Digital Nomad Visa පහසුකම නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

0
IMG-20260226-WA0146-1-e1772163465771

Digital Nomad Visa (DNV) පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ඊයේ (26) පසුවරුවේ කටුනායක ගුවන් තොටුපොළ ” සිල්ක් රූට් ” මගී පර්යන්තයේ දී සිදු විය.

ඒ ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම Digital Nomad Visa පහසුකම හිමිවන්නේ ශ්‍රී ලංකාව තුළ පදිංචිව සිටිමින්, මාර්ගගත ක්‍රමයට විදේශ රටවල ව්‍යාපාර හෝ රැකියා වල නිරතව මසකට ඇමෙරිකානු ඩොලර් 2,000 ක මුදලක් විදේශ විනිමය ලෙස මෙරටට රැගෙන එන අවුරුදු 18 වැඩි විදේශිකයන් සදහායි.

එම විදේශිකයන් හට මෙරට තුළ රැකියා හෝ වෙනත් ව්‍යාපාරික කටයුතු වල නිරත වීම තහනම් වන අතර ඔවුන්ට දරුවන් සීටිනම් ඔවුන් මෙරට ජාත්‍යන්තර හෝ පෞද්ගලික පාසැල් වෙත යොමු කීරීමේ අවස්ථාව හිමිවෙයි.

අදාල විදේශිකයන් තම මව් රටවලින් ලබා ගන්නා පොලිස් සහතික සහ වෛද්‍ය වාර්තා ආදිය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇගැයීමකට ලක් කිරීමෙන් අනතුරුව වසරක කාළයක් සදහා මෙම Digital Nomad Visa නිකුත් කිරීම සිදු කෙරේ .

එහිදී ඔවුන්ගේ බැංකු ගිණුම් සහ ආදායම් බදු ගෙවීම් පිළිබද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සංචාරයක අමාත්‍යංශය හා ආගමන විගමන දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් අධීක්ෂණයන් සිදු කරනු ලබයි.

මෙම Digital Nomad Visa පහසුකම හිමි වූ පළමු විදෙස් ජාතිකයා වූයේ යූක්‍රේන ජාතික ඩාර්යා ගෝර්ඩියෙන්කෝ මහත්මිය සහ ඇයගේ සැමියා වූ යාරොස්ලාව් කොවෙල්චුක් මහතායි.

ඔවුන් වෙත Digital Nomad Visa බලපත්‍රය පිරිනැමීමේ උත්සවයට ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න , ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා පාළක නයනා සේනාරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙම Digital Nomad Visa කාණ්ඩය පිළිබඳව වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිසීමේන් ලබාගත හැක. 

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *