙන් තොර, උසස් තත්ත්වයේ මෘදු සහ බිළිඳු සමට වඩාත් සුදුසු සබන් බව සහතික කරනු ලබයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) ආනයන පරීක්ෂණ ක්‍රියාවලිය යටතේ සහතික කරනු ලබන මෙම ප්‍රමිතිය දේශීය නිෂ්පාදන මෙන්ම ආනයනික නිෂ්පාදන සඳහා ද අනිවාර්ය වේ.

SLS සහතිකය මඟින් කොහොඹ බේබි සබන් සිය බිළිඳාගේ සමට ඉතාමත් ආරක්ෂිත සහ මෘදු බවට මව්වරුන්ට ඇති විශ්වාසය තහවුරු කරයි. ස්වදේශී කොහොඹ බේබි නිෂ්පාදන පෙළෙහි සුවිශේෂී සලකුණ වී ඇත්තේ ස්වාභාවික, මෘදු ආරක්ෂාව සහ ඖෂධීය විශ්වාසයයි. එය ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක සහ ආදරණීය ස්වාභාවික බේබි සත්කාරක සන්නාමයක් ලෙස ස්ථාපිත වීමටද ඉවහල් වී ඇත. SLS ප්‍රමිතීන්ට අනුව සහතික කරන ලද උසස් තත්ත්වයේ නිෂ්පාදන ක්‍රියාවලීන් හේතුවෙන් තම දරුවාට ලැබිය හැකි ඉහළම ස්වාභාවික සත්කාරය සහ ආරක්ෂාව කොහොඹ බේබි වෙතින් හිමිවන බව නවක දෙමාපියන්ට සහතික විය හැකියි යනුවෙන් ස්වදේශී සමාගමේ නියෝජ්‍ය සභාපතිනි / කළමනාකාර අධ්‍යක්ෂිකා චූලෝධරා සමරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වෙළෙඳපොළේ ඇති සහතික ලත් නිෂ්පාදනවල ගුණාත්මකභාවය අඛණ්ඩව පරීක්ෂාවට ලක් කරමින් දැඩි ප්‍රමිතීන් පවත්වාගෙන යන බැවින් පාරිභෝගිකයන් තුළ නිෂ්පාදනයක පවතින නිරන්තර උසස් තත්ත්වය පිළිබඳ විශ්වාසය ගොඩනැඟීමට මෙම SLS සහතිකය අතිශයින්ම වැදගත් වේ. අපගේ SLS 547 සහතිකයට අමතරව කොහොඹ බේබි සබන් නිෂ්පාදන බිළිඳු සමට ආරක්ෂිත බව ජාත්‍යන්තර චර්ම රෝග පරීක්ෂණ මඟින්ද සහතික කර ඇත. සන්නාමයක් ලෙස කොහොඹ බේබි ISO 9001:2015 නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූල වන බව තහවුරු කරමින් දිවයිනේ හොඳම සහ ආරක්ෂිතම ගුණාත්මකභාවයෙන් යුතු ස්වාභාවික ශාකසාර අඩංගු නිෂ්පාදන පාරිභෝගිකයා වෙත සමීප කිරීමට කැපවී සිටියි.

1941 වසරේ සිටම සමට සුමුදු ශාකසාර සබන් නිෂ්පාදනයේ නිරත ස්වදේශී කර්මාන්තායතනය සැමවිටම උසස් තත්ත්වයේ ප්‍රමිතීන් අනුගමනය කර ඇත. පාරිභෝගිකයින් වෙනුවෙන් උපරිම වටිනාකමක් එක් කරමින් coconut milk, රත්මල්, වෙනිවැල් සහ අලිපේර වැනි සොබාදහමේ හොඳම ඖෂධීය සත්කාරයන් කැටි කරමින් කොහොඹ බේබි නිෂ්පාදන පෙළ වෙළෙඳපොළට හඳුන්වා දීමට ස්වදේශී කර්මාන්තායතනය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) ඇගයීම් මණ්ඩල මඟින් මෙම ප්‍රමිති සහතිකයන් හි වලංගුභාවය අඛණ්ඩව තහවුරු කරනු ලබයි.

පරම්පරා ගණනාවක සිට සම පිරිසිදු කිරීමට, තෙතමනය ආරක්ෂා කිරීමට මෙන්ම සමෙහි මෘදු හා සුසිනිඳු බව රැක ගැනීමට භාවිත කළ සොබාදහමේ අගනා දායාදයන් වන කොහොඹ, coconut milk, කෝමාරිකා, වෙනිවැල්, අලිපේර සහ රත්මල් වැනි ස්වාභාවික අමුද්‍රව්‍ය රැසක ගුණය කොහොඹ බේබි සබන් සතු වන අතර එය බිළිඳාගේ සිනිඳු සමට බෙහෙවින් ආරක්ෂිත වේ.

කොහොඹ බේබි සබන් මඟින් බිළිඳාගේ සම විවිධ ආසාදනයන්ගෙන් ආරක්ෂා කරන අතරම සමට අවශ්‍ය අත්‍යවශ්‍ය පෝෂණය ද සපයයි. දේශීය වෙළෙඳපොළ තුළ ඇති ශාකසාර අමුද්‍රව්‍යවල විශිෂ්ටතම එකතුවක් අඩංගු එකම බේබි සබන් වර්ගය මෙය වන අතර සමට මෘදු වූ නවතම සුවඳවත් සුවඳ වර්ග රැසකින් ද මෙය වඩාත් ආකර්ෂණීය කර ඇත. බිළිඳකුගේ සුවපහසුව සඳහා අත්‍යවශ්‍ය වන සම පිරිසිදුව, නිරෝගීව, මෘදුව සහ තෙතමනයෙන් යුතුව තබා ගැනීමට කොහොඹ බේබි පුද්ගලික සත්කාරක නිෂ්පාදන පෙළ උපකාරී වන බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මෙහි ප්‍රධාන ශාකසාර අමුද්‍රව්‍යය වන කොහොඹ, මෙරට මව්වරුන් සියවස් ගණනාවක සිට  භාවිත කළ ගුණයෙන් ඉහළ ශාකසාර ඖෂධයකි. වසර 85කට වැඩි ඉතිහාසයක් ඇති ශාකසාර සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණ ස්වදේශී කර්මාන්තායතනය, ඉහළම ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූලව මෙම ශාකසාර එක් කරමින් හොඳම ඖෂධීය ශාකසාර එකතුවක් පිරිනමයි. බිළිඳුන් නෑවීමට සහ ස්වාභාවිකවම විෂබීජ ඉවත් කිරීමට මෙම ශාකසාර මිශ්‍රණයන් භාවිත කර ඇති අතර සමට ඖෂධීය ශාකසාර අඩංගු නිෂ්පාදන භාවිත කිරීම සැමවිටම ආරක්ෂිත සහ මෘදු බව තහවුරු වී ඇත.

බේබි සබන්, බේබි කොලෝන්, බේබි ක්‍රීම්, බේබි පවුඩර්, බේබි ෂැම්පු, බේබි ඔයිල්, කිඩ්ස් කොලෝන් සහ ළදරු තෑගි කට්ටලය ඇතුළත් කොහොඹ බේබි නිෂ්පාදන පෙළ, ගුණාත්මක ශාකසාර රැසක එකතුවකින් මෙරට වෙළෙඳපොළ තුළ ඇති පරිපූර්ණ ශාකසාර බේබි සත්කාරක සන්නාමය බවට පත්ව ඇත.. ‘නිරෝගීභාවය, සනීපාරක්ෂාව, ආරක්ෂාව සහ සමට දැනෙන මෘදු බව වෙනුවෙන් ස්වාභාවික ශාකසාර අඩංගු සනීපාරක්ෂක නිෂ්පාදන අපේක්ෂා කරන ශීඝ්‍රයෙන් වර්ධනය වන පාරිභෝගික පිරිසකගේ අවශ්‍යතා සපුරාලීමට ස්වදේශී නිෂ්පාදන සමත් වී තිබෙන බව සමාගම පවසයි.

පසුගිය වසර 85 තුළ ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමී  ආයතනය ලෙස අපගේ ස්වදේශී කර්මාන්තායතනය සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන සඳහා භාවිත කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%ක් ශාකසාර අමු ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන්ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. ස්වදේශී කර්මාන්තායතනය සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

ස්වදේශී කර්මාන්තායතනයේ සියලුම නිෂ්පාදන ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි කර ඇති අතර, ස්වදේශී නිෂ්පාදන සඳහා භාවිතා කරන සියලුම සුවඳ විලවුන් ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය (IFRA) මගින් සහතික කර ඇත.

Photo Caption:

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) අධ්‍යක්ෂ ජෙනරල්/ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය විසින් ස්වදේශී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අමිල උඩවත්ත මහතා වෙත නිල වශයෙන් SLS සහතිකය පිරිනමන ලදී. ස්වදේශී කර්මාන්තායතනයේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ උසස් නිලධාරීන් රැසක් ද මෙම සහතික පිරිනැමීමේ නිල උත්සවයට එක්ව සිටියහ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *