සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන වංචාවලට නොරැවටෙන්නැයි ශ්‍රීලංකන් ගුවන් සේවය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලයි

0
scam-alert_1

Facebook, WhatsApp සහ වෙනත් සමාජ මාධ්‍ය පදනම් හරහා සිදුකරන වංචනික ක්‍රියාවන්ට නොරැවටෙන්නැයි ශ්‍රීලංකන් ගුවන් සේවය සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී. හඳුනන හෝ නොහඳුනන දුරකථන අංක ඔස්සේ, ව්‍යාජ දීමනා පිළිබඳව තොරතුරු සහිතව, ශ්‍රීලංකන් ගුවන් සේවයේ නම, ලාංඡනය හෝ සන්නාමය අවභාවිතා කරමින් වංචනික පුද්ගලයන් මෙබඳු ක්‍රියාවල නිරත වන බව නිරීක්ෂණය වී තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය කිසිදු අවස්ථාවක සමාජ මාධ්‍ය ඔස්සේ ගෙවීම්, රහස් කේත (OTP), ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු, බැංකු තොරතුරු හෝ වෙනත් මූල්‍ය තොරතුරු ඉල්ලා නොසිටී.

මෙබඳු වංචනික ක්‍රියා සිදුකරන පුද්ගලයෝ බොහෝ විට අසාමාන්‍ය අක්ෂර වින්‍යාසයන් සහිත ව්‍යාජ සබැඳි (Links) සහ ශ්‍රීලංකන් ගුවන් සේවය අනුකරණය කරමින් සකස් කරන ලද ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ආදිය භාවිතා කරති.  එබැවින් දීමනා හෝ ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳ දැන්වීම් දුටු විට ඒවා සිය නිල වෙබ් අඩවියට (www.srilankan.com) සම්බන්ධද යන්න සහ ඒවා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම්වල පළකර තිබේද යන්න පරීක්ෂා කර බලා තහවුරු කරගන්නා මෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පාරිභෝගිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *