ඩොලරය රු. 322 යි. විකුණුම් මිල රු. 326 පනී
එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 326 සීමාව අද දින ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දේ. ඒ අනුව ඩොලරයේ විකුණුම් මිල රු. 326.12ක් ලෙසින් අද දින වාර්තා වී ඇත.2024 ජනවාරි 19 දිනෙන් පසු ඩොලරයේ විකුණුම් මිල රු. 326 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.
මේ අතර ඩොලරයේ ගැනුම් මිල අද දින රු. 318.57ක් ලෙසින් සටහන් ව ඇති අතර 2024 ජනවාරි 11 දිනෙන් පසු පළමු වරට ඊයේ දිනයේ දී එය රු. 318 සීමාව ඉක්මවා ගියේය.
අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය හෙවත් SPOT අගය රු. 326.02 ක් ලෙසින් වාර්තා වේ. මෙලෙස ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 322 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 ජනවාරි 16 දිනෙන් පළමු වරට අද දිනයේ දීය.
උපුටා ගැනීම : අද දෙරණ