මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සවිබල ගැන්වීම වෙනුවෙන් කැපවුණු Technomedics සිය අභිමානවත් 30 වැනි සංවත්සරය සමරයි

0
rsz_1rsz_image_13

ශ්‍රී ලංකාවේ වෛද්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම විශ්වාසයක් දිනා ගත් සන්නාමයක් වන Technomedics Intenational, වසර 30කට අධික දිගු කාලපරිච්ඡේදයක් තුළ සිදුකළ මහඟු සේවාව සහ කැපවීම පසුගිය දා ඉතා අභිමානයෙන් සමරනු ලැබීය. ජීවිත රැකගැනීම , රෝගී සත්කාරක සේවා තවදුරටත් ඉහළ නැංවීම සහ මෙරට සෞඛ්‍ය පද්ධතිය සවිමත් කිරීම වෙනුවෙන් ඔවුන් සිදුකළ  දිගුකාලීන  කැපවීම මෙහිදී මැනවින් ප්‍රදර්ශනය විය. ආරම්භයේ සිට මේ දක්වා පැමිණි දිගු ගමනේ දී රජයේ සහ පෞද්ගලික සෞඛ්‍ය ආයතනවල නොසැලෙන සහකරුවෙකු ලෙස සිය ස්ථාවරය තහවුරු කර ගැනීමට Technomedics International ආයතනය සමත් වී ඇත. හුදෙක් වෛද්‍ය උපකරණ සැපයුම්කරුවෙකුගේ සීමාවෙන් ඔබ්බට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ සායනික ප්‍රමිතීන් ඉහළ නැංවීමටත්, අනාගත ලෝකයට ගැළපෙන නවීන තාක්ෂණය හඳුන්වා දීමටත්, ශ්‍රී ලංකාවේ  වෛද්‍ය වෘත්තිකයන් සවිබල ගැන්වීමටත් කැපවුණු උපායමාර්ගික සෞඛ්‍ය හවුල්කරුවෙකු ලෙස Technomedics ආයතනය ඇගයීම් ලබා තිබේ.

මෙරට සෞඛ්‍ය අවශ්‍යතාවන්ට ගැළපෙන ගෝලීය මට්ටමේ වෛද්‍ය විසඳුම් ලබාදීම උදෙසා පසුගිය දශක ත්‍රිත්වය පුරාවට Technomedics ආයතනය  වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, ජෛව වෛද්‍ය ඉංජිනේරු කණ්ඩායම් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු පාර්ශව රැසක් සමඟ සමීපව කටයුතු කර ඇත. ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සන්නාමයන් සමඟ එක්ව හඳුන්වාදෙන ලද නවීන වෛද්‍ය නවෝත්පාදන රැසක් Technomedics ආයතනයේ නිෂ්පාදන පෙළෙහි අන්තර්ගත වේ.එපමණක් නොව  පුළුල් දැනුම හුවමාරු කර ගැනීම, තාක්ෂණික පුහුණුව සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව සමඟින් එම සේවාවන් වඩාත් සවිමත් කර තිබේ.

‘මානුෂීය වටිනාකම් සහ එමඟින් සමාජයට සිදුවන බලපෑම’ Technomedics ආයතන ගමන් මගෙහි මූලික හරය වේ. Technomedics පුහුණු වැඩසටහන් සහ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරන අතර ඒ ඔස්සේ දිවයින පුරා සිටින සෞඛ්‍ය සේවා කණ්ඩායම්වලට විශිෂ්ට සායනික ප්‍රතිඵල ලබා දීමට හැකි වන පරිදි පහසුකම් සැලසීම ඔවුන්ගේ පරමාර්ථයයි. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය සහ ඉන්පසුව උද්ගත වූ ආර්ථික අභියෝගාත්මක කාලසීමාවල දී ජාතික අවශ්‍යතා සඳහා පෙරමුණ ගත් සෞඛ්‍ය පද්ධතියේ විශ්වසනීය පාර්ශවකරුවෙකු ලෙස Technomedics ආයතනය විසින් සිය දායකයත්වය ලබා දෙන ලදී. මූලික වෛද්‍ය තාක්ෂණික ව්‍යාපාරයට අමතරව, උපායමාර්ගික   සහ අපනයන ඉලක්ක කරගත් ක්ෂේත්‍ර දක්වා ද විවිධාංගීකරණය වෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට දායක වීමට  Technomedics Intenational කටයුතු කර ඇත.

Technomedics හි දශක තුනක සේවා අභිමානය සමරන මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් Technomedics Intenational ආයතනයේ නිර්මාතෘ  සහ සමූහ සභාපති සුජිත් සමරදිවාකර මහතා මෙසේ ප්‍රකාශ කළේය. “මිනිස් ජීවිත වඩාත් අර්ථවත් කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැගීම සඳහා උපරිම දායකයත්වය සැපයීම පිළිබඳ වූ අපගේ මූලික අරමුණු මෙම වසර 30ක දිගු කාලය පුරාවට ද නොවෙනස්ව පවතිනවා.අප ආයතනය කෙරෙහි ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ආයතන සහ වෛද්‍ය වෘත්තිකයන් තබා ඇති ඉමහත් විශ්වාසය පිළිබඳව අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. අපගේ සාර්ථකත්වයේ පදනම වන්නේ ශක්තිමත් හවුල්කාරිත්වය, අඛණ්ඩ අධ්‍යයනය සහ සමාජය කෙරෙහි පවතින වගකීමයි. අනාගතයේ දී ද අපගේ කාර්ය මණ්ඩලය, නවෝත්පාදන කටයුතු සහ සෞඛ්‍ය ප්‍රමිතීන් ඉහළ නංවන නවීන තාක්ෂණය වෙනුවෙන් ආයෝජනය කිරීමට අප කැපවී සිටිනවා.”

වර්තමානය වන විට ජාත්‍යන්තර දැක්මක් සහිත දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ සංකේතයක් බවට Technomedics Intenational ආයතනය පත්ව තිබේ.ආයතනය විසින් අනුගමනය කරන සදාචාරාත්මක පිළිවෙත්, විශ්වසනීයත්වය සහ ප්‍රතිඵල මත පදනම් වූ ප්‍රවේශය හරහා ඉහළම ඇගයීමක් දිනා ගැනීමට Technomedics සමත් වී ඇත. මෙම ආයතනයේ විශිෂ්ට ඉතිහාසය වසරවලින් පමණක් නොව, එහි සේවාවන් ඔස්සේ සුවපත් වූ දහස් ගණනක් වූ ජීවිත මෙන්ම මෙරට තුළ ගොඩනංවන ලද සෞඛ්‍යමය ප්‍රමිතීන් මඟින් ද මැනිය හැකිය.

Technomedics Intenational ආයතනයේ  නවෝත්පාදනය ,සහයෝගීතාවය සහ සියලුදෙනා වෙත උසස් සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා වන පොදු අරමුණ හරහා අනාගතයේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළ නැංවීම සඳහා ඔවුන් විසින් දක්වන අඛණ්ඩ දායකත්වය මැනවින් සහතික කෙරේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *