Groundworth පිළියන්දල – පොල්ගස්ඔවිට ප්‍රදේශයේ දී “The Infinity” එළිදක්වයි

Groundworth විසින් සිය නවතම ව්‍යාපෘතිය වන “The Infinity by Groundworth” පසුගියදා දියත් කරනු ලැබීය. කොළඹ නගරයට ආසන්නව වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින උපනාගරික කලාපයක් වන පිළියන්දල–පොල්ගස්ඔවිට ප්‍රදේශයේ පිහිටි The Infinity, පහසු ප්‍රවේශය, නවීන පහසුකම් සහිතව, හොඳින් සැලසුම් කළ නවීන නේවාසික පරිසරයක් තුළ පිහිටා ඇත. එසේම එය නවීන ජීවන රටාවකට සහ ඉහළ වර්ධනයක් සහිත ආයෝජන අවස්ථාවකට සුදුසුම තේරීමක් ලෙස හඳුන්වාදිය හැකිය.
The Infinity ව්‍යාපෘතිය දක්ෂිණ අධිවේගී මාර්ග ජාලයට සමීපව පිහිටා ඇති බැවින්, කොළඹ සහ අනෙකුත් ව්‍යාපාරික මධ්‍යස්ථාන වෙත ඉතා පහසු සම්බන්ධතාවයක් ලබාදෙයි. තවද කොළඹ–හොරණ මාර්ගයට මීටර් 500ක් සහ කහතුඩුව අන්තර් හුවමාරුවට කිලෝමීටර් 1.5ක් පමණ දුරින් පිහිටා ඇත. පිළියන්දල සහ කැස්බෑව නගර ආශ්‍රිතව පිහිටා ඇති බැවින්, ශක්තිමත් යටිතල පහසුකම්වලින් සහාය ලබන නේවාසික ලිපිනයක් ලෙස ද හඳුන්වාදිය හැකිය.
දිවයිනේ ප්‍රධාන සේවා පහසුකම් රැසක් මෙම ව්‍යාපෘතියට ඉතා ආසන්නව පිහිටා ඇත. වෑතර දිසා රෝහල කිලෝමීටරයක පමණ දුරින් පිහිටා ඇති අතර, Cargills Food City කිලෝමීටර් 1.5ක සහ Keells කිලෝමීටර් 3ක දුරින් ද පිහිටා ඇත. බැංකු, ආපනශාලා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා පහසුකම් වලට ද ඉතා පහසුවෙන් ළඟා විය හැක. දැනටමත් ස්ථාපිත නේවාසික පරිසරයක පිහිටා ඇති බැවින්, කඩිනම් සංවර්ධනය කිරීම් මෙන්ම දිගුකාලීන වටිනාකම් අත්පත් කර ගැනීම සඳහා වඩාත් සුදුසු වේ.
The Infinity ව්‍යාපෘතිය සමන්විත වන්නේ විශේෂිත ඉඩම් කොටස් 19කින් පමණක් වන අතර පර්චස් 6.35 සිට ආරම්භ වන ඉඩම් ප්‍රමාණයන් නවීන නිවාස ඉදිකිරීම් සඳහා වඩාත් සුදුසුය. පැහැදිලි අනුමත ඔප්පු, අඩි 20ක මාර්ග පහසුකම් සහ නිස්කලංක පරිසරයක් මෙම ව්‍යාපෘතියේ විශේෂතා අතර වේ. ඉඩම් මිල පර්චසයකට රුපියල් මිලියන 1.2 සිට ආරම්භ වන අතර, ඉහළ ඉල්ලුමක් සහිත වර්ධන කලාපයක තරඟකාරී ආයෝජන අවස්ථාවක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් Groundworth හි සම නිර්මාතෘ කසුන් අන්ද්‍රහෙන්නදි මහතා මෙසේ පැවසුවේය. “ඉහළ අනාගත හැකියාවක් සහිත ඉඩම් හඳුනාගෙන ඒවා වෙළඳපොළට ගෙන ඒමට අපි නිරතුරුවම කටයුතු කරනවා. පිළියන්දල පොල්ගස්ඔවිට ප්‍රදේශය නේවාසික ඉල්ලුම සහ යටිතල පහසුකම් සංවර්ධනය හේතුවෙන් වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. The Infinity හරහා පහසු ජීවන රටාවක් සහ දිගුකාලීන ආයෝජන වර්ධනය එකට සපයමින්, ආරක්ෂිත සහ අනාගතයට සූදානම් අවස්ථාවක් ලබාදීම අපගේ අරමුණයි.”
කහතුඩුව අන්තර් හුවමාරුව ආශ්‍රිතව සිදුවන නගර ව්‍යාප්තිය සහ හොඳ සම්බන්ධතාවයකින් යුතු නේවාසික ඉඩම් සඳහා ඉහළ යන ඉල්ලුම හේතුවෙන්, පිළියන්දල–පොල්ගස්ඔවිට ප්‍රදේශය ඉහළ දේපළ වටිනාකම් වර්ධනයක් පෙන්නුම් කරමින් සිටියි. සීමිත සහ සුවිශේෂී ඉඩම් ප්‍රමාණයක් සමඟින්, The Infinity මෙම වර්ධන ගමනේ ප්‍රතිලාභ ලබාගැනීමට හොඳින් ස්ථානගත වී ඇත.


දැනට site visits සඳහා අවස්ථාව විවෘත කර ඇති අතර, ලබාගත හැක්කේ සීමිත ඉඩම් කොටස් සංඛ්‍යාවක් පමණි.