මේ ඔක්තෝබරයේ අපනයන ආදායම ඉහළට

0

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 ඔක්තෝම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,097.1 ක් වූ අතර එය 2023 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 18.22% ක වර්ධනයක් වාර්තා විය. ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු සහ සාන්ද්‍රිත නිශ්පාදන වේ.

තවද, 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 ඔක්තෝම්බර් මාසයේදී අපනයන කාර්ය සාධනය 8.44% කින් වැඩි විය.

2024 ඔක්තෝබර් මාසය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 323.17 ක් වූ අතර එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 19.75% කින් වැඩි විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2024 ඔක්තෝම්බර් මාසය සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයනය, 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 18.57% ක වර්ධනයක් සහිතව, ඇමෙරිකානු ඩොලර් මිලියන 1,420.27 ක් ලෙස වාර්තා විය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය. “2024 ඔක්තෝම්බර් මාසයේදී අත්කරගත් කැපී පෙනෙන අපනයන කාර්ය සාධනය ගැන මම නිහතමානීව අගය කරමි. වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයනවල (18.22% වර්ධනය) සැලකිය යුතු ලෙස වැඩිවීම යහපත් ප්‍රවණතාවයකි. අපනයන ක්ෂේත්‍රයේ සියළුම පාර්ශ්වකරුවන් සිදුකරන මෙම කැපවීම පිළිබදව මම ප්‍රශංසා කරන අතර අපගේ අපනයන විභවයන් තවදුරටත් ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීමට ඉදිරියේදී අප සියළු දෙනා ඒක්ව කටයුතු කරමු”

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *