Evolution Auto වෙතින් හඳුන්වා දුන් KYC V7 පිළිබඳ Onesh Investment සහ Tropical Seeds ආයතන සිය අත්දැකීම් බෙදා ගනියි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් මෝටර් රථ විසඳුම් සම්පාදකයා වන Evolution Auto, සිය KYC විද්‍යුත් වාණිජ වාහන හතක් දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු සඳහා Onesh Investment සහ Tropical Seeds යන ආයතන සමඟ එක්ව සාර්ථකව යෙදවීමට සමත්ව ඇත. ශ්‍රී ලංකේය ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා මෙම වැඩපිළිවෙළ මගින් විද්‍යුත් වාණිජ වාහන යනු විශ්වසනීය, පහසුවෙන් ව්‍යාප්ත කළ හැකි මෙන්ම ලාභදායී විකල්පයක් බව තහවුරු කරන ප්‍රායෝගික සාක්ෂියක් වනු ඇත.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි දැනටමත් ක්‍රියාකාරී වාණිජ සේවාවන්හි යොදවා ඇති මෙම KYC විද්‍යුත් වාහන, පූර්ණ වාණිජ බර (Full Load) සහිතව දෛනික බෙදාහැරීමේ කටයුතු සඳහා නිරන්තරයෙන් දායක වේ. කිලෝග්‍රෑම් 1200ක් දක්වා වූ බරක් ප්‍රවාහනය කිරීමේ දී පවා එක් වරක් ආරෝපණය කිරීමෙන් (Per Charge) කිලෝමීටර් 300 සිට 350කට අධික දුරක් ධාවනය කළ හැකි බව මෙහෙයුම් දත්ත මගින් තහවුරු වී ඇති අතර මේ දක්වා කිසිදු යාන්ත්‍රික හෝ ක්‍රියාකාරී දෝෂයක් වාර්තා වී නොමැත. මීට අමතරව, කිලෝමීටර් 11,000 – 12,000 ක පමණ දුරක් කිසිදු සේවා වාරයකින් තොරව ධාවනය වෙමින් පවතින මෙම වාහන ඒවායේ කල්පැවැත්ම සහ නඩත්තු පිරිවැය අවම බව මනාව තහවුරු කර ඇත.
ශ්‍රී ලංකාවේ පවතින අභියෝගාත්මක ධාවන පරිසරය තුළ වුවද වාණිජ කටයුතු සඳහා විද්‍යුත් වාහන දිගුකාලීනව සහ ප්‍රායෝගිකව යොදාගත හැකි බව මෙම ව්‍යාපෘතිය මගින් තහවුරු කරයි. එමෙන්ම විද්‍යුත් වාහන පිළිබඳ කතාබහ හුදු පර්යේෂණ මට්ටමේ ව්‍යාපෘති හෝ පරීක්ෂණ ධාවන පථවලට පමණක් සීමා වූ ප්‍රකාශයන්ගෙන් ඔබ්බට ගොස් ඒවා සැබෑ ලෝකයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි බව මෙයින් මනාව පැහැදිලි වේ.
Evolution Auto හි, වාණිජ වාහන අලෙවි සහ මෙහෙයුම් ප්‍රධානී ඩිවාන් විජේරත්න මහතා, “මෙම වාහන භාවිතයට ගැනීම කෙතරම් සරල මෙන්ම ප්‍රබල පියවරක්ද යන්න මෙමගින් මනාව පැහැදිලි වෙනවා. KYC විද්‍යුත් වාණිජ වාහන යනු අත්හදා බැලීම් මට්ටමේ පවතින ඒවා නොව, සැබෑ ශ්‍රී ලාංකික මාර්ග සහ දේශගුණික තත්ත්වයන් යටතේ දිනපතා ක්‍රියාත්මක වන වාහනයි. රියදුරු සුවපහසුව සහ බාධාවකින් තොරව මෙහෙයුම් සිදු කිරීමේ සිට, ධාවන පරාසයේ විශ්වසනීයත්වය සහ බර පැටවීමේ ධාරිතාවය දක්වා වාණිජ මෙහෙයුම්කරුවෙකුගේ සියලු අවශ්‍යතා මෙම වාහන බලඇණිය සපුරා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සැපයුම් ජාල සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය පුරා විද්‍යුත් වාහන ව්‍යාප්ත කිරීමට අවශ්‍ය විශ්වාසය මෙයින් අපට ලැබෙනවා.” යනුවෙන් සිය අදහස් දැක්වීය.
Onesh Investment සහ Tropical Seeds ආයතනවල මෙහෙයුම් කණ්ඩායම් සහ රියදුරන් පවසන පරිදි, මෙම වාහන ඉතා ස්ථාවර මට්ටමේ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන අතර රියදුරු අත්දැකීම සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට ද සමත්ව ඇත. දෛනික බෙදාහැරීමේ කටයුතු වලදී විද්‍යුත් වාහන භාවිත කිරීමේ ප්‍රායෝගික වාසි රැසක් ඔවුන් පෙන්වා දෙයි. රිය පැදවීමේ දී දැනෙන විඩාව අවම වීම, උපරිම බර පැට වූ අවස්ථාවල දී පවා වාහනය ඉතා සුමටව හැසිරවීමට හැකි වීම සහ KYC V7 මාදිලියේ ඇති ප්‍රායෝගික පසුපස දොරවල් නිසා භාණ්ඩ පැටවීම සහ බෑම ඉතා පහසු වීම ඒ අතර ප්‍රධාන වේ.
KYC විද්‍යුත් වාණිජ වාහන භාවිතයට ගැනීම හරහා මෙම සමාගම් විද්‍යුත් වාහන භාවිතය යනු හුදෙක් පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් ගත් පියවරකට වඩා ව්‍යාපාරික කාර්යක්ෂමතාව වැඩි කිරීම වෙනුවෙන් ගත් තීරණයක් ලෙස ස්ථාපිත කර ඇත. විශ්වාසදායී ධාවන පරාසය, බර පැටවීමේ දී පවතින ස්ථාවරත්වය සහ බාධාවකින් තොර දෛනික මෙහෙයුම් යන සියල්ලේ එකතුව, සාම්ප්‍රදායික ඉන්ධන වාහනවලින් මිදී විද්‍යුත් වාහන වෙත යොමු වීමේ ඇති වාණිජමය වාසිය මනාව ඉස්මතු කරයි.
විද්‍යුත් වාහන යනු කෙටි නාගරික ගමන් සඳහා පමණක් සුදුසු, ධාවන පරාසය පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි හෝ බරැති වාණිජ කටයුතු සඳහා යොදාගත නොහැකි වාහන වර්ගයක් ලෙස මෙතෙක් පැවති දුර්මතයන්ට මෙම ව්‍යාපෘතිය අභියෝගයක් එල්ල කරයි. ඒ වෙනුවට විද්‍යුත් වාණිජ වාහන යනු දිවයින පුරා මෙහෙයුම් සඳහා ඉතා දක්ෂ, විශ්වාසදායී සහ ආර්ථිකමය වශයෙන් වාසිදායක විකල්පයක් බවට නව ප්‍රමිතියක් මෙමගින් ස්ථාපිත කෙරේ.
විද්‍යුත් වාහන තාක්ෂණය වෙත යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා ප්‍රායෝගිකව අත්හදා බැලූ වාහන විසඳුම්, මෙහෙයුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය, අලෙවියෙන් පසු විශිෂ්ට සහාය සහ සැබෑ දත්ත මත පදනම් වූ විශ්වසනීයත්වය ලබා දීමට Evolution Auto කැපවී සිටියි.
KYC විද්‍යුත් වාණිජ වාහන සහ Evolution Auto හි අනෙකුත් වාහන එකතුව පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.evolutionauto.lk වෙබ් අඩවියට පිවිසෙන්න, නැතහොත් 0777 553 355 දුරකථන අංකය හරහා සම්බන්ධ වන්න.
END