සංචාරක පැමිණීම ලක්ෂ 4 ඉක්මවයි

0
ChatGPT-Image-Feb-16-2026-09_37_23-AM-e1771214867547

2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 400,000 සීමාව ඉක්මවා ඇති බවට වාර්තා වෙයි.

ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 401,787ක් ලෙසයි.

මේ අතර 2026 පෙබරවාරි මාසයේ පළමු දින 12 තුළ 124,460ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පවසයි.

මෙම කාල සීමාව තුළ 12,731ක ඉහළම සංචාරක පැමිණීම පෙබරවාරි 12 වන දින වාර්තා වී ඇත.

පෙබරවාරි මාසයේ පළමු දින 12 තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 18,819ක් එක්සත් රාජධානියෙන් 14,513ක් ජර්මනියෙන් 10,556ක් සහ රුසියාවෙන් 9,815ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *