ස්වදේශී කොහොඹ, අලව්ව ප්‍රාදේශීය රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි.

0

ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ, ස්වදේශී කර්මාන්තායතනය විසින් අලව්ව ප්‍රාදේශීය රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය දිරි ගන්වන ලදි. ‘ස්වදේශී කොහොඹ ප්‍රජා සත්කාරය’ යන තේමාව යටතේ දියත් කළ  මෙම පරිත්‍යාග වැඩසටහන, අලව්ව ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමට සහ රෝගීන්ට වඩා හොඳ රැකවරණයක් ලබා දීමේ අරමුණින් සිදු කෙරිණි. ස්වදේශී කොහොඹ සෑම විටම දේශීය ප්‍රජාවන්ට සහාය වීමෙන් ශ්‍රී ලංකාව තුළ ධනාත්මක බලපෑමක් ඇති කිරීමට කැප වී සිටියි. මෙය ස්වදේශී විසින් සිදු කරන ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනකි.

ස්වදේශී කර්මාන්තායතනයේ  සභාපතිනිය, අමරි විජයවර්ධන මැතිණිය පැවසුවේ දේශීය සමාගමක් ලෙස, අපගේ ජනතාවට වඩාත් යහපත් සෞඛ්‍යාරක්ෂාවකට ප්‍රවේශය ලබා දීම සිය ආයතනික වගකීමක් ලෙස ඔවුන් සලකන බවයි.

100%ක් දේශීය සමාගමක් ලෙස ස්වදේශී, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත.  ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි.  සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” ඔස්සේ දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය, කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ආගමික ස්ථාන, පාසල් සහ ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය වැනි සත්කාරයන් සිදු කරයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට අපි කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100% ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.සැබෑ ශ්‍රී ලාංකේය සමාගමක් වන ස්වදේශී පසුගිය වසර 80 තුළ සිය  සන්නාමය තුළින් කර්මාන්තයේ ප්‍රථමයා බවට විවිධ නිෂ්පාදන යටතේ පත් වී තිබේ.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලදී. ස්වදේශී කර්මාන්තායතනය විසින් වෙළෙඳපොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී  කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, ලක් බා(ර්), සේෆ්ප්ලස්,  බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ හෑන්ඩ් වොෂ්, කොහොඹ බොඩි වොෂ් සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ

එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන්  වන රාණි සදුන් නිෂ්පාදනය හා  අලෙවිය සිදු කරයි.

සෑම ස්වදේශී නිෂ්පාදනයක්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ සහතික කර ඇත. එමෙන්ම, ස්වදේශී නිෂ්පාදන සඳහා යොදා ගන්නා සුවඳ ගන්වන, ජාත්‍යන්තර විලවුන් සංගමය (IFRA) මගින් අනුමත කර ඇති අතර, සෑම නිෂ්පාදනයක්ම ISO 9001 – 2015 තත්ත්ව සහතික යටතේ නිපදවා තිබේ.

Photo Caption:

ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය, රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිලන්ත ප්‍රේමරත්න මහතා ඇතුළු ස්වදේශී ආයතනයේ නිලධාරීන්   වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරමින් 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *