ගෝලීය ඉන්ධන මිල අද ස්ථාවරයි
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (16) දිනයේ දී ඊයේ (15) පැවති මිල මට්ටම් හා සමාන්තරව සුළු වශයෙන් උච්ඡාවචනය වෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකිය.
ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යහ්නය වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 95 මට්ටමේත් WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 91 මට්ටමේත් ස්ථාවරව පවතින බව වෙළෙඳපොළ දත්ත වාර්තා සඳහන් කරයි.
උපුටා ගැනීම : අද දෙරණ