ශ්‍රී ලාංකේය විශ්වාසය දිනූ ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ෂැම්පු සන්නාමය, වැඩි දියුණු  කළ Dandex නව මුහුණුවරකින්

0

මනරම්, නිරෝගී කෙස් කළඹක් යනු පුද්ගලයෙකුගේ රූපය මෙන් ම පෞර්ෂය ද ඔප් නංවන්නකි.  එබැවින් හිසකෙස් සඳහා මනා සත්කාරය අපගේ දෛනික චර්යාවේ කොටසක් විය යුතුය.  නිරෝගී කෙස් කළඹක් සතු වීම අපගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට මෙන් ම සමාජය සමඟ හොඳින් ගනුදෙනු කිරීමේ අවස්ථාව ද ලබා දෙයි. වර්තමානයේ බොහෝ දෙනෙක් ඉස්සොරි වදයෙන් පීඩා විඳින අතර එම ගැටලුව හේතුවෙන්  සැහැල්ලුවෙන් සමාජගත වීමට නොහැකි වී තිබේ. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව රැකියාව ඇතුළු දෛනික කටයුතුවල දී මානසිකව පීඩා විඳින ගැටලුවක් බවට ඉස්සොරි පත්ව ඇත.  උරහිස් මත ඉස්සොරි වැටී තිබීම,  අන් අය තමන් පිරිසිදු නොවන බව සිතීම, තමන්ට පහසු, කැමති කොණ්ඩ විලාසිතා කිරීමට නොහැකි වීම යනාදී කරුණු කාන්තා පිරිමි දෙපාර්ශවයේම ආත්ම විශ්වාසය බිඳ වැටීමට බලපායි. ජනගහනයෙන් 50%ක පමණ පිරිසක් මෙසේ ඉස්සොරි ගැටලුව නිසා පීඩා විදියි. මේ ගැටලුවට විසඳුම් දෙමින් නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට හිසකෙස් සඳහා මනා පෝෂණයක් ලබා දෙන, ඉස්සොරි නසන නිෂ්පාදනයක් භාවිත කිරීම අත්‍යවශ්‍යය.  ශ්‍රී ලාංකේය ජනතාවගේ කෙස් කළඹ ආශ්‍රිත ගැටලු සඳහා නිසි විසඳුම් ලබා දෙමින්  දශක ගණනාවක් පුරා මෙරට පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගෙන සිටින නිෂ්පාදනයක් ලෙස 2022 වසරේ සිය 30 වන සංවත්සරය සමරන Dandex ෂැම්පු නිෂ්පාදනය ද හඳුන්වා දිය හැකිය.

1992 වසරේ දී, Hemas Consumer Brands විසින් සායනික ෂැම්පු නිෂ්පාදනයක් ලෙස  වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් Dandex ෂැම්පූ  ඉස්සොරි සඳහා විශේෂිත ෂැම්පු නිෂ්පාදනයක් ලෙස මෙරට පාරිභෝගික ජනතාව අතර වඩාත් ජනප්‍රියය. වසර 30ක විශ්වසනීය ඉතිහාසයක් සතු Dandex අද වන විට නව වැඩි දියුණු  කළ Dandex Cooling + Relief, Dandex Hair Fall Control, Dandex Deep Clean + Nourish Shampoo,  යන anti-dandruff ෂැම්පු ප්‍රභේදයන්ගෙන් සමන්විතයි.  තරුණ පරපුරේ  ඉස්සොරි සහ හිස්කබල ආශ්‍රිත ගැටලු සහ ඒ නිසා සමාජීය පරිසරයේ දී මුහුණ දෙන අනෙකුත් ගැටලු අවබෝධ කර ගත් Dandex, මෙම නව හඳුන්වාදීම් තුළින්  විසදුම් ලබා දෙන්නේ පළමු සේදීමෙන්ම පටන් ඉස්සොරි ඉවත් කරන විශ්වාසය මෙන්ම භාවිතයෙන් පසු නැවුම්, ප්‍රබෝධමත් බවක් ද ලබා දෙමිනි.

මීට අමතරව Dandex පවුලට නව සාමාජිකයෙක් ලෙස “Dandex හි Head & Hair” නමින් නව ෂැම්පු නිෂ්පාදන පෙළ එක් වෙයි. හිස් කබලටත්, හිස කෙස්වලටත් පෝෂණය ලබා දීම සඳහා සකස් කර ඇති මෙම Head & hair නිෂ්පාදන පෙළ ඉස්සොරි ඉවත් කර සුසිනිඳු සහ සුමුදු කෙස් කළඹක් ලබා දීමට විශේෂිතව නිෂ්පාදනය කර ඇත.  Dandex Head & Hair නව නිෂ්පාදන පෙළ Power Moisture,  Strong & Nourish සහ  Healthy & Fresh යන අද්විතීය ෂැම්පු ප්‍රභේද  03කින් වෙළඳපොළට හඳුන්වා දෙන්නේ ලංකාවේ කාන්තා පාර්ශවයට ගැලපෙන සහ ඔවුන්ගේ හිසකෙස් ආශ්‍රිත ගැටලුවලට අදාළ විසඳුම් ලබා දීමටයි.  Dandex Head & Hair 2 in 1 විශේෂඥයෙක් ලෙස විශේෂිතව වෙළඳපොළට හඳුන්වා දෙන්නේ, ඉස්සොරිවලට වෙනම නිෂ්පාදනයක් සහ සිනිඳු කෙස් කළඹක් වෙනුවෙන් වෙනම නිෂ්පාදනයක් ලෙස, ෂැම්පු වර්ග දෙකක් මිල දී ගැනීමට වෙහෙස වන කාන්තාවන්ගේ ගැටලුවලට  විසඳුම් ලබා දෙමිනි. 

පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් මෙරට වෙළඳපොළ තුළ සිය ස්ථානය තහවුරු කරගැනීමට  සමත් වී ඇති Dandex ෂැම්පු 100% ක් දේශීය නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දිය හැකිය. Dandex හිස් කබලේ තෙතමනය ආරක්ෂා කර, හිසකෙස්වල නිරෝගී වර්ධනයට සහය වෙමින් නිරෝගී, දීප්තිමත් කොණ්ඩයකට අවශ්‍ය පෝෂණය සපයමින් හිස කෙස් වැටීම අවම කරයි. එසේම හිස්සොරි ගැටලුවලට පිළියම් දෙමින් හිස්සොරි සමනය කිරීමට උපකාර කරන්නේ හිසකෙස් සහ හිස්කබල පෝෂණය කරමිනි. Dandex වෙතින් සපයන මෙම අද්විතීය පෝෂණීය සත්කාරය, හිස්සොරි නිසා පීඩා විඳින සියලු දෙනාටම හිස නිදහසේ ඉදිරියට යාමට මග සලසන්නේ ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩ නංවමිනි.  ශ්‍රී ලංකාවේ සෑම පවුලකම, සෑම සාමාජිකයෙක්ටම ගැලපෙන, කාන්තා පිරිමි බේදයකින් තොරව භාවිතා කළ හැකි  තාරුණ්‍යයේ විශ්වාසය හා ආකර්ෂණය දිනූ එකම ෂැම්පු සන්නාමය  වන Dandex මෙරට පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි ඉතා හොඳ අවබෝධයකින් යුතුව, සායනික පරීක්ෂණ ගණනාවකට ලක් කරමින් නිෂ්පාදනය කර වෙළඳපොළට හඳුන්වා දී ඇත.   

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *