යාවත්කාලීන කළ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන සහ රාජ්‍ය මූල්‍ය අරමුණු සඳහා රුකුලක් සැපයීම පිණිස විනිවිදභාවයෙන් යුතු පුරෝකථනය කළ හැකි සහ සංගත (Coherent) තීරුබදු රාමුවක් ස්ථාපනය කිරීම පිණිස ජාතික තීරුබදු ප්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබ ඇත.
අදාළ බදු සම්බන්ධිත අණපනත් සමඟ අනුකූලතාවය සහතික කිරීම සහ එකී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ආශ්‍රිත පැන නැගී ඇති ගැටලු විසඳීමේ අරමුණින් එම ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කර යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහා 2025-11-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව විසින් මෑතකාලීන ආර්ථික, රාජ්‍ය මූල්‍ය සහ වෙළෙඳ කටයුතු ආශ්‍රිත දත්ත මෙන්ම අදාළ වන නීති අණපනත් සමඟ පූර්ණ වශයෙන් අනුකූල නොවන තීරුබදු ප්‍රතිපත්තියේ විධිවිධාන පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කරනු ලැබ ඇත.
එසේම, ජාතික තීරුබදු ප්‍රතිපත්තියේ ව්‍යාකූලතාවන් ඉවත් කිරීම සහ ප්‍රතිපත්තිමය විධිවිධාන හා ව්‍යාවස්ථාපිත අවශ්‍යතා සමඟ අනුකූලතාව සහතික කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් ලබා දෙනු ලැබ ඇති නීරික්ෂණ ද එකී සමාලෝචනයේදී සැලකිල්ලට ගෙන තිබේ.
ඒ අනුව, ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව යාවත්කාලීන කළ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
උපුටා ගැනීම : අද දෙරණ