ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් කාගිල්ස් ආයතනය පෙරට එයි
අර්බුධකාරී අවස්ථාවන්වල නිරන්තරයෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් වන කාගිල්ස්, මෙවරත් ගංවතුරෙන් විපතට පත් වූ අපේම ජනතාවට ශක්තියක් වීම සඳහා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ Cargills Heart For The Nation වැඩසටහනත් සමඟයි.
මේ මොහොතට අවශ්‍ය ක්ෂණික සහනයක් ලෙස දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශ වෙත වියළි ආහාර පාර්සල 10,000 ක් සහිත රථ කිහිපයක්ම පිටත් කර යැවීමට කාගිල්ස් ආයතනය කටයුතු කළ අතර, මෙම ආහාර ද්‍රව්‍ය වඩාත් අවශ්‍යම පවුල් වෙතට ළඟා වන බව තහවුරු කිරීම සඳහා රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් බෙදාහැරීමේ කටයුතු සිදුකෙරෙනු ඇති.
මෙම වැඩසටහන හුදෙක් ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමක් පමණක් නොවන අතර, මේ මොහොතේ විපතට පත් වී සිටින ජනතාවට නව බලාපොරොත්තුවක්, රැකවරණයක් සහ ඔවුන්ව කිසි විටෙක තනි නොකරමුයි යන පොරොන්දුව ඔවුන් වෙත ගෙන යනු ලබනවා.
මෙම වැඩසටහන හා සම්බන්ධ වීමට කැමති ඕනෑම අයෙකුට හා කාගිල්ස් ආයතනය හා සමබන්ධ වීමට හැකියාව ලැබෙන පරිදි මෙම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ හරහා තවත් පවුල් බොහෝ ගණනකට අවශ්‍ය සහාය හිමිවනු ඇති.
උපුටා ගැනීම : අරුණ