සෙනාරෝ ශ්‍රී ලංකා සමාගම SLIM විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මෙරට සන්නාමවල විශිෂ්ටත්වය අගයන SLIM Brand Excellence 2025 සම්මාන උලෙළ පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යවසාය සන්නාම සියල්ලම එක් වී සිටි මේ සුවිශේෂ අවස්ථාවේදී උසස් තත්ත්වයේ යතුරුපැදි දේශීයව එකලස් හා නිෂ්පානදය කරන සෙනාරෝ ශ්‍රී ලංකා සමාගම වසරේ විශිෂ්ටම නවමු සන්නාමය සහ වසරේ විශිෂ්ටම දේශීය සන්නාමය (SME) යන කාණ්ඩ යටතේ රිදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. 100%ක්ම ශ්‍රී ලාංකික සන්නාමයක් වන සෙනාරෝ ශ්‍රී ලංකා සමාගම ජාත්‍යන්තර සන්නාම සමග කරට කර රැඳෙමින් ඉතා වේගවත් අලෙවියක් සමග දේශීය වෙළෙඳපොළේ තම සළකුණ සනිටුහන් කර ඇත. 30%කට වැඩි දේශීය අගය එකතු කිරීමක් සහිතව එකලස් හා නිෂ්පාදන කටයුතු සිදු කරන සෙනාරෝ ශ්‍රී ලංකා සමාගම සෘජු සහ වක්‍ර රැකියා රැසක් නිර්මාණය කරමින් දේශීය ආර්ථිකය හා ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට කැපී පෙනෙන දායකත්වයක් දක්වයි.
සෙනාරෝ ශ්‍රී ලංකා සමාගම දේශීයව එකලස් කළ පළමු යතුරුපැදිය වන Senaro GN 125 ඉතා කෙටි කාලයකින් විශාල ජනප්‍රියත්වයක් ලබමින් දේශීය වෙළෙඳපොළේ වැඩියෙන්ම අලෙවි වන දේශීය යතුරුපැදි මාදිලිය බවට පත් වූ අතර ඉන් පසුව වෙළෙඳපොළට නිකුත් කළ Senaro Click 150i ස්කූටරයද ඉතා කෙටි කාලයකින් අතිශය ජනප්‍රියත්වයට පත් විය. නියමිත ප්‍රමිතියක් සහිතව නිපදවන මෙම නිශ්පාදන ලංකාවේ පුරා බෙදා හැරීම් සිදු කරමින් වර්තමානයේදී තම සන්නාමයෙහි ස්වර්ණමය යුගය සනිටුහන් කිරීමට සෙනාරෝ ශ්‍රී ලංකා සමාගමට හැකි වී ඇත. රට පුරා සිටින ව්‍යාපාර ප්‍රමුඛයන් රැසක් පැමිණි SLIM සම්මාන රාත්‍රියෙහි සිය අභිමානවත් ගමන් මාවතේ ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කළ සෙනාරෝ ශ්‍රී ලංකා සමාගම දේශීයත්වයේ සහ නවීනත්වයේ විශිෂ්ට පුරෝගාමියකු වන බව නොඅනුමානය. නුදුරු අනාගතයේදී සෙනාරෝ ශ්‍රී ලංකා සමාගම තවත් දේශීය නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය කාලයේදී දේශීය සහ විදේශීය සම්මාන රැසක් දිනා ඇති සෙනාරෝ සමාගම ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශ වීමටද සූදානමින් සිටී. 100%ක් මෙරට නිෂ්පාදිත යතුරුපැදි සහ ස්කූටර් ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වා දීම ඔවුන්ගේ මීළඟ අපේක්ෂාවයි.
උපුටා ගැනීම : දිවයින