කිසිදු තාක්ෂණික සැකසුමකින් තොරව, වර්ධනය වන API එන්ඩ්පොයින්ට් 253ක්භාවිතයෙන් AI සහායකයින් හරහා ක්‍රිප්ටෝ වෙළෙඳාම් කිරීමට Bybit දැන් අවස්ථාව සලසයි
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, සිය නවතම AI Trading Skill පහසුකම අද හඳුන්වා දුන්නේය. මෙමගින් ChatGPT, OpenClaw, Claude, Gemini, Cursor සහ Windsurf වැනි ඕනෑම AI සහායකයෙකු හරහා සරල ව්‍යවහාරික භාෂාවෙන් උපදෙස් ලබා දී ක්‍රිප්ටෝ ගනුදෙනු කිරීමට, වෙළෙඳපොළ දත්ත ලබා ගැනීමට සහ වත්කම් කළමනාකරණය කිරීමට පරිශීලකයින්ට අවස්ථාව සැලසේ. කිසිදු අතිරේක මෘදුකාංග ස්ථාපනයකින් තොරව ක්‍රියාත්මක වන මෙම සේවාව, API එන්ඩ්පොයින්ට් 253කින් සමන්විත වන අතර AI මගින් පරිශීලකයින්ගේ අභිලාෂයන් තේරුම් ගෙන ස්වයංක්‍රීයව ක්‍රියාවට නංවන ‘Agentic Trading’ යුගය වෙත තැබූ සුවිශේෂී පියවරකි.
ප්‍රධාන වාසි
- ස්ථාපනය කිරීම් අවශ්‍ය නොවේ: කිසිදු Node Package Manager (NPM), Command Line Interface (CLI), මෘදුකාංග සංවර්ධන කට්ටල (SDK) හෝ Configuration files අවශ්‍ය නොවේ — ඔබට ක්ෂණිකව වැඩ ආරම්භ කළ හැකිය.
- ඕනෑම AI එකක් සමඟ වැඩ කිරීමේ හැකියාව: සියලුම ප්‍රධාන පෙළේ AI වේදිකා සහ සහායකයින් සමඟ මෙය ක්‍රියා කරයි.
- ස්වයංක්‍රීය යාවත්කාලීන වීම්: Bybit වේදිකාවේ සිදුවන වෙනස්කම් සමඟ මෙම Skill එක ස්වයංක්‍රීයව යාවත්කාලීන වේ. එමගින් පරිශීලකයින්ට සැමවිටම නවතම විශේෂාංග භාවිතා කිරීමේ අවස්ථාව සහතික කෙරේ.
AI මගින් බලගැන්වෙන පූර්ණ වෙළෙඳපොළ ප්‍රවේශය
මෙම සරල භාෂා අතුරුමුහුණත පිටුපස Bybit හි සමස්ත වෙළෙඳ පද්ධතියම ක්‍රියාත්මක වේ. මොඩියුල හයකින් යුත් Bybit AI Skills හරහා, සජීවී මිල ගණන් විමසීමේ සිට සංකීර්ණ වෙළෙඳ ඇණවුම් ක්‍රියාත්මක කිරීම දක්වා ඕනෑම දෙයක් කළ හැකිය. මෙහි ඇති API එන්ඩ්පොයින්ට් 253 මගින් පරිශීලකයින්ට එකවර වැඩ කිහිපයක් පැවරීමට, අනුපිළිවෙලින් ප්‍රශ්න ඇසීමට සහ තම ආයෝජන කළඹ ඉතා පහසුවෙන් කළමනාකරණය කිරීමට අවස්ථාව සැලසේ. මේ සියල්ල සාමාන්‍ය වෙළෙඳ අතුරුමුහුණතක් භාවිතා කිරීමෙන් තොරව සිදු කළ හැකිය.
- වෙළෙඳපොළ බුද්ධිය: සජීවී මිල ගණන්, කැන්ඩල් ලයින් (Candle lines), ඕඩර් බුක් දත්ත (Order book depth) සහ ෆන්ඩින් රේට්ස් (Funding rates) පිළිබඳ තොරතුරු ලබාගැනීම.
- ක්ෂණිකව වෙළදාම් කිරීමේ හැකියාව: ක්ෂණිකව මිලදී ගැනීම් සහ විකිණීම්, ලිමිට් ඕඩර් සහ සමූහ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම.
- අනාගත මිල වෙනස්වීම් මත පදනම් වූ වෙළෙඳාම: ලෙවරේජ් වෙළෙඳාම, ලාභ ලබාගැනීමේ හෝ අලාභ පාලනය කිරීමේ ඇණවුම් සහ කොන්දේසි සහිත ඇණවුම් ලබා දීම.
- ගිණුමේ ඇති ක්‍රිප්ටෝ වත්කම් නිකරුණේ තබා නොගෙන, ඒවායෙන් අමතර ආදායමක් හෝ පොලියක් උපයා ගැනීම: Flexible Savings සහ On-chain Earn වැනි ක්‍රම හරහා ඔබ සතු ක්‍රිප්ටෝ වත්කම්වලින් අමතර ආදායම් ඉපයීම.
- ගිණුම් සහ වත්කම්: ඔබේ ගිණුමේ තොරතුරු පරීක්ෂා කිරීම, මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ලබාගැනීම සහ එක් ක්‍රිප්ටෝ වර්ගයක් තවත් වර්ගයකට මාරු කිරීම වැනි දෑ මෙයට ඇතුළත් වේ.
- උසස් විශේෂාංග: WebSocket තාක්ෂණය හරහා ඉතා වේගවත් දත්ත ලබාගැනීම සහ ගනුදෙනු කිරීම මෙහිදී සිදු වේ. මෙයට මාජින් ලෙන්ඩින් හරහා ක්ෂණිකව ණය ලබාගැනීම (උදා: ‘10,000 USDT ණයට ගන්න’), මිල වෙනස්කම් මත පදනම් වූ ඇණවුම් ලබා දීම සහ විශාල පරිමාණයේ ගනුදෙනු සඳහා විශේෂිත තොග මිල ගණන් විමසීම (RFQ Pricing) වැනි සංකීර්ණ කාර්යයන් ඇතුළත් වේ.
Bybit කාලයක් මුළුල්ලේ AI තාක්ෂණය හරහා වෙළෙඳපොළ ශක්තිමත් කිරීමට කැපවී සිටී. මීට පෙර හඳුන්වා දුන් TradeGPT වැනි මෙවලම් මගින් පරිශීලකයින්ට නිවැරදි ආයෝජන තීරණ ගැනීමට සහ වෙළෙඳපොළ විශ්ලේෂණය කිරීමට සහාය විය. නමුත් මෙම නව AI Trading Skill විශේෂාංගය හරහා Bybit මෙතෙක් සිදු කළ විශාලතම AI ඒකාබද්ධ කිරීම සිදු කර ඇත. එමගින් ගනුදෙනු කිරීමේ සිට වත්කම් කළමනාකරණය දක්වා වූ සම්පූර්ණ ක්‍රියාවලියම ආවරණය වන අතර, සංකීර්ණ වෙළෙඳපොළ මෙහෙයුම් සරල සංවාද බවට පත් කරමින් බුද්ධිමත් වෙළෙඳ අත්දැකීමක් සඳහා නව ලොවට ආදර්ශයක් සපයයි.
AI තාක්ෂණයෙන් සිදුවන වෙළෙඳාම් කටයුතු වඩාත් සුරක්ෂිත කිරීම සඳහාම නිර්මාණය කරන ලද ආරක්ෂක පද්ධතිය
මෙම අත්දැකීම AI සහායකයෙකු සමඟ සාමාන්‍ය පරිදි කතාබහ කරන තරමටම සරල වුවද, සෑම පියවරකදීම පරිශීලකයාගේ වත්කම්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා Bybit ආයතනය විසින් මෙම AI Trading Skills පද්ධතිය තුළ ආරක්ෂිත ස්ථර කිහිපයක් අන්තර්ගත කර ඇත.
නව පරිශීලකයින්ට ප්‍රථමයෙන් අත්හදා බැලීමේ වෙළෙඳපොළ (Testnet) හරහා මගපෙන්වීම් ලබා දෙන අතර, එමගින් තමන්ගේ සැබෑ මුදල් යෙදවීමට පෙර සැබෑ වෙළදපොළ මෙන් සකස් කරන ලද පරිසරයක් තුළ AI විධානයන් අත්හදා බැලීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. සැබෑ ගනුදෙනු වෙත මාරු වූ පසුව ද, සෑම ගනුදෙනුවක් සඳහාම පරිශීලකයාගේ පැහැදිලි ස්ථිර කිරීමක් අවශ්‍ය වන අතර එමගින් සෑම ඇණවුමකම පූර්ණ පාලනය වෙළෙඳාම් සිදුකරන්නා සතුව පවතින බව සහතික කෙරේ.
මෙම විශේෂාංගය මගින් AI සහායකයා සහ Bybit පද්ධතිය අතර සම්බන්ධතාවය ඉතා ආරක්ෂිත API සහතික කිරීම් හරහා කළමනාකරණය කරයි. එම නිසා පරිශීලකයින්ට සංකීර්ණ රහස් පද සැකසීමට හෝ සැකසුම් ක්‍රියාවලියේදී සංවේදී තොරතුරු අනාවරණය කිරීමට අවශ්‍ය නොවේ. AI සහායකයා වෙත ඔබ ලබා දෙන සෑම උපදෙසක්ම ඉතා නිවැරදි API විධානයන් බවට පරිවර්තනය වන අතර, ඒවා ක්‍රියාත්මක වන්නේ Bybit වේදිකාවේ පවතින ආරක්ෂක පරීක්ෂාවන්ගෙන් සමත් වීමෙන් පසුව පමණි.
සංවාදයන්හි සරල බව සහ ස්ථර කිහිපයකින් යුත් ආරක්ෂක පාලනයන් ඒකාබද්ධ කිරීම හරහා, AI මගින් බලගැන්වෙන වෙළෙඳාම ඉතා පහසු මෙන්ම ආරක්ෂිත බව Bybit සහතික කරයි. එමගින්, ආයතනික මට්ටමේ ඉහළ යටිතල පහසුකම් සහිතව, ක්‍රිප්ටෝ වෙළෙඳපොළ සමඟ ගනුදෙනු කිරීමට ඇති මෙම නවීන ක්‍රමයට විශ්වාසයෙන් යුතුව අවතීර්ණ වීමට පරිශීලකයින්ට අවස්ථාව ලබා දී ඇත.
Bybit AI Skills පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා, වෙළෙඳුන්ට https://www.bybit.com/ai වෙත පිවිසිය හැකිය.
වැඩිදුර තාක්ෂණික විස්තර සඳහා, පරිශීලකයින්ට GitHub – Bybit AI Skills පිටුව වෙත පිවිසිය හැකිය.
#Bybit / #CryptoArk”