Prime Residencies සහ Sanken Construction ‘The Colombo Border’ ව්‍යාපෘතිය වෙනුවෙන් අත්වැල් බැඳගනී

0
  • ‘The Colombo Border’ ව්‍යාපෘතියේ ‘Brielle Tower’ ඉදිකිරීම සඳහා Prime Lands Residencies PLC සමාගම Sanken Construction පුද්. සමාගම සමග ගිවිසුම්ගත වෙයි
  • කොළඹ නුවර මාර්ගයේ ඉදිවන මෙම සුවිශේෂී නිවාස ව්‍යාපෘතියේ සිට කටුනායක අධිවේගී මාර්ගයේ පිවිසුමට විනාඩි 2 කින්ද, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ නෙලුම් කුලුන වෙත විනාඩි 15 කින්ද, කොළඹ වරාය නගරය වෙත විනාඩි 20 කින්ද ළඟා විය හැක
  • අක්කර 5 ක හරිත උද්‍යානයක් සහිතව ඉදිවන ‘The Colombo Border’ ව්‍යාපෘතිය, නවීන ජීවන රටාවක සුවපහසුව සහ සුන්දර පරිසරයක සැහැල්ලුව මනාව එක්තැන් කරයි
  • පෙරළිකාරී 1% පහසු ගෙවීමේ ක්‍රමය යටතේ ගැනුම්කරුවන්ට මසකට 1% ක් වැනි සුළු ප්‍රතිශතයක් පමණක් ගෙවීමෙන් සුඛෝපභෝගී නිවසක හිමිකරුවන් බවට පත් විය හැක.

ශ්‍රී ලංකාවේ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Lands Residencies PLC සමාගමේ නවතම ව්‍යාපෘතිය වන ‘The Colombo Border’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. එහි ඉදිකිරීම් සිදුකරනු ලබන්නේ මෙරට ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක් වන Sanken Construction පුද්. සමාගම විසිනි. 1984 වර්ෂයේදී ආරම්භ වූ Sanken Construction පුද්. සමාගම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් සහිත සමාගම් අතරින් එකක් ලෙස සැලකේ.

සුඛෝපභෝගී නිවාස එකතුවකින් සමන්විත ‘The Colombo Border’ ව්‍යාපෘතියට නිදන කාමර 2 කින් සහ 3 කින් සමන්විත නිවාස මෙන්ම නිදන කාමර 4 කින් සමන්විත ‘Duplex Penthouses’ වර්ගයේ නිවාස සීමිත සංඛ්‍යාවක්ද ඇතුළත් වනු ඇත. විශේෂයෙන්ම තරුණ වෘත්තිකයන්ගේ රුචිකත්වයන්ට ගැළපෙන පරිදි, නවීනතම ගෘහ නිර්මාණාත්මක සැලසුම්වලට අනුව, ඉහළම තලයේ පහසුකම් සහිතව මෙම සුඛෝපභෝගී නිවාස ඉදිකෙරේ. මෙම නිවාස ව්‍යාපෘතිය කුලුනු 3 කින් සමන්විත වන අතර, ඒ අතරින් ‘Brielle Tower’ ඉදිකරනු ලබන්නේ Sanken Construction පුද්. සමාගම විසිනි.

ව්‍යාපෘති භූමිය අක්කර 6.5 කින් සමන්විත වන අතර, ඒ අතරින් අක්කර 5 ක්ම හරිත අවකාශයන් සඳහා වෙන් කෙරේ. ගහකොළ පිරුණු මෙම සුන්දර උද්‍යානය ‘The Colombo Border’ ව්‍යාපෘතියේ ඉහළම නාගරික පහසුකම් සහිතව දිවි ගෙවන නිවැසියන්ට ස්වාභාවික පරිසරයේ සුව සහනය සිත් සේ අත්විඳීමට අවස්ථාව සලසා දෙන කෙම්බිමක් වනු ඇත.

ප්‍රධාන පෙළේ සුඛෝපභෝගී ව්‍යාපෘති සම්බන්ධයෙන් Sanken Construction පුද්. සමාගමට දීර්ඝ ඉතිහාසයක් හා පළපුරුද්දක් ඇත. උසස්ම තත්ත්වය හා විශිෂ්ටත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන එම සමාගම මේ වනවිට ව්‍යාපෘති රාශියක් සාර්ථක ලෙස ඉදිකර තිබේ. ඉදිකිරීම්වල විශිෂ්ටත්වය සම්බන්ධයෙන් Sanken Construction පුද්. සමාගම සතු දැක්ම, Prime Lands Residencies PLC සමාගමේ දැක්මට බෙහෙවින් සමාන ය.

“The Colombo Border ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා අප Sanken Construction පුද්. සමාගම තෝරාගත්තේ ඔවුන් විශිෂ්ටත්වය සහ උසස් ප්‍රමිතිය සම්බන්ධයෙන් අපට බෙහෙවින් සමාන ආකල්ප සහිත සමාගමක් නිසයි. ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාව සම්බන්ධයෙන් Sanken Construction පුද්. සමාගමට ඉහළ පිළිගැනීමක් හිමි වී තිබෙනවා. එම නිසා නිවැසියන්ට නවීනතම පහසුකම් සමග විශිෂ්ටතම අත්දැකීමක් තිළිණ කරමින් සුඛෝපභෝගී ජීවන රටාවන් සම්බන්ධයෙන් නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට The Colombo Border ව්‍යාපෘතියට හැකියාව ලැබේවි.” Prime Lands Residencies PLC සමාගමේ සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවා ය.

“The Colombo Border ව්‍යාපෘතිය වෙනුවෙන් මේ ආකාරයට Prime Lands Residencies PLC සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. සෑම ව්‍යාපෘතියකදීම අප උත්සාහ කරන්නේ අප වෙත පැවරුණු වගකීම අපගේ සේවාදායකයන් බලාපොරොත්තු වන මට්ටමටත් වඩා හොඳින් ඉටුකිරීමටයි. අපගේ විශේෂඥ දැනුම හා පළපුරුද්ද ඔස්සේ මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගනිමින්, කොළඹ නගරයේ නාගරික ජීවිතයට තවත් සුවිශේෂී නිවාස එකතුවක් තිළිණ කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා.” Sanken Construction පුද්. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක මහතා පැවසී ය.

The Colombo Border ව්‍යාපෘතියේ මූලික අදියර (Piling) මේ වනවිට අවසන් වී ඇති අතර, ඉන් පසු අදියරේ (Super structure) ඉදිකිරීම් කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී. මෙම නිවාස එකතුව 2027 වසරේදී නිල වශයෙන් විවෘත වීමට නියමිත ය.

The Colombo Border ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.primeresidencies.lk වෙත පිවිසෙන්න. නැතිනම් 0710777333 අමතන්න.

උපුටා ගැනීම: අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *