Kandy Myst by Cinnamon කන්ද උඩරට ආගන්තුක සත්කාරයේ වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරයි

0
Image-1-Kandy-Myst-by-Cinnamon-Main-image-1-e1770964303795

කන්ද උඩරට අලංකාරත්වයට නවමු අත්දැකීමක් සමඟින් සංස්කෘතිය, මානව ජීවන රටාව හා ආර්ථිකය යන අංශවල සුවිසල් වෙනසක් ඇති කිරීමට දායක වූ Kandy Myst by Cinnamon සිය පළමු සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. 2025 පෙබරවාරි මස 12 වන දින Cinnamon Hotels & Resorts සහ Indra Traders (Pvt) Ltd හි හවුල්කාරීත්වය යටතේ ඇරඹි මෙය අද වන විට ශ්‍රී ලාංකේය සංචාරක විශිෂ්ටත්වයේ ප්‍රමුඛතම සාධකයක් බවට පත්ව ඇත්තේ කන්ද උඩරට සැබෑ උරුමයේ අභිමානය ලොවට හඬගා කියමිනි.

මහනුවර නගරයේ වැඩිම සංචාරක නවාතැන් පහසුකම් ප්‍රමාණයකට හිමිකම් කියන Kandy Myst by Cinnamon, කාමර 215ක්  සමන්විත වන අතර මහනුවර නගරයේ ප්‍රධාන සංචාරක හා ආකර්ෂණීය ස්ථානයන් වෙත පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති බැවින්, පාරිභෝගිකයින් වෙත නවමු අත්දැකීමක් ලබා දීමට කටයුතු කර ඇත. Kandy Myst by Cinnamon හි අවන්හල් වන Grains Dining, Kosmos Skybar සහ Terra Lounge වලින් සමන්විත වූ අතර දේශීය විදේශීය සංචාරකයන් අතර Kosmos Skybar හි Infinity Pool අත්දැකීම දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතාමත් ජනප්‍රිය විය.

ගෙවුණු පළමු වසර තුළ සැලකිය යුතු ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට Kandy Myst by Cinnamon සමත් වූයේ සිය විශිෂ්ට සේවාව පිළිබඳ මනාව ප්‍රදර්ශනය කරමිනි.  මෙහිදී LEED සම්මානයෙන් පිදුම් ලැබූ මහනුවර ප්‍රථම හෝටලය බවට පත් වීමටද Kandy Myst by Cinnamon සමත් වීම විශේෂත්වයකි. ශ්‍රී ලාංකේය අනන්‍යතාව තව දුරටත් ඉදිරියට ගෙන යමින් දේශීය හා ජාත්‍යන්තර උත්සව හා වැඩසටහන් පැවැත්වීමේ හැකියාවද Kandy Myst by Cinnamon සතුය. ගෝලීයව පිළිගත් Alpha Blondy වැනි සුවිශේෂී අවස්ථාවන් වෙනුවෙන් දායකත්වය ලබා දීම මෙන්ම 2025 මැයි මාසයේදී නවසීලන්ත U85kg ශ්‍රී ලංකා රග්බි තරගාවලියේ  නිල කුසලානය එලි දැක්වීමද ඒ අතරින් ප්‍රධාන වේ.

මීට අමතරව ගෙවුණු වසර පුරාම විවිධ උත්සව, තෝරාගත් වැඩසටහන් සමඟින් පාරිභෝගික සබඳතාව හා විශ්වාසය තවදුරටත් ඉහළ නංවා ගැනීමට Kandy Myst by Cinnamon සමත් විය. එහිදී සිය පාරිභෝගිකයින් වෙත සුවිශේෂී ප්‍රතිලාභ ලබා දෙමින් උසස් තත්වයේ සේවාවක් නිරන්තරයෙන් ලබා දීමට කටයුතු කළ Kandy Myst by Cinnamon මෙරට සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය හා ආර්ථික ප්‍රගමනය වෙනුවෙන් දක්වන දායකත්වය අති මහත්ය. දේශීය ආයතන හා සංවිධාන සමඟින් එක්ව විවිධ සමාජ සත්කාරක වැඩසටහන් දියත් කිරීමටද Kandy Myst by Cinnamon කටයුතු කර ඇත්තේ කන්ද උඩරට සංචාරක සත්කාරයේ සැබෑ විශිෂ්ටත්වය පෙන්වා දෙමිනි.

ජයග්‍රාහී පළමු වසර අවසන් කොට බලාපොරොත්තු සහගත දෙවන වසරට පැමිණ සිටින Kandy Myst by Cinnamon දේශීය හා ජාත්‍යන්තර අමුත්තන් වෙත සිය ප්‍රණීත ආහාර පාන, සමාජීය හා ජීවන රටා අත්දැකීම් විඳගැනීමට එක්වන ලෙස ආරාධනා කර සිටියි.

උණු ජල පිහිනුම් තටාකය

Kandy Myst by Cinnamon ඉදිරිපස

ඡායාරූප විස්තරය –  Kandy Myst by Cinnamon

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *