පැල්වත්ත විසින් සිය කිරි එකතු කිරීමේ, බෙදාහැරීමේ සහ විකුණුම් මධ්‍යස්ථානයක් අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේදී විවෘත කරයි.

0

ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් කිරි එකතු කිරීමේ, බෙදාහැරීමේ සහ විකුණුම් මධ්‍යස්ථානයක් පසුගියදා අනුරාධපුරයේ කැකිරාව ප්‍රදේශයේදී විවෘත කරන ලදී. පැල්වත්ත අලෙවිසැල් ජාලයේ 15 වන කිරි නිෂ්පාදන අලෙවිසැල මෙයයි.

පැල්වත්ත සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “කිරි එකතු කිරීම, බෙදාහැරීම සහ විකිණීම එකම ස්ථානයකින් සිදු කිරීමේ අරමුණින් පැල්වත්ත විසින් මෙම මධ්‍යස්ථානය නිර්මාණය කරනු ලැබුවා. මේ ආකාරයේ ඒකාබද්ධ,  කිරි එකතු කිරීමේ සහ විකුණුම් මධ්‍යස්ථානයක් මගින් කිරි එකතු කිරීමට ගතවන කාලය සහ පිරිවැය අවම කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. අපි දැනටමත් අපගේ කිරි ගොවීන්ගෙන් දිනකට කිරි ලීටර් 150,000 ක් පමණ එකතු කරගන්නවා. මෙම මධ්‍යස්ථානය හරහා එම කිරි ප්‍රමාණය වැඩි කරගැනීමට සහ ක්‍රියාවලිය තව තවත් විධිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. තොග සහ සිල්ලර පාරිභෝගිකයින්ට මෙම මධ්‍යස්ථානයෙන් අපගේ නිෂ්පාදන මිලදී ගත හැකියි”.

එකම ස්ථානයකින් කිරි එකතු කිරීම, බෙදාහැරීම සහ විකිණීම සිදු කිරීම හරහා  කිරි සැපයුම්කරුවන් හා වෙළඳපල අතර  යහපත් සම්බන්ධතාවයක් ගොඩනැගීම තුලින් වඩාත් කාර්යක්‍ෂම සේවාවක් පාරිභෝගිකයින් වෙත ලබා දීම පැල්වත්තෙහි අරමුණයි.

“පැල්වත්ත සමාගම විසින් දැනටමත් මෙම ප්‍රදේශයේ කිරි නිෂ්පාදන වෙළඳපොලේ වැඩි කොටසකට හිමිකම් කියනවා. මෙම නවතම විකුණුම් මධ්‍යස්ථානය හරහා, පවතින වෙළඳපල කොටස වැඩි දියුණු කරගැනීමටත් මෙම නිෂ්පාදන කලාපයේ පාරිභෝගිකයින් වෙත හැකි ඉක්මනින් අවශ්‍ය නිෂ්පාදන සැපයීමටත් අපට හැකියාව ලැබෙනවා”.  කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

පැල්වත්ත කර්මාන්තශාලා දැනට  දිනකට නැවුම් කිරි ලීටර් 150,000 කට වඩා වැඩි ප්‍රමාණයක් හසුරවනු ලබයි. උසස් තත්ත්වයේ කිරි සැපයුමක් පවත්වා ගැනීම සඳහා සමාගම විසින් සිය ගොවීන්ට නිරතුරුවම දිරිගැන්වීම් ලබා දීම සිදු කරයි.  ශ්‍රී ලංකාව පුරා සිටින කිරි ගොවීන්ගෙන් 10,000 කට ආසන්න ප්‍රමාණයකට පැල්වත්ත සිය දායකත්වය ලබා දෙයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *