CMTA විසින් ශ්‍රී ලංකාවේ වාහන මිල දී ගන්නන් ආරක්ෂා කිරීම සඳහා “Buy Brand New” වැඩසටහන දියත් කරයි.
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ මෝටර් රථ කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින, සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝසියේශන් (CMTA), දිවයින පුරා වාහන ගැනුම්කරුවන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස, විවිධ ආනයනකරුවන් හරහා වාහන ගෙන්වා ගැනීමෙන් ඇති වන අවදානම සහ බලයලත් නියෝජිතයන් හරහා වාහන මිල දී ගැනීමේ ප්‍රතිලාභ පිළිබඳව ජාතික දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන සමගින්, තම වාහන සඳහා ආයෝජනය කිරීමේ දී වඩා බුද්ධිමත්, ආරක්ෂිත තේරීම් සිදු කිරීමට පාරිභෝගිකයින්ට මඟ පෙන්වීම CMTA හි අරමුණයි.
බලයලත් ඒජන්තවරයෙකුගෙන් නොවන ආනයන මාර්ග හරහා ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම වැඩි වෙමින් පවතියි. මතුපිටින් බැලූ විට, ඒවායින් බොහොමයක් ලාභ සහගත බව පෙනුනත්, එහි සැඟවුණු අවදානම් තත්වයන්ට මුහුණ දීමට පාරිභෝගිකයන්ට සිදු විය හැකිය. මේ අතර වාහනයේ දුර ප්‍රමාණය වෙනස් කර තිබීම (tampered mileages), පෙර සිදු වූ අනතුරු ඇතුළු පෙර තොරතුරු සොයා ගත නොහැකි වීම, නිෂ්පාදකයා විසින් සපයන වගකීමක් නොමැතිකම, නියම අමතර කොටස් සහ අලෙවියෙන් පසු සේවා සපයන බවට සහතික කිරීමක් නොමැති වීම මේ අතර වේ. කෙටි කාලීනව මෙය පාරිභෝගිකයාට මුදල් ඉතිරි කරනු ලැබූව ද, දීර්ඝ කාලීනව පාරිභෝගිකයාට හිතේ සැනසීම අහිමි කරමින් හා නඩත්තු යනාදිය වෙනුවෙන් වැඩි පිරිවැයක් යෙදවීමට හේතු විය හැකිය.
මෝටර් රථ නිෂ්පාදකයාගේ බලයලත් නියෝජිතයෙකු හරහා වාහනයක් මිල දී ගැනීමේ දී පාරිභෝගිකයාට විවිධ වාසි ලබා ගත හැකි වේ. එහි දී සිදු කරන සෑම මිල දී ගැනීමක් පසුපසම නිෂ්පාදකයා විසින්ම පුහුණු කරන ලද විශ්වසනීය පසු අලෙවි සේවා කණ්ඩායමක් සිටියි. තවද, අවශ්‍ය සෑම විටකම අමතර කොටස් ලබා ගැනීමේ හැකියාව හා වාහනයේ ආයු කාලය පුරාවටම, පැය 24ක් පුරා මහමඟ දී පවා ලබා දෙන සේවාව වැනි වාසි මේ අතර වේ. බලයලත් නියෝජිතයන් හරහා මිල දී ගන්නා වාහන වෙත සම්පූර්ණ නිෂ්පාදන වගකීමක් සතු වේ. මෙය අනපේක්ෂිත අලුත්වැඩියා වියදම්වලින් පාරිභෝගිකයාව ආරක්ෂා කරන අතර, ඉහළ විශ්වසනීයත්වයක් ද සහතික කරයි. එසේම එය රජයට අළුත්වැඩියා සහ අමතර කොටස් ආනයනය සඳහා අනවශ්‍ය ලෙස විදේශ විනිමය වැය වීම අඩු කිරීමට උපකාරී වේ.
බලයලත් නියෝජිතයන් හරහා ආනයනය කරන ලද වාහන ශ්‍රී ලංකාවේ කාලගුණය සහ මාර්ග ස්වභාවය යනාදිය සලකා බලමින් ශ්‍රී ලාංකික තත්ත්වයන්ට ගැලපෙන පරිදි විශේෂයෙන් නිර්මාණය කරයි. ගෝලීය නිෂ්පාදකයින් මෙම වාහන ආරක්ෂිත ආපසු කැඳවීම් (safety recalls) නිවේදනය කරන විට ඒ වෙනුවෙන් ද සුදුසුකම් ලබයි. ඒ වාහන හිමිකරුවන්ට වාහනය මිල දී ගෙන වසර ගණනකට පසුව වූවද ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කළ හැකි නිවැරදි කිරීම් කිසි විටෙකත් මග නොහැරෙන බවට සහතික කරමිනි. තවද, රටට වාහන ආනයනය කිරීම හා සම්බන්ධ සියලුම ගෙවීම් සදාචාරාත්මකව සිදු කරනු ලබන අතර ආනයන බදු නිවැරදිව රජයට ගෙවනු ලබයි. අඩු ඉන්වොයිස් කිරීමක් හෝ නීතිමය නොවන මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ (උන්ඩියල්) මුදල් හුවමාරු කිරීමක් සිදු නොවේ. තම අවශ්‍යතාවය පරිදි, බලයලත් නියෝජිතයන් හරහා නවතම වාහනයකට මාරු කිරීමට හා නැවත වැඩි විකුණුම් වටිනාකමක් ලබා ගත හැකි වීම පාරිභෝගිකයන්ට මින් ඇති තවත් ප්‍රතිලාභයන් වේ.
CMTA විධායක කමිටු සාමාජික තරංග ගුණවර්ධන මහතා, “එදිනෙදා පාරිභෝගික ආරක්ෂාව සඳහා පමණක් නොව, ජාතික ආර්ථිකය සඳහා ද අයහපත් බලපෑම් ඇති කරමින් මෙම වාහන ආනයනය, බලයලත් ඒජන්තවරයෙකුගෙන් නොවන ආනයන මාර්ග හරහා සිදු වීම වර්ධනය වී තිබීම කනස්සල්ලට කරුණක්. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන හරහා පාරිභෝගිකයන්ට දැනුවත් තීරණ ගැනීමට සහ බලයලත් නියෝජිතයකු හරහා නව වාහනයක් මිල දී ගැනීමේ සැබෑ වටිනාකම අවබෝධ කර දෙමින් සෑම ගනුදෙනුවකම විනිවිදභාවය පෙන්නුම් කරමින් පාරිභෝගිකයන්ට මානසික සහනය ලබා දීමට අපි අපේක්ෂා කරනවා.” යනුවෙන් අදහස් දැක්වීය.
2025 පෙබරවාරි හි දී, ආනයන සීමාවන් ලිහිල් කළ දින සිට, සමස්ත වාහන ලියාපදිංචි කිරීම්වල සැලකිය යුතු වෙනසක් ඇති කරමින්, විවිධ නාලිකා හරහා වාහන ආනයනය කිරීමේ ශීඝ්‍ර වැඩි වීමක් පෙන්නුම් කෙරිණි. මෙම වාහන කිසිදු ආරක්ෂණ පරීක්ෂණයකින්, වගකීම් ක්‍රියාවලියකින් හෝ ආරක්ෂිත ආපසු කැඳවීමේ (Safety recall) ක්‍රියාමාර්ගයකින් සමන්විත බවට කිසිදු සහතිකයක් නොමැත. බලයලත් නියෝජිතයන් හරහා වාහන මිල දී ගැනීමෙන් ලැබෙන කිසිදු වාසියක් හෝ සේවාවක් මින් නොලැබී යා හැකි මෙන්ම, මේ නිසා පාරීභෝගිකයා වෙත ඉන් අවිනිශ්චිතබවක් හා පසුතැවීමක් ඇති වීමේ අවදානමක ඉඩකඩ පවතී. එබැවින් බලයලත් නියෝජිතයන් හරහා පමණක් වාහන මිල දී ගන්නා ලෙස CMTA විසින් ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරයි.
මෙම වැඩසටහන ඔස්සේ හුදෙක් පාරිභෝගික ආරක්ෂණ කාරණයක් ලෙස පමණක් නොව, ශ්‍රී ලංකාවේ වාහන අලෙවි ක්ෂේත්‍රය ආරක්ෂා කිරීම, සාධාරණ තරඟකාරිත්වය මෙන්ම රජයේ ආදායම ආරක්ෂා කිරීම වෙනුවෙන් අවධානය යොමු කරන බව CMTA අවධාරණය කළේය. මෝටර් රථ අලෙවි ක්ෂේත්‍රය තුළ සදාචාරාත්මක අලෙවිය සහ ආරක්ෂණ හා ගුණාත්මක ප්‍රමිතීන් සහතික කරන නියාමන ප්‍රයත්නයන් සඳහා මාර්ගෝපදේශකයෙකු ලෙස සිය අඛණ්ඩ සහාය තවදුරටත් ලබා දෙන බවට CMTA තවදුරටත් අවධාරණය කරයි.
මෙම වැඩසටහන ඔස්සේ, වාහන මිල දී ගැනීමට පෙර තම වාහනයේ මූලාරම්භය හා එහි ඉතිහාසයතහවුරු කිරීමට සහ සෑම විටම CMTAහි බලයලත් නියෝජිතයන් සමඟින් නව වාහන සඳහා ආයෝජනය කිරීමට පාරිභෝගිකයන් දිරිමත් කරයි. මෙමගින් සැමට වඩා යහපත්, ආරක්ෂිත, වඩා විනිවිදභාවයෙන් යුත්, තිරසාර මෝටර් රථ ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීමට සහාය වනු ඇත.