ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළට

0
Oil-Price-12.05.2026-A

ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වල නැවත වරක් ඉහළ යාමක් අද (12) දිනයේ දී නිරීක්ෂණය වේ.

ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.00 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 107 සීමාව ඉක්මවා ගොස් තිබුණි. මේ අතර WTI බොරතෙල් මිල ඩොලර් 101 සීමාව ඒ වන විට ඉක්මවා ගොස් තිබුණු අතර එම මිල වැඩිවීම් පෙර දිනය හා සැසඳීමේ දී 3%ක පමණ මිල ඉහළ යාම් වේ.

ඉරාන – ඊශ්‍රායල, ඇමරිකා යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවලියට ඉරානය දැක්වූ ප්‍රතිචාරය පිළිගත නොහැකි බවය ඇමරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමඟ යළිත් වරක් ගෝලීය ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ගැටළු මතුවන ලකුණු පෙන්නුම් කර තිබේ. මෙම තත්ත්වය නැවත වරක් ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල සම්බන්ධයෙන් අවිනිශ්චිතභාවයක් ඇතිකරලීමට හේතු වී ඇත.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *