මෙල්ස්ටාකෝප් සමූහයට අනුබද්ධිත මෙල්ස් ඔටෝමොබයිල්ස්, ශ්‍රී ලංකාවේ BMW රථවාහන සඳහා වන නිල බලයලත් ආනයනකරු සහ බෙදාහරින්නා ලෙස පත් කෙරේ
මෙල්ස්ටාකෝප් සමූහයේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන මෙල්ස් ඔටෝමොබයිල්ස්, ශ්‍රී ලංකාව තුළ BMW රථවාහන ආනයනය කිරීම සහ අලෙවි කිරීම සඳහා වන නිල බලයලත් නියෝජිතයා ලෙස පත් කර ඇති බව නිවේදනය කළේය.
ඒ අනුව BMW සන්නාමයේ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව නව BMW රථවාහන ආනයනය, අලෙවිය සහ බෙදා හැරීම මෙන්ම, BMW අව්‍යාජ/නියම අමතර කොටස් සැපයීම සහ බලයලත් අලෙවියෙන් පසු සේවා සැපයීමේ වගකීම මෙල්ස් ඔටෝමොබයිල්ස් ආයතනය වෙත පැවරේ.
“මෙල්ස් ඔටෝමොබයිල්ස් ආයතනය ශ්‍රී ලංකාවේ BMW නිල බලයලත් නියෝජිතයා ලෙස පත්වීම අප සමූහයේ සුවිශේෂී සන්ධිස්ථානයක්,” යනුවෙන් මෙල්ස්ටාකෝප් සමාගමේ සභාපති හසිත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. “BMW යනු හුදු ප්‍රවාහන මාධ්‍යයක් පමණක් නොව, එය නවීනතම නවෝත්පාදනය, ඉහළම ගුණාත්මකභාවය සහ සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නියෝජනය කරන්නකි. පාරිභෝගික අපේක්ෂාවන් උපරිමයෙන් ඉටු කිරීමට අප තුළ වූ අසීමිත කැපවීමත් සමඟින්, ශ්‍රී ලංකාවේ BMW සන්නාමය සඳහා නව යුගයක් හඳුන්වා දීම අපගේ අරමුණයි.”
මෙල්ස් ඔටෝමොබයිල්ස් හි ප්‍රධාන විධායක නිලධාරී අනුෂ්ක පොලොනොවිට මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, “මෙය අපට ලැබුණු වරප්‍රසාදයක් මෙන්ම වගකීමක් ද වෙනවා. අපගේ දැක්ම වන්නේ ඉහළම පාරිභෝගික අත්දැකීමක්, තාක්ෂණික විශිෂ්ටත්වය සහ සන්නාම වගකීම මගින් BMW සන්නාමය ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ශක්තිමත් කරමින් වර්ධනය කිරීමයි,” යනුවෙනි.
BMW Group Asia හි කළමනාකාර අධ්‍යක්ෂ රේන් ගෙහාර්ඩ් මහතා සඳහන් කළේ, “උසස් තත්ත්වයේ රථවාහන සහ ඒවායේ විශිෂ්ට නිමාව පිළිබඳව දීර්ඝ කාලීන ඇගයීමක් පවතින ශ්‍රී ලංකාව, BMW Group Asia ආයතනයට ඉතා වැදගත් වෙළඳපොළක්. සුඛෝපභෝගී රථවාහන ආනයනය නැවත ආරම්භ කිරීමත් සමඟ, මෙල්ස් ඔටෝමොබයිල්ස් අපගේ නිල ආනයන සහ අලෙවි සහකරු ලෙස පත් කිරීමට ලැබීම පිළිබඳව අප සතුටු වන අතරම එය මෙරට තුළ අපගේ සන්නාමයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි. මෙම තීරණය මගින් ශ්‍රී ලංකාවේ වෙළඳපොළ පිළිබඳ අප තුළ ඇති විශ්වාසය මෙන්ම වගකීමකින් යුතුව ව්‍යාපාරය දියුණු කිරීමට අප සතු බලාපොරොත්තුවත් මනාව තහවුරු වේ”.
මෙම කාලසීමාව තුළ දැනට සිටින BMW පාරිභෝගිකයන්ට අඛණ්ඩව සේවා සහ සහාය ලබා දීමට සහතික වන බව සමාගම දන්වා සිටියි. නිල වශයෙන් නියෝජිත ආයතන මාරු වීමේ කටයුතු නිමවන තෙක්, ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල්ස් ආයතනය විසින් සියලුම BMW සේවාලාභීන් වෙත පෙර පරිදිම වගකීමෙන් යුතුව සිය වෘත්තීමය සේවාවන් සැපයීමට නියමිතයි. අඛණ්ඩව සේවා ලබාදීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළම මට්ටමින් පවත්වා ගැනීම සඳහා මෙල්ස්ටාකෝප් සහ මෙල්ස් ඔටෝමොබයිල්ස් ආයතන ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල්ස් සමඟ ඉදිරියේදී ද සමීපව කටයුතු කරනු ඇත.
මෙල්ස්ටාකෝප් සමූහය පිළිබඳව:
මෙල්ස්ටාකෝප් යනු මෝටර් රථ, වැවිලි, විනෝදාස්වාද සහ සංචාරක, නිෂ්පාදන සහ වෙළඳාම ඇතුළු අංශ රැසක ව්‍යාප්ත වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සමූහයකි. මූල්‍ය ස්ථාවරත්වය, විනයගරුක පාලනය සහ පාරිභෝගික කේන්ද්‍රීය වූත්, තිරසාර වූත් ව්‍යාපාර ගොඩනැගීමට ඇති හැකියාව හේතුවෙන් මෙම සමූහය ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති අතර, එමගින් සියලුම පාර්ශවකරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කර දෙයි.
මෙල්ස් ඔටෝමොබයිල්ස් පිළිබඳව:
මෙල්ස් ඔටෝමොබයිල්ස් යනු මෙල්ස්ටාකෝප් සමූහයේ මෝටර් රථ අංශයයි. වෘත්තීය කළමනාකරණය, විශිෂ්ට මෙහෙයුම් ක්‍රියාවලිය සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා සැපයීම හරහා ජාත්‍යන්තර මට්ටමේ මෝටර් රථ සන්නාමයන් ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා මෙම ආයතනය ස්ථාපිත කර ඇත.