ජාත්‍යන්තර මට්ටමේ සංචාරක පුහුණු කේන්ද්‍රස්ථානයක් හබරණ දී ස්ථාපිත කිරීමට සැලසුම්

0
Habarana-e1771494302400

සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා මෙරට සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ සහතික ලබාදීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සංචාරක පුහුණු හා දැනුම් කේන්ද්‍රස්ථානය, හබරණ දී ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM) සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද (19) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී යි.

මෙම මධ්‍යස්ථානය හරහා මේ වන විට සුළු ප්‍රමාණයකට ලඝු වී ඇති සංචාරක පුහුණු වැඩසටහන් පුළුල් කිරීමට හැකි වන බව ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ය.

“තවත් විශේෂ නිවේදනයක් කියන්න කැමති. ඉතාමත් හොද බලාපොරෙත්තුවක් අපිට තියනවා. විශේෂයෙන්ම හබරණ එයත් අතැරලා දාපු ගොඩනැගිල්ලක්, බාගෙට නිම කරපු ගොඩනැගිල්ලක් තියනවා. එය මේ වෙද්දි ආසියානු සංවර්ධන බැංකුවට අපි ව්‍යාපෘතියක් ලබා දුන්නා. ඔවුන් කැමති අපිට උදව් කරන්න. 1 billion වගේ target එකක් අපිට ඒ construction එක ඉවර කරන්න. ලංකාවේ පලවෙනි international level එකේ tourism training center එක බවට පත් කරන්න හබරණ. මොකද මේ වෙද්දි අපි කරන සමස්ථ training ප්‍රමාණය ලඝු වෙලා තියෙන්නේ tour guiding වගේ සීමිත ප්‍රමාණයක පමණයි. නමුත් අපි දකිනවා සංචාරක ක්ෂේත්‍රෙය් පුළුල් වෙනවනම් අපිට අවශ්‍යයි තවත් wild life පැත්තේන්, heritage පැත්තෙන්, Spiritual tourism පැත්තෙන් agro tourism පැත්තෙන්, culinary tourism. ඉතින් අපි දකිනවා හබරණ ඉතාමත් හොද hub එකක් විදිහට තියනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සීගිරිය, අනිත් පැත්තෙන් පොලොන්නරුව, අනුරාධපුරය ගත්තොත් Spiritual වගේ segment වලට අපිට යන්න පුළුවන්කමක් තියනවා. හිරිවටුන වගේ තැන්වල community based approaches තියනවා. agro tourism ඒ පලාතෙම තියනවා. මේ දේවල් based කරගත්ත international certifications align කරගත්ත ලංකාවේ පලවෙනි ජාත්‍යන්තර මට්ටමේ training and knowledge hub එක බවට ඒ හබරණ center එක පත්කරන්න. මේ වෙද්දි ඉතාමත් වේගෙන් අපි ඒක කරමින් ඉන්නවා. ඒක ක්‍රියාත්මක කරන්න.”

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *