දෙසැම්බර් පළමු දින 08 තුළ 50,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට

0
touri-768x480

2025 දෙසැම්බර් 08 තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 50,222ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ සමඟම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 2,153,815ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දෙසැම්බර් මාසයේ පළමු දින 08තුළ 8,178ක ඉහළම සංචාරක පැමිණීම දෙසැම්බර් 2වැනි දින වාර්තා වී ඇති අතර එම කාල සීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවෙයි.

වසරේ මේ දක්වා ඉන්දියාවෙන් 485,249ක්, එක්සත් රාජධානියෙන් 195,565ක්, රුසියාවෙන් 164,013ක්, ජර්මනියෙන් 136,081ක් සහ චීනයෙන් 124,298ක් ලෙසින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *