ලිහිනි සී ෆුඩ්ස් NCE අපනයන සම්මාන උළෙලේදී රන් සම්මාන දිනයි
Lihini Sea Foods පෞද්ගලික සමාගම සමාගම 33 වන NCE අපනයන සම්මාන උළෙලේදී, මාළු හා ධීවර නිෂ්පාදන අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය විසිනි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට සමාගම සිදු කර ඇති විශිෂ්ට දායකත්වය සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පවත්වා ගෙන යන උසස් ප්‍රමිතිය පිළිබඳ සහතිකයකි. 2004දී ඇරැඹූ Lihini Sea Foods සමාගම ධීවර කර්මාන්තයේ පරම්පරා දෙකක අත්දැකීම් මත ගොඩ නැගී යුරෝපය, ආසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව ඇතුළු රටවල් රැසකට උසස් තත්ත්වයේ මුහුදු ආහාර අපනයනය කරයි. ටූනා, ස්වෝර්ඩ් ෆිෂ්, රීෆ් ෆිෂ් ඇතුළු උසස් වටිනාකමකින් යුතු මාළු වර්ග ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව සැකැසීම සමාගමේ සුවිශේෂත්වයකි.
සමාගම සිය වටිනාකම් එකතු කළ නිෂ්පාදන පෙළ තව දුරටත් පුළුල් කරමින් Seafood Sausage නිෂ්පාදන කෙරෙහි ඉහළ අවධානයක් යොමු කර ඇත. එම Seafood Sausage නිෂ්පාදන පෙළට Premium Fish Sausages, Chilli Fish Sausages, Naimiris Fish Sausages, Smoked Fish Sausages, Seafood Sausages සහ Prawn Sausages ඇතුළත් වේ. Seafood Ball නිෂ්පාදන පෙළ යටතේ විවිධ Seafood Ball සකසන අතර Breaded නිෂ්පාදන පෙළ යටතේ Fish Cutlets, Nai-Miris Fish Cutlets, Fish Patties සහ Fish Rolls නිපදවයි. එසේම ටූනා ලොයින්ස්, ස්ටීක්ස්, ෆිලට්ස්, ක්‍රැබ්ස්, සෂිමි තත්ත්වයේ කට්ස්, Vacuum-packed කොටස් සහ Retail-ready ඇසුරුම් විසඳුම්ද සමාගම ඉදිරිපත් කරයි. මෙම Ready-to-cook සහ Ready-to-eat නිෂ්පාදන සමාගමේ නව්‍යකරණය, වටිනාකම් එකතු කිරීම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ අවශ්‍යතා සැපිරීම පිළිබඳ කැපවීමට සාක්ෂියකි. මාසිකව මෙට්‍රික් ටොන් 175කට ආසන්න නිෂ්පාදන හැකියාවක් සහිත නවීන තාක්ෂණයෙන් සමන්විත සැකැසුම් කර්මාන්ත ශාලාවක් සමාගම පවත්වා ගෙන යයි. BRC “AA” Grade, IFS, HACCP, FDA, GMP, SSOP, Friend of the Sea සහ Dolphin Safe වැනි ජාත්‍යන්තර සහතික සමාගම සතුව ඇති අතර ඒවා ආහාර ආරක්ෂාව, තිරසාර ධීවර කළමනාකරණය සහ නෛතික අනුකූලතා පිළිබඳ සමාගමේ අඛණ්ඩ කැපවීම තහවුරු කරයි. මෙම රන් සම්මානය Lihini Sea Foods සමාගමේ අඛණ්ඩ අපනයන වර්ධනය, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ගෝලීය වෙළෙඳපොළ තුළ තව දුරටත් ව්‍යාප්ත වීමට ඇති ශක්තිමත් දැක්ම යළි තහවුරු කරයි.
උපුටා ගැනීම : අද දෙරණ