අඛණ්ඩව මාස තුනක් නොවෙනස්ව පැවති කොළඹ උද්ධමනය යළි ඉහළට

0
inflation-1A

අඛණ්ඩව මාස තුනක් නොවෙනස්ව පැවති කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජනවාරි මාසයේ දී 2.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 2025 දෙසැම්බර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය වාර්තා වූයේ 2.1% ක් ලෙසයි.

2026 ජනවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 3.3% දක්වා වැඩි වී ඇති අතර 2025 දෙසැම්බර් මාසයේ දී එය වාර්තා වූයේ 3.0% ක් ලෙසයි.

එමෙන්ම, 2025 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 1.8% ක් ලෙස පැවති අතර,2026 ජනවාරි මාසය සඳහා ද එම අගය 1.8%ක් ලෙස නොවෙනස්ව පවතී.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *