ඩොලරයේ විකුණුම් මිල රු. 331 පනී

0
USD-LKR-15.05.2026

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දිනයේ දී ප්‍රකාශයට පත් කර ඇති දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 323.53ක් ලෙසත් විකුණුම් මිල රු. 331.15ක් ලෙසත් වාර්තා වී තිබේ.

මෙය 2023 දෙසැම්බර් 05 දිනෙන් පසු ඩොලරයක ගැනුම් මිල රු. 323 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව වන අතර 2023 දෙසැම්බර් 22 දිනෙන් පසු විකුණුම් මිල රු. 331 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව වේ.

මේ අතර 2023 දෙසැම්බර් 28 දිනෙන් පසු පළමු වරට අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය හෙවත් මධ්‍ය අගය රු. 324.71ක් දක්වා ඉහළ ගොස් තිබේ.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *