ලොව හොඳම ආයෝජකයින් ජූනි 10 වෙනිදා ලංකාවට

0
Sri-Lanka-Investment-Summit-2026

ශ්‍රී ලංකා ඉතිහාසයේ පවත්වනු ලබන විශාලතම ආයෝජන හමුව එළඹෙන ජුනි මස 10 වන දින පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි. ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

එම ආයෝජන හමුව හරහා ලෝකයේ සිටින හොදම ආයෝජකයින් ලංකාවට ගෙන්න ඒමට සැලසුම් කර ඇති බව ද සභාපතිවරයා එහි දී පවසා සිටියේය. ඒ හරහා මෙරට සිටින අපනයනකරුවන් හට එම ආයෝජකයින් හමු වී මෙරට අපනයන තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වන බවද ඔහු එහි දී වැඩිදුරටත් පවසා සිටියේය.

“විශේෂයෙන්ම මීට අමතරව අපිට තියෙනවා, ආයෝජන හමුවක් ලංකාවේ ජූනි මාසේ 10 වෙනිදා. ඒක මෙතෙක් ලංකාවේ පැවති ඉතා විශාලතම හා ආකර්ෂණීයම ආයෝජන හමුව වෙන්න පුළුවන්. එහිදී බලාපොරොත්තු වෙන්නේ ලෝකේ හොදම ආයෝජකයෝ ලංකාවට ගෙන්න ගන්න. අපගේ අපනයනකරුවන්ට පුළුවන්, ලෝකේ ඉන්න හොඳම ගැනුම්කරුවෝ හා ආයෝජකයෝ අපි මුහුණට හමුවෙලා, අපගේ අපනයන තවදුරටත් වර්ධනය කරගන්න අපිට අවස්ථාවක් හම්බවෙයි.“

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *