උද්ගතව ඇති තෙල් අර්බුදය හමුවේ ගුවන් සේවාව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක්
යුධමය වාතාවරණය හේතුවෙන් උද්ගතව ඇති තෙල් අර්බුදය හමුවේ ගුවන් සේවාව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (17) සිවිල් ගුවන්සේවා අධිකාරිය පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ වන විට පවතින ගුවන්යානා ඉන්ධන සංචිත ප්‍රමාණය සහ පවතින ගුවන්යානා ඉන්ධන කළමනාකරණය කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර අඛණ්ඩ ගුවන් සේවයක් පවත්වා ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
ආයතනයක් ලෙස සිවිල් ගුවන්සේවා අධිකාරියද ඉන්ධන කළමනාකරණය කරමින් මෙම අභියෝගය ජය ගැනීමට ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාවට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම් ඩ්බ්.ඩ්බ්.එස්. මංගල මහතා, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කළමනාකාරිත්වය සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගි විය.
උපුටා ගැනීම : අද දෙරණ