දෙසැම්බර් තෙවන සතියේ 60,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් දිවයිනට
2025 දෙසැම්බර් තෙවන සතිය තුළ 60,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ දෙසැම්බර් තෙවන සතිය තුළ 61,579ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි.
ඒ සමඟ දෙසැම්බර් මාසයේ පළමු දින 21 තුළ 154,609ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර වසරේ මේ දක්වා 2,258,202ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.
දෙසැම්බර් පළමු දින 21 තුළ 10,245ක ඉහළම සංචාරක පැමිණීම දෙසැම්බර් 21 වැනි දින වාර්තා වී ඇති අතර දෙසැම්බර් 18, 19, 20, 21 යන දිනයන් හතර තුළ දී ම 9,000 ඉක්ම වූ සංචාරක පැමිණීමකත් වාර්තා වී තිබීම දැකගත හැකියි.
වසරේ මේ දක්වා ඉන්දියාවෙන් 510,133ක්, එක්සත් රාජධානියෙන් 204,703ක්, රුසියාවෙන් 174,267ක්, ජර්මනියෙන් 141,941ක් සහ චීනයෙන් 129,403ක් ලෙසින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.




උපුටා ගැනීම: අද දෙරණ