Maliban රස ඉතිරෙන නැකතක් ගමින් ගමට

0
Maliban-රස-ඉතිරරන-නැකතක්-ගමින්-ගාමට

ශ්‍රී ලාංකික සංස්කෘතියේ වැදගත්ම උත්සවයක් වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, අපගේ සම්ප්‍රදායන්, සිරිත් විරිත්, නෑදෑකම් සහ හිතවත්කම් එකිනෙකට යා කරන, ශ්‍රී ලාංකික ජනතාව විසින් ඉතා උත්කර්ෂවත් ලෙස සමරනු ලබන සුවිශේෂී අවස්ථාවකි.

නමුත් ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන ආර්ථික හා සමාජීය තත්ත්වයන් හේතුවෙන් මෙවර අවුරුදු සැමරීම බොහෝ පවුල් සඳහා යම් අභියෝගාත්මක තත්ත්වයක් බවට පත්වී ඇත. එවන් පසුබිමක, සමාජය තුළ නැවත සතුට, එකමුතුකම සහ සංස්කෘතික උරුමයන් ශක්තිමත් කිරීම ජාතික වශයෙන් වැදගත් මෙහෙවරක් බවට පත්වී ඇත.

එවන් පසුබිමක, Maliban ආයතනය විසින් මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් “Maliban රස ඉතිරෙන නැකතක් ගමින් ගමට” නමින් විශේෂ අවුරුදු උත්සව මාලාවක් සමස්ත ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන පරිදි සංවිධානය කර ඇත. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ, මෙවර අවුරුදු අසිරිය එක් තැනකට පමණක් සීමා නොකර, Maliban ආයතනය සමග එක්ව ගමෙන් ගමට ගොස් ජනතාව සමඟ බෙදා හදා ගැනීමයි. ඒ හරහා, දෛනික ජීවිතයේ විවිධාකාර අභියෝග මධ්‍යයේ සිටින ජනතාවට සැබෑ අවුරුදු සතුට සහ අසිරිය විඳගැනීමට අවස්ථාව සැලසේ.

මෙම උත්සව මාලාව අප්‍රේල් 15 වන දින ගලෙන්බිදුන වැවෙන් ආරම්භ වන අතර, අප්‍රේල් 17 වන දින ගම්පොළදී, අප්‍රේල් 18 වන දින ආම්පාරදී, අප්‍රේල් 19 වන දින දෙහිඅත්තකණ්ඩියදී, අප්‍රේල් 25 වන දින කටුවාන සහ කුරුවිට ප්‍රදේශවලදී, සහ අප්‍රේල් 26 වන දින හංවැල්ලේදී පැවැත්වේ. මෙහිදී එම ප්‍රදේශවල ජනතාවට තම නෑදෑ හිතමිතුරන් සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා සහ විනෝදාත්මක ක්‍රියාකාරකම්වල නියැලෙමින්, තෑගි බෝග දිනා ගනිමින්, අවුරුද්දේ සැබෑ අරුත රස විඳීමට අවස්ථාව ලැබෙනු ඇත.

ඒ අනුව, “ගමින් ගාමට අවුරුදු” යනු Maliban ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන එක් අවුරුදු උත්සව මාලාවක් පමණක් නොව, රට පුරා ජනතාව අතර සතුට, එකමුතුකම සහ සංස්කෘතික වටිනාකම් නැවත ජීවමාන කරවන ජාතික මෙහෙවරකි. මේ හරහා Maliban ආයතනය මෙවර අවුරුදු අසිරිය සෑම ශ්‍රී ලාංකික හදවතකටම ළඟා කරවීමට කටයුතු කරයි.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *