“කැරට් 22” රන් පවුමක මිල රු. 340,200ක් දක්වා පහළට

0
Gold-Coin (1)

අද (23) පෙරවරුව වන විට මෙරට රන් මිලෙහි රු. 7,000ක පහළ යාමක් දක්නට ලැබුණි.

ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ “කැරට් 24” රන් පවුමක මිල රුපියල් 370,000ක් දක්වා පහළ ගොස් ඇති අතර “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 340,200ක් දක්වා පහත වැටී ඇති ඇති බවට වාර්තා වෙයි.

මේ අතර ගෝලීය රන් අවුන්සයක මිල අද පෙරවරුව වන විට ඩොලර් 4,368ක් දක්වා පහළ ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් ලෝක ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම රන් මිල පහළ යාම තාවකාලික තත්වයක් බවත් මෙම වසරේ මැද භාගය වන විට රන්මිලෙහි සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවයි.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *